කවි කල්පනා

සිටු­ගෙ­දර මල් ගස

දරා­ගෙන මල් රැසක්
හිනැ­හේය තුරු හිසක්
සුවඳ, හැඩ­රුව මිසක්
මුසු නොවුණු වස­වි­සක්

සරු පොහොර මුසු පසක්
දියෙන් තෙත සිසි­ල­සක්
මිස නොවිඳි සර­තැ­සක්
එය, සිටු­ගෙ­දර මල් ගසක්

අතින් ගෙන හිස් පැසක්
නඟා මුව මඳ­හ­සක්
ඇදු­ණාය උවැ­සි­යක්
‍සොයා මල් ඇති ගසක්

ගෙවී ගිය මුළු මසක්
නොලැබ වැහි මුහු­ල­සක්
ඉපල් වූ තරු මිසක්
හමු නොවිණි මල් ගසක්

මැඳුර නොපෙ­නෙන උසක්
හිමි පවුරු පද­නම් මිසක්
නොම දිටී කිසි ඇසක්
සිටු­ගෙ­දර මල් මිසක්


අජිත් නිශාන්ත


ආද­රය

ඔබ මා හමු වන තුරු
ගෙතු­වෙමි දහ­ස­කුත් කව්
ආද­රය, සෙනෙ­හස මේයැයි කියා
සිත්තම් කළෙමි එලෙ­සම

ආද­රය කිම­යැයි කියා
කළෙමි දේශා­ට­නය
මිතුරු කැල හා
සිත් විඳි­න්නට ඇති පුරා

එහෙත් මම දැන්
ආද­රෙයි ඔබට
එක තැන කර­කැවී, අක්‍රීය වී

නැවතී ඇත මා දිවිය
ඔබ අබි­යස,
ඔබ හැරෙ­න්නට
අන් ලොවක් මට නැති නිසා


සමන් හේරත්


 ඈ

මන බන්දනී
හද රන්දනී
නෙතු කැන්දනී
නුඹ නන්දනී

සෙනෙවි ගුණ­ව­ර්ධන


දිය­වන්නා ගීතය

විය­පත් සිත­කට පවනේ සඟවා පර වුණු කුසු­මක් සෙනේ­හයේ
සුසි­නිඳු සියු­මැලි සුවඳ උරා­ගෙන මල් පූදි­නවා පබා­තයේ

හඬන්න අහ­සට වැහි දිය මඳි දා දිය­වැල් වී දිය­ව­න්නාවේ
සැඟවී ඉන්නම් මරු මඟ එන තුරු පාළු නිසා දිවි සැන්දෑවේ

තරු මල් පූදින සඳ අම්බ­රයේ නුඹ නෙතු මා නෙතු වී යාවේ
ආදර ගං දිය ගලා ගියාවේ මත කොවු­ලිඳු ගී ගැයු­වාවේ

ජය­ම්පති අල්ගම


රැව­ටීම

ජීවිතේ අඳුරු අම්බ­ලමේ
මර­ණයේ ආඩ­පාලි හඬ අස-අසා...
ඇසට හසු වන රූප­ය­න්ගෙන් මත්ව
කන සොයන විප­රීත

ශබ්ද­යෙන් කුල්මත්ව
සමට දැනෙන ස්පර්ශ­යට
ආද­ර­ය­යැයි කිය-කියා
රූප­යට වසඟ වී...

හැඳ සළු­පිළී
සරු­ව­පි­ත්තල ලොවක් මවා
රව­ටයි අපි අපේම සිත...
චාටු බස් දොඩ-දොඩා
මෝහ­යෙන් මන්මත්ව
රව­ටා­ග­නිමු අපි අපේම සිත...


සුමිත් ප්‍රිය­ද­ර්ශන


ඔබ කළ යුතුව ඇත...

අප­වත් වුණා ගරු නාහිමි දවුල් දෙණ
විප­තක් වුණා එය හැම සිත් තැවුල් දෙන
උප­නත් දෙව්ලොවේ කළ පින් කුසල් ගෙන
සැප­වත් නිවන් පත­නෙමු අපි සියල් දන

හිස් වී ගිය හෙයින් සකු බස් මහරු කෙත
තොස් කොට නැවත සරසා ගත යුතුව ඇත
විස්කම් නොස­ඟවා ඔබ හද­ම­ඬල මත
දස්නක් කර මුදනු මැන සකු සොඳුරු කත

දහ­මට ළැදිව සර­සවි සිප් සතර දෙන
සහ­යෝ­ග­යෙන් මැද පිළි­වෙත හසු­රු ­වන
මහ­නා­හිමි අඩුව සපු­රන තරළ මිණ
මහ ඇදු­රි­ඳු­තු­මනි, ඔබ මිස කවුරු වෙන

