අරුණැල්ල

දේවකී සහ රාමායි දෙදෙනාම විවාහක ය. නව වන ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන ඇති අතර විවාහ වීමෙන් පසු දෙදෙනාම මේ වත්තට පැමිණියහ. දෙදෙනාටම ද‍රුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් ද එලෙසම ඉනෙ ගත් අය වූ අතර ඔවුහු පරම්පරාවෙන් ද කුලී කරුවෝ වෙති.

වාසනාවකට මෙන් දේවකී හා රාමායි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා තරග කිරීමට අවස්ථාවක් ලබා ගත් අය වේ. වතු කම්කරු සංගමයේ නායකයන්ට පින් සිදු වන්න දේවකී හා රාමායිට වාසනාව එලැඹිණ. ඔවුහු දෙදෙනාම පාර්ලිමේන්තු ඡන්දයට අපේක්ෂකයන් ‍වශයෙන් තරග කළහ.

දෙදෙනාම කතා කිරීමේ දක්ෂතාව ඇති අය වීමද රටේ තොටේ සිදුවීම් ගැන දන්නා නිසාද පොත් පත් හා දිනපතා විස්තර ඉඩ ලැබෙන අවස්ථාවල කියවන නිසාද මේ වත්තේ කම්කරුවන් අතර නව වන ශ්‍රේණිය දක්වා උගත් අය වීමද ඔවුන් අපේක්ෂකයන් වීමට හේතු වූ බව වත්තේ කතා බහ කරති.

මැතිවරණ සමයේ හැකි අන්දමින් වේදිකාවල කතා කරමින් ලයිම් ගානේ ගොස් ඡන්ද ව්‍යාපාර මගින් තම දක්ෂතාව පෙන්වා වැඩ කළ ද අවසානයේ පරාජයට පත්වීම බලාපොරොත්තු වූ සේ සිදුවුණි. නමුත් සමාජය වෙත යොමු වූ ඔවුන්ගේ අවධානය නිසා කම්කරුවන්ගේ ජීවන රටාව වෙනස් කිරීමේ අදිටන ඔවුන් තුළ වැඩි දියුණු විය.

පිරිස තේ දලු කැඩීමේ නිරත වූහ. තේ ගස් වවා ඇත්තේ එක්තරා ක්‍රමයකට ය. දේවකී හා රාමායි ද තේ දලු කැඩීමේ නිරත වූහ. දෑත් භාවිතා කරමින් ඇඟිලි තුඩුවලින් තේ දලු කැඩීම කලාවකට සිදුකරන්නේ ඔවුන් නොදැනුවත්වයි. භාරත නාට්‍යංගනාවන් සේ අත් දෙක චලනය කරමින් මේරිච්ච කොළ හඳුනා නොකඩ‍ා ද ළා දල්ල නොකඩා ද තෝරමින් දලු කඩන ලාවණ්‍ය යය කෙනෙකු මවිතයට පත්කරන සුලුය.

“ඒයි මොකද නිශ්ශබ්ද”? දේවකී ගේ හඬ ඇසූ රාමායි “නැහැ ඊයේ රෑ මම කියවපු පොතක් ගැන මතක් වුණා. සුද්දෙක් ලියපු පොතක් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. අපේ අතීතය මතක් වුණා ඒකයි.”

දකුණු ඉන්දියාවේ සමහර පළාත්වල දුප්පත්කම රජකරමින් තිබුණා. අසරණ තත්ත්වයට පත්ව සිට අපේ මුතුන්මිත්තන්ව පහසුවෙන් රවටා ගත් සුද්දන් ඔවුන් ගේ තේ වතු හා කෝපි වතුවල වැඩ කිරීම සඳහා කුලීකරුවන් ලෙස ගෙන්වා ගන්න පටන් ගත්තා. ලංකාවට එන්න කැමැති අයට මුදල් දීමෙන් ඔවුන් රවටා නොයෙකුත් දේ දෙන බව පොරොන්දුව දී පිරිස ගෙන්වා ගනිමින් ඔවුන්ට දුන් පොරොන්දු සියල්ල අමතක කළේය.

