සමාජ යථාර්ථයේ කැමූ ලකුණ | සිළුමිණ

සමාජ යථාර්ථයේ කැමූ ලකුණ

විශ්ව සාහිත්‍යයේ ජීවිත දෘෂ්ටියක් සමාජය විසින් හෙළා දැක නින්දාවට පත් කිරීමෙන් පසු තමන් විසින් සමාජය හෙළා දැකීමේ දෘෂ්ටියක් පළමුව මතු කළේ ප්‍රංස ලේඛක ගුස්ටාව් ප්ලෝබෙයාර් විසිනි. ඔහුගේ සැබෑ චරිතය තුළ ද එම ගුණරාව අන්තර් ගත විය. මහන්තත්වයෙන් ඉදිමී සිටින මිනිසුන් ‍පිළිකෙව් කළ ප්ලෝබෙයාර් ජීවිතයේ අවසාන කාලයේදී හුදකලා ජීවිතයක් ගෙවී ය.

ප්ලෝබෙයාර් ගේ මේ කලකිරීම්වාදී දෘෂ්ටිය ඔහුගේ මදාම් බොවාරි කෘතියෙන් තිර කර සිටී. ප්ලෝබෙයා වනන මේ කලකිරීම්වාදී දෘෂ්ටිය ඇල්බෙයා කැමූගේ පිටස්තරයා නවකතාවේ එන මර්සෝගේ චරිතයෙන් ද විස්තීරණය කර ඇත.

කැමූගේ සමාජ යථාර්ථවාදී දෘෂ්ටිය ඉතාමත් ප්‍රතාපවත් භාෂා ශෛලියකින් හැඩ වෙයි. ‍කැමූ පිටස්තරයා නවකතාවට විෂය කොට ගත්තේ ඇල්ජීරියානු පරිසරයයි. එවකට ප්‍රංසයේ යටත් විජිතයක්ව ඇල්ජීරියාව පැවතුණු අතර ප්‍රංස ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ඇල්ජීරියාවේ ජීවත් විය.

පිටස්තරයා නවකතාවේ එන මර්සෝගේ ජීවිත දර්ශනයට හසුවන්නේ ජීවිතයේ කායික පක්ෂයයි. සිය මව මහලු මඩමකදී මිය ගිය විට පසු දින මර්යෝ තම පෙම්වතිය සමඟ චිත්‍රපටයක් නැරඹීමට යයි. ඇයගේ ස්නිග්ධ සිරුරින් ආස්වාදය ලබයි.

බලාපාරොත්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජය විසින් හෙළා දකිනු ලැබීමෙන් උපන් ජීවිත කලකිරීම නිස්සාරත්වය මෙන් ම අපගේ ජීවිතයේ ඇති අවිනිශ්චිත බව ද ජීවත්වන මොහොතක් පාසා භෞතික දේ ඇසුරින් ආස්වාදය සතුට ලැබිය යුතු බව ද මර්සෝ අදහයි. ආශාව ඔහුට විෂය වූ ප්‍රස්තූතයක් නොවේ. ආගම විසින් මිනිසා රවටනු ලබන බවත් එය මායා ලොවක් මවන බවත් එයින් චේෂ්ටාවන් මුදුන් පත්කර ගැනීමට ආගම ආයුධයක් නොවන බවත් මර්සෝගේ චරිතය තුළින් ප්‍රතිසමාන වේ. ඇල්බෙයා කැමුගේ නිර්මාණශක්තිය වඩාත් දීප්තිමත්ව දිලෙන්නට වූ බවත් විශේෂයෙන් වයෝවෘද්ධ වියට පත් ලියෝ තෝල්ස්තෝයි ගේ නිර්මාණ ශක්තිය ද සුදීප්ත වූ බව පැවසේ. එහෙත් ප්‍රවීණ ලේඛකයකු වූ සමර්සෙට් මෝම් පවසා ඇත්තේ ජීවිතයේ වයෝවෘද්ධ වියට පත්විට නිර්මාණ ශක්තිය අවරෝහණය කරා යා යුතු බවයි. එසේ නොවුණහොත් එය රෝගයක් බව ඔහු දක්වා ඇත. මින් අදහස් වන්නේ මිනිසා වයෝවෘද්ධ මෙන් ම මැදි වියට පත්වන විට ජීවිතයේ දීප්තිමත් භාවය ක්‍රමයෙන් ගිලිහී යන බවයි‍. එය සොබා දහමේ නියමයකි. මේ සොබාදහම් නියමට එරෙහිව නිර්මාණ ශක්තිය සුදීප්ත වුවහොත් මෙන් ම තරුණ කල කළ සියලු දේ කරන්නට වුණොත් එය ස්වාභාවික තත්ත්වයක් නොවේ. විශේෂයෙන් ජැක් ලන්ඩන්, එමිල් සෝලා වැනි විශ්ව කීර්තිධර ලේඛකයන්ගේ නිර්මාණ ශක්තිය සුදීප්ත වූයේ එය සුදීප්ත විය යුතු අඩසිය වසකට අඩු කාලයකිනි. අඩසියවසකින් පසු නිර්මාණ කරුවකුගේ නිර්මාණ සුදීප්තව දිලේ නම් එය ස්වභාවධර්මය ඉක්මවා යාමකි.