සකු බස උසු­රු­වන විට දෙවි­ව­රුන් බැස
අකු­රට සුමට පිළි­තුරු කළ යුතුය බස
මුකු­ළිත නොව­න්නට අප ලක්ම­වගෙ ඇස
විකු­මැති පෙළ­හ­රක් පෙන්වනු ඉදිරි පස

සඳ­ම­ඬ­ල­කින් එන සොමි රැස් දහර දොවා
පද බැඳ සකු මගද එළු බස රසය නවා
විඳ විඳ රස පහස දෙන්නෙන් හදෙහි හොවා
අද සුරු­ගුරු ඔබයි පෙර’පර දෙදිග පවා

නුඹ ගැබ සඳ මඬල ලෙස නැඟී මෝරන
සබ මැද ගැටලු හැර දී වියත් තීරණ
බබ­ළන ඔවා මිණි දී ශිල්ප ධාරණ
ඔබ කළ යුතුව ඇත සකු විකුම පූරණ

සොල්වා ඔබේ නැණ පබැ­ඳුම් එළිය දිදී
'කල්ප­ලතා', 'නැණ සිළු­මිණ' තරග වදී
මල් හට­ගැනී 'දූ ගීතය' සුවඳ විඳී
දුල් කර තබ­නන්ට මගෙ පොඩි දැනුම මදී

චන්ද්‍රිකා දිසා­නා­යක


පිනි­බිඳ

සීත පිනි­බිඳු වැටී මුව මත
බිඳී විසිරී යළිත් මිහි මත
ඉකි ගසා රෑ පුරා දෙඩුවේ
සොඳුරු අහ­සට පිදූ සෙනෙ­හස

තාරකා මල් පිපී හිනැ­හුණ
සොඳුරු අහසේ රුවට පෙම් බැඳ
වලා සළු­වක් නැඟී හිනැහී
පෙනී දිස් වන මහ අපූ­රුව!

සොඳුරු රැය ආන­න්ද­වත් කර
උදා විය සුන්ද­රම පුන් සඳ
අහස සඳ හා සෙමෙන් පෙම් බැඳ
කඳුළු බිඳු­වක් උනා පිනි බිඳ

වගීෂා ඕෂිණි


විපුල්

සඟ­වන්න එපා හස­රැල්
දල්වන්න එපා ගිනි­දැල්
කීවත් දල්වා ගිනි­දැල්
නික්මිලා ඔබ ගියා, විපුල්

සැඟ­වූයේ හස­රැල්
දැල්වූයේ ගිනි­දැල්
හිමි වූයේ ළතැ­වුල්
හැම නෙත­කම කඳු­ළැල්

සුවඳ දි-දී හැම කල්
පිපුණා ඔබේ ගී මල්
තව පව­තීවි බොහො කල්
ඔබේ ඒ සුවඳ විපුල්

ජයන්ත ග. ජෝති­ය­රත්න

මැයි 25 දිනට යෙදී ඇති, ප්‍රවීණ ගීප­ද­ර­චක විපුල් ධර්ම­ප්‍රිය ජය­සේ­ක­ර­යන්ගේ තුන්වන ගුණා­නු­ස්ම­ර­ණය වෙනු­වෙනි.


වැස්සේ, කිම මෙලෙස...?

ඉර ඉහ­ළට යන්න දඟ­ලන වෙලාවේ
දුර ආකාස ගව්වක නුඹ මුළාවේ
සර­දම් කළත් වැතිරී නුබ ­ත­ලාවේ
තර­හක ලකුණු නැත පිය­ඹන වලාවේ

වැහි කළු පුරෝ­ගෙන ඔබ-මොබ හොඳ­ටෝම
සිහි­තල ඉස­ව්වක සිට හිටි­හැ­ටි­යේම
කොහි යෙද අහස් කුස පහ­ළින් නොකි­යාම
මිහි මත මා පමණි වට­පිට බැලු­වාම

සිව් දිග අඳුරු කර දාහය බිම හිඳුවා
අවු­කූ­ට­කය නොතකා හෙව­ණැලි හැදුවා
මැවු විදු­ලිය රිදී රේඛා පොර­ බැ­දුවා
දිවු­වලු වැස්ස අත­රට හෙව­ණට නොදුවා

බිඳ සත් කඩක් ගන සළු අබ­රණ ඈගේ
දෙද­ර­ව­මින් නැ‍ඟෙන හඬ හග්ගු­ඩු­වාගේ
හද­වත කම්ප­නය කර­මින් එන වේගේ
බැඳ සම­නය කරන හැටි අහ­සට නෑ‍ඟේ