ඒ කාල වකවානුවේදී මුහුදු ගමන් පමණක් කළ යුතුව තිබිණ. එයද කිසිදු ආරක්ෂා සහිත වූවක් නොවීය. බෝට්ටු හා නැව්වල ගමන් කළ පිරිස් ලංකාවට ගොඩ බාන තුරු කිසිදු වගකීමකින් තොරව ගමන් කිරීමට සිදුවිය. ජීවිතය පරදුවට තබා එන ගමන සුළි සුළං සැඩ කුණාටු ඇති වූ විට එයට ගොදුරු වීමට ද සිදුවේ.

මෙ වැනි භයානක තත්ත්වයක් ගැන සිත බැලීම පවා අපහසුය. පසුව ගිනියම් වේ. කෙසේ හෝ පත්තරවල සඳහන් වූ නිසා අපට දැනගත හැකි වූ නමුත් එවැනි සටහන් කිරීමක් නොවුණා නම් කෙසේ හෝ දැනගත හැකි වේද? මෙසේ නොදැනුවත්ව කී දෙනෙක් මිය ගොස් ඇත්ද? දුක්මුසු ස්වරයෙන් පවසා රාමායි සුසුම් හෙළුෑ අතර දේවකි කථා කළ නොහැකිව පිළිමයක් සේ බලා සිටියාය.

“මොකද ළමයි”?” ඉක්මනට කඩන්න. දලු හොඳට තියෙනවා. “ඩක්කු” ලොරියක් තව ටිකෙන් එනවලු දලු ටික කිරලා ලොරියට පටවන්න ඕන. ඉක්මනට කඩන්න කතාව නවත්තලා” කංගානම් උස් හඬින් වට පිට බලමින් කෑ ගසා කී අතර හැ‍මෝම ඔහු දෙස බැලූහ.

සුළු වේලාවක නිශ්ශබ්දතාවකින් පසු රාමායි හා දේවකි නැවත කතාවට වැටුණ ද තේ දලු කැඩීමට ද කඩිසර වූහ.

රාමායි නැවතත් තමා කියවූ පොත ගැන කතා කරන්නට පටන් ගත්තාය.

දකුණු ඉන්දියාවෙන් ලංකාවට එන පිරිස ‍ගොඩ බස්සන ලද්දේ උතුරු මුහුදු වෙරළේය. එහි සිට කඳුකරය දක්වා ගමන පයින්ම ආයුතු විය. සති ගණනාවක්, හරි හැටි කෑම බීම නැතිව වනාන්තර මැදින් අඩි පාර දිගේ බියෙන් බියෙන් ඇවිද ගෙන එන විට ඊළඟ මොහොතේ කුමක් සිදුවේද යන්න නොදන්නේය.

එසේ එන අතරමැද සමහර විට බඩගින්න හරියාකාරව නිවාගත නොහැකි වේ. වන සතුන්ගේ හිරිහැර රැසකට මුහුණ දිය යුතුවෙයි. එළිය නොවැටෙන අඳුරු ඝන වනාන්තරයේ වන සතුන්ගේ හඬ සිත් තැති ගන්වන සුලුය. නයි, පොලොංගු, දිවියන් කොටි වැනි දරුණු සතුන් ද ගැවසෙන වනාන්තර මැද ඇවිද ගෙන ඒම කොයිතරම් අනතුරුදායක ද? විෂ සර්පයන් හා කොටි වලසුන් ගෙන් ඔවුන්ට කුමක් සිදු වේද? කෙසේ නම් දිවි රැක ගන්නද? ඔවුන් ගේ මේ තත්ත්වය කෙසේ නම් සිතා බැලීමට පුළුවන්ද? කොයි මොහොතේ කුමක් සිදුවේදැයි නොදැනුවත්ව ඔවුන් විඳින දුක කියා නිම කළ නොහැක.

‍ෙම් දුක්බර කථා ඇසූ දේවකි “ඇති ඇති දැන් නවත්තගන්න. නැතිනම් මාව කලාන්ත වී වැටෙයි කියමින් අපේ නෑදෑයෝ දෙන්නෙක් වවුනියාවේ සිට ඊට පැමිණියා. අවුරුදු එකසිය පණහට පමණ අතීත කථාව ඔයා කිව්ව වගේ මෑතක දී උතුරේ යුද බිමේ දී සිදුවීම ඊට දෙවැනි නැහැ බං යැයි කීය.

