කවි හිමි­නම | සිළුමිණ

කවි හිමි­නම

 

ගිහි­යකු වශ­යෙන් කලක් මුළුල්ලේ
කවි ලිය­මින් හිඳ නිසං­සලේ
පැවිදි දිවි­යට ඇතුළු වූයේ
බවුන් වඩ­මින් හිඳ

හිටි හැටියේ නැඟිට
කවි පද ලිය­න්නට වී
බවුන් සිත මැඬ කවි සිත නැගි­ටිණ
අකී­කරු ලෙස

ඒ කෙසේ සිදු වී ද යත්;
කවි­යෙන් ලියන ලද
එක්තරා සට­හ­නක් හමු වී ය.
කර­දාසි ගොන්නක් පසෙක තබා­ගෙන

බවුන් වඩන සිසු හිමි දැක
බවුන් ඇදු­රිඳු පැමිණ ඇසී
සමී­පයේ හිඳ:

“ඔබ භාව­නාව කල් දමා
කවි ලිය­නවා නෙ‍ාවෙද?”

“එසේය ගුරු­තු­මනි,
හිතට නැ‍ඟෙන්නේ කවි වැල් මිස
අනෙ­කක් නොව,

අතින් කවි ලියැවේ

“කමක් නැහැ සිසු දරුව,
හිතට න‍ැ‍ඟෙන කවි වැල් හැම
ලියා තැබුම වර­දක් නොව
එක් මොහො­තක ඒ කවි වැල්
ගලා ඒම නත­ර වේ ය!

එවිට හිත නිද­හස් ය,
භාව­නාව පටන් ගන්න!”

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.