කඳු ඉහ මුදුනෙ ගිරි­කූ­ටය පිරි­ම­දින
මුදු අත්ප­සුරු සිහි­ලස සියො­ලඟ හැඳින
රැඳු­ණත් බැහැර නොම යන සේ මන බ­ඳින
පුදු­මෙකි අහස් ගඟ එක තැන­මය මෙදින

එළ­ඹෙන වැහි කෝඩ පලවා අඳුර මැඬ
වෙල­පෙ­ති­ව­ලට පහ­ළින් හිස් අහස උඩ
කල­බල නැති ඉමෙහි සියො­තුන් නඟන හඬ
නැළ­විලි ගීත­යකි, දෙමි හද­ව­තෙහි ඉඩ

බැස්සේ කළු වලා පෙළ කල­කට පස්සේ
දෙස් දේ දෙණිය, ඕවිට ඇළ දොළ ගැස්සේ
හිස් වේ අහස තව තව ඉහ­ළට ඉස්සේ
වැස්සේ, කිමද වැස්සක් ලෙස නොම වැස්සේ?

ජය­සිරි රුව­න්ප­ති­රණ


කොහේද ඉන්නෙ තාත්තේ..?

ඒ කාලේ සෙරෙප්පු දෙක පඩිය උඩම තිබුණේ
දැන් ඒකත් එතැන නැහැනෙ ඒ බව මට දැනුණේ
හිටි ගමන්ම මොකද වුණේ හිතා­ගන්න බැහැනේ
කිය­න්නකෝ තාත්තෙ දැන් කොහෙද කියා ඉන්නේ

හැම­දා­මත් කොහේ ගියත් මා ළඟ­ටයි එන්නේ
හිස අතගා කෑවද කිය­ලයි ඔබ විම­සන්නේ
ගේ පුරාම ඇවිද ඇවිද තාත්තා සොය­මින්නේ
තව­මත් මම ළත­වන බව නැහැ කවු­රුත් දන්නේ

නිඳි­යන ඇඳ ළඟට ගියත් ඔබෙ සුව­ඳයි දැනුණේ
ඒ ඇඳ උඩ බැලුවා මම එතැ­නත් නැහැ උන්නේ
නිත­රම සිටි ලියන මේසෙ ළඟත් සුවඳ දැනුණේ
එතැ­නත් නැහැ හිටියේ සෙනෙ­හස පම­ණයි දැනුණේ

එක දව­සක් ගේ පුරාම සෙනග පිරී උන්නේ
මොකද කියා බලා­ගන්න නැහැ අව­සර ලැබුණේ
ගේ මැද ලොකු පින්තූ­රයෙ තාත්තනේ ඉන්නේ
එත­නට වැඳ නව­ති­න්නට මට අව­සර දෙන්නේ

තිලකා ‍රණේපුර


වැස්ස වහින්නෙ
කෙළින් වුණාට
දිය පාර ගලන්නේ
හර­හට


කල්ප එරන්ද


 
ආදර මැණික

සිති­විලි බිඳී හද ඉකි ලන පාළු රැයේ
නෙතු අග ඉඟි කළා, සුසු­මක රිදුම ළයේ
මත­කය පාර­වන විට නුඹ පැයෙන් පැයේ
සිත යට උපන් සැන­සුම සිත තුළම මියේ

අරු­ණලු සලා පිබි­දුව මල් මක­රන්ද
හිරු සැඟ­වුණා දී ගන­ඳුරු දුක් කන්ද
තුරු­ලට වෙලා නුඹ ළඟ සෙනෙ­හස බැන්ද
මිරි­ඟුව සිහි­න­යක් විය පෙර­දින වින්ද

නෙතු යුග හඬද්දී රුදු හුදෙ­ක­ලාවේ
ඇති­රුණි අම වදන් හද තැනි­ත­ලාවේ
සැතපී සෙනෙ­හ­සින් මැව් රස ගුලාවේ
මත­කය තියා සඳ නිඳි නිල් වලාවේ

හිඳ සෙනෙ­හ­සින් ළං වී සිහි­ලස කැන්දා
හද පෙම් අම බසින් උණු­සුම් කළ හින්දා
රිදවා ගියත්, නොකියා වද­නින් නින්දා
සඳ නැති රැයේ තරු තනි­වම ඉකි­බින්දා

චතුරි අනූකා දොඩම්පෙ


සීගිරි රූ සිරි!