“ජාතිවාදි කලබල පටන් ගෙන එය ටික ටික වැඩි වෙමින් පැවැත්වූ කාලයේදී ඒ අය කිලිනොච්චියට ගොස් ජීවත් වුණාලු. එහේ ඉඩකඩම් ගෙවල් දොරවල් සමඟ හොඳින් සිටි බව කියාගෙන මෙහි වරක් දෙකක් ඇවිල්ලත් ගියාලු.”

යුද්ධය පටන් ගත් පසු එයට හසුවී අන්තිමයට මුල්ලියවායික්කාල් යුද බිමෙහි හමුදාව විසින් අල්ලා ගෙන ගොස් අනාථ කඳවුරුවල ලගිමින් පුනරුත්ථාපනය වෙමින් දුක්බර ජීවිතයක් ගෙවමින් සිටිති.

ඒ විතරක් නොවෙයි, ටික කලක් බංකර වලද වෙන වෙන ස්ථානවල කල් ගෙවූහ. සමහර අවස්ථාවල මිනිකඳන් උඩ ඇවිදිමින් ද ෂෙල් වැදී තුවාල වෙමින්ද කල් ගෙවූ අවස්ථා ද විය.

“හිතලා බලන කොට නොයෙකුත් දේවල් කල්පනා වෙනවා. නැති බැරිකම දුරු කිරීමටත් දුප්පත් කමෙන් මිදෙන්නටත් කියා ජීවත් වෙන්න ඇවිත් ඝන වනාන්තරවල දුක් වීමට ලක් වූ අපගේ පරම්පරාව කුස ගින්නෙන් දරුණු වන සතුන්ගෙන් හා විෂ නයි පොලොඟුන්ගෙන් බේරී ලේ දහඩිය වගුරවමින් පටන් ගත් ජීවිතය අද වනතුරු දුකින් ගෙවීම කෙසේ නම් ඉවසා ගන්නද?”

වැඩ නිම කොට රාමායි හා දේවිකා ගෙදරට ගොඩ වූහ. දෙදෙනාගේම හිත් තුළ කිව නොහැකි අන්දමේ යම්කිසි බලපෑමක් ඇතිවිය.

රාමායි ගෙදර ගොඩ වූ විගස පැදුරක් එළා ඇල වූවාය. ඇයට ඔවුන් කථා කළ දැ අමතක කළ නොහැකි විය. නැවත නැවතත් එය සිහියට නැඟුණි.

“ඒයි ‍මොකද නිඳාගෙන... ඇයි ඇඟට හරි නැද්දැයි” අසමින් ඇය ළඟට පැමිණි සැමියා ඇයගේ නළලෙහි අත තබා ඇසීය. “ඔව් තාත්තේ අම්මා වැඩ ඇරී ආපු ගමන් පැදුර එළා නිදාගත්තා.” යැයි දුව පැවසුවාය.

නැගිට වාඩි වූ රාමායි තමා කියවූ පොත ගැන සියල්ල ඔහුට පැවසුවාය.

හරි හරි.... මම වේල පහෙන් ඇවිත් කෑම හදා කාලත් ඉවරයි. ඔයාත් නැගිටලා මුහුණ කට හෝදා කෑම ටික ගන්න කියමින් ඒ පොතේ පිටු කිහිපයක් ම මමත් කියැව්වා. මේ ටිකකට කලින්... ඔව් ඒ පොත කියවන කොට මටත් එක්තරා අන්දමක බලපෑමක් ඇති වුණා.

ඒ විගස රාමායිගේ ගෙදරට ගොඩ වූ දේවකි, “ඇයි ඇඟට සනීප මදි” දැයි අසමින් තමන් තුළ ඇතිවූ එවැනිම බලපෑමෙන් ඇයද පෙළෙන බව හඳුනාගෙන ඇයව නැගිට්ටෙව්වාය.

දුක් විඳින සමාජයක ජයග්‍රහණය සඳහා මඟ පෙන්වීම් නොලැබේද? මඟ පෙන්වන්නන් ඉදිරිපත් නොවේද? බිහි නොවේද? අඳුරෙන් එළිය කරා පා නැගිය යුතුමය. එය සිදු වෙන්නේ කසේද? කවදාද?

පරිවර්තනය- වත්තල එම්. සුබ්‍රමනියම්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.