කැමුගේ පිටස්තරයා ග්‍රන්ථය ගැන කදිම සඳහනක් කරන පෝල් සාර්ත්‍ර පවසන්නේ මෙබඳු දෙයකි.

සම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය වර්සෝට නොතේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිතා කිරීමට ඔහු උත්සාහ කළේ නැත. පිටස්තරයාහි එන වීරයා වන මර්සෝ සුචරිතයකු හෝ දුශ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකි ය.

එහෙත් කැමූ මර්සෝ හඳුන්වන්නේ අසම්මත (Absurb) චරිතයක් ලෙසිනි.

නොකඩවා පවතින ඒකාකාරී ජීවන රිද්මය බලාපොරොත්තු කඩ වීම, ආගම විසින් මිනිසා රවටනු ලැබීම යන සියලු දෙයින් ම මිනිසා අපිරිමිත අසහනයකට පත් කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත් මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත් කරයි. මර්සෝගේ චරිතය එම චරිතය අසරණ කිරීමට එරෙහි දර්ශනික සාක්ෂියකි.

(පිටස්තරයා, ඇල්බෙයා කැමූ, පරිවර්තනය - සෝමරත්න බාලසූරිය, පිටුව 149)

“මම කිව්ව අම්ම මැරුණ කියල”

“කවද්ද”

“ඊයෙ”

මරි බයවෙලා වගෙ පස්සට වුණා. ඒත් මරි මොනවත් කිව්වෙ නැහැ. මට ඒ වෙලාවෙ හිතුණා කියන්ඩ ඒක මගේ වැරැද්දකින් උණ දෙයක් නොවෙයි කියලා. ඕකම මම දැන් අධ්‍යක්ෂකට කියල තියනවා. අපි හැමදේටම ටික ටික හරි වැරදි කාරයො හවස් වෙනකොට මරිම මේ ඔක්කොම අමතක වෙලා. චිත්‍රපටයෙ හුඟක් තැන් ලාමක විහිළුවලින් පිරිල. ඇත්තටම මේක මහ මෝඩ චිත්‍රපටයක්. මරීගේ එක කකුලක් හරස් අතට මගේ කකුල් අතර. මං ඒ වෙලාවෙ මරීගෙ තං අතගාමින් උන්නෙ. චිත්‍රපටය අවසන් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මං මරීව ඉම්බා.

(පිටස්තරයා, පිටු 32 – 33)

තම මවගේ මරණයෙන් ශෝක වෙනු වෙනුවට හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් නැරඹීමට ඔහුගේ පෙම්වතිය මරි සමඟ ගොස් මර්සෝ ඇයගේ පයෝදර අතගාමින් සිටි බව මේ කතාවෙන් පැහැදිලි වේ.

ඇත්තටම මාතෘ ප්‍රේමය, ආදරය, දයාව, කරුණාව, මර්සෝට නොතේරෙන බසකි. ඉර හඳ තාරුකා, ස්ත්‍රී සිරුර, ආහාර, ඇඳුම් පැලඳුම් ඔහුට තේරෙන බසකි. මර්සෝ ගේ චරිතය තුළින් සමාජයේ මුල් බැස ගෙන ඇති සම්මතයට කැමූ පහර ගසයි.

ලෝකයේ දයාන්විත සිතුවිලි ද සම්මත ආකල්පයන් ද අද පුපුරා ඇද හැලීමට පටන් ගෙන තිබේ. මේ යථාර්ථය කැමූ දුටුවේ මීට වසර හැටකට පමණ පෙරදී ය.

රුසියානු සෝවියට් රුසියානු සාහිත්‍යකරුවන් මවන මානව ප්‍රේමීය බස සුන් කොට රස නුසුන් කොට තැබූ විශ්වසනීය බසක් ගොඩනඟයි.

ඇල්බෙයා කැමූගේ මේ ජීවිත යථාර්ථවාදී සත්‍යය අදටත් පොදු ය. මිනිසා විසින් සම්මතයන් ඉටු කරනු ලබන්නේ හද පත්ලෙන් ම හැ‍ෙඟන දයා කරුණා ගුණයෙන් නොව එය නොකර සිටිය නොහැකි කටයුත්තක් හෙයිනි. එයින් මිනිසා කරන්නේ වංචාවකි. එහෙත් මර්සෝගේ චරිතය මේ මහා වංචාවට හසු නොවේ.

සම්මතය දැන සම්මතය බිඳ එහෙත් රස නුසුන් කොට ලියූ පිටස්තරයා නවකතාවේ ජීවිත දර්ශනය අදටත් වලංගු ය. අදටත් වංචාකාරයන් ආගමේ මුවාවෙන් සම්මතයේ මුවාවෙන් කරන්නේ වංචාවකි. ඒ වංචා‍ෙවන් තොරවූ චරිතයක් පිටස්තරයාහි මර්සෝ තුළින් ‍‍‍ප්‍රතීයමානවේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.