රන්වන් උන්
නිල්වන් උන්
බෙයද පුරා
මල් මල් උන්
රනේ රුවට

වැට්කොල් මල්
නිලේ නිලට
කට්රොල් මල්
පැතලි ගලේ
ගී ලියවේ
රජුට පිදේ
අපට කොහේ?

බන්දුල වර්ණ­කු­ල­සූ­රිය


වැසි වස්සන්න
Let It Rain

වස්සන්න දෙවි­යනි, වැසි වස්සන්න
සෝදා හරින්න මා සංතාප, වේදනා
මුසු කරන්න මා කඳුළු ඇද හැලෙන වැස්ස­ටම
හර­ව­මින් ශෝකය මල්ව­ලට

නෙරපා නොරි­ස්සුම, ආත්මයෙ යහ­ප­තට
ඉඩ දෙන්න මා හදට, හඟිනු එහි සොබා­වට
ශෝධ­නය කළ මැනව පෙර දිනේ පාප­යන්
තිරි­හන් කර­න­සුලු ඔබෙ දියර ඉසි­න­යෙන්

පොද වැසි වේල­යක පිටු­ප­සින්
කඳුළු වියැ­කෙයි, කාංසාව නව­තියි
මිදී අද වේද­නා­ව­ලින්, බොරු මත­ව­ලින්
නොපැ­කි­ළව ඈත­කට ඇවිද යනු හැකි හෙයින්

විස්මි­තයි බෝ, රස මිහිර නිද­හසේ
කුන්දු ගස­මින් යමි, රඟන මා පා මතේ
සැණින ඇරැ­ඹුම ගනියි වැඩෙ­න්නට අපේක්ෂා
දිරි ගන්ව­මින් මසිත, ගමන’තර


එමිල් පයි­නට් - කැන­ඩාව
කවියේ කථ­කයා, සිය ජීවි­තයේ පරි­පී­ඩ­න­යන්ට යට­පත්ව සිට, අද යම් සම­හන් වීමක් ලැබ එහි ප්‍රහ­ර්ෂය ප්‍රකාශ කරන බවක් පළ වේ. ඒ සහ­නය විසල් නිද­හ­සක් සේ හඟින කථ­කයා, හෙට දවස ගැන වඩාත් අපේ­ක්ෂා­ස­හ­ගත වෙයි.

කවියේ රචක එමිල් පයි­නට්, කැන­ඩාවේ බර්න්ස්වික් ප්‍රදේ­ශයේ කුඩා නග­ර­යක ඉප­දු­ණෙකි. ගැහැනු දරු­වන් දස දෙ‍නකු හා පිරිමි දරු­වන් තිදෙ­නකු වශ­යෙන් වන දහ­තුන් දෙන­කු­ගෙන් යුත් පවුලේ තුන්වැන්නා එමිල්ය. පරි­ස­මාප්ත තත්ත්ව­යක නොවූ පවුල ගොඩ­න­ඟා­ගැ­නුණේ තර­මක් දැඩි ස්වභා­ව­යක් පෑ පියාත්, ආද­ර­යෙන් දරු­වන් පෝෂ­ණය කළ මවත් එකතු වී බව එමිල් පව­සයි. සිය කවි බහු­ත­රය, තම දිවිය ගොඩ­නැ­ඟුණු අයුරු හා පරි­ස­රයේ ආද­ර­ණීය ස්වභා­වය පිළි­බිඹු කරන බවද කවියා සට­හන් කරයි.


පරි­ව­ර්ත­නය - දේ.වි. ගාල්ලගේ


වෙන් වීම

ළෙන්ග­තු­කම සුපු­රුදු ලෙස දැනිලා
එක් වූයේ දෑඟිලි පටලා
පෙම් බස් දෙඩුවේ සිත් බැඳිලා
තුන් ලෝකෙම අම­තක කරලා

පෝරු මස්තකේ විවාහ වූයේ
සාක්ෂි­ක­රු­වන් ගෙන්වාලා
මධු සම­යට පිය­මන් කෙරුවේ
සතර වරි­ගෙන්ම ගුණ අහලා

දුර සිටි ඔබ නොව
ළඟට පැමිණි කල...
ජීවි­ත­යෙන් මට පසක් වුණේ
සියල්ල අත­හැර වෙන් වී ආවේ
විනි­සු­රු­වන් ළඟ ගතු කියලා
ළෙන්ග­තු­කම සර­ද­මක් වුණේ කිම
තනි­කම තනි­යට ළඟ තියලා

සරෝ­ජනී තිබ්බො­ටුගේ


තාදී

සඳ එළිය
යට ගිනි­මැ­ලය
දැවෙන හැටි

එන්.ඩබ්ලිව්.පී. ලාල්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.