දරු­වන්ට ආද­රය, රැක­ව­ර­ණය ලබා­දෙන කිඩ්ස් ක්ලබ් හවුස් දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­නය | Page 2 | සිළුමිණ

දරු­වන්ට ආද­රය, රැක­ව­ර­ණය ලබා­දෙන කිඩ්ස් ක්ලබ් හවුස් දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­නය

කුඩා දරුවන්ට ආදරය , රැකවරණය ලබාදීම සහ යහපත් හුරුපුරුදු හුරු කරවීම අරමුණු කොට ගෙන පවත්වාගෙන යනු පිණිස කිඩ්ස් ක්ලබ් හවුස් දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ. 2012 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම ආයතනයේ මේ වන විට දරුවන් අට දෙනෙකුට රැකවරණය ලබා දෙයි. කුඩා කල සිටම දරුවන්ට යහපත් පුරුදු හුරු කරවීම තුළින් දරුවන් වගකීම් ඇති හොඳ පුරවැසියන් ලෙස සමාජගත කල හැකි බව මෙම ආයතනයේ විශ්වාසයයි.

කිඩ්ස් ක්ලබ් හවුස් ආයතනය ආර්ථික ප්‍රශ්නයන්ට මැදිවී රැකියාවකට යොමු වීමට සිදුවූ පවුලේ එකම අදායම් උපයන්නා වූ මව්වරුන්ට තම දරුවන් සුරක්ෂිතව තබා රැකියාවට යාමට අවස්ථාව උදාකර දෙනු ලැබුවේ ‘තමන්ට හැකි පමණින් පමණක් ගෙවීමක් සිදුකිරීමේ පදනම මතය.

2017 වර්ෂයේ දී මව්වරුන්ට සහය වීම සඳහා සාමාන්‍ය දරුවන්ට මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසාද සෙල්ලම් පාසැල සහ දිවාසුරකුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කිඩ්ස් ක්ලබ් හවුස් ආයතනය කටයුතු කළේය.

දෙහිවල වෛද්‍යපාරේ පිහිටි කිඩ්ස් ක්ලබ් හවුස් මධ්‍යස්ථානය සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8 සිට සවස 6.15 දක්වාත් සෙනසුරාදා දින උදේ 8.30 සිට සවස 3.00 දක්වා ත්ය විවෘතව පවතී.

සෙල්ලම් පාසැල සදහා මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන් ඇතුලත් කරගනු ලැබේ.


කොමර්ෂල් බැංකුවෙන් හෝටල්වලට 50%ක් දක්වා වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට මේ මැයි සහ ජුනි මාස වලදී මෙරට හොඳම හෝටල්වල නිවාඩුව ගත කිරීමේදී 50% ක් දක්වා වට්ටම් ලබාදීමට බැංකුව කටයුතු කර තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඊසි වැකේෂන් වැඩසටහනේ නවතම අදියර යටතේ මෙම වට්ටම් ලබාදෙන අතර හෝටල් 24 ක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටී. මෙම හෝටල් වලට කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන වීසා සහ මාස්ටර් ක්‍රෙඩිට් කාඩ් පත් වලින් ගෙවීම් කිරීමේදී මෙම වට්ටම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මෙම හෝටල් අතුරින් නුවර අර්ල්ස් රීජන්ට්, පැන්ඩනස් බීච් රිසෝට් ඇන්ඩ් ස්පා, සූරිය රිසෝට්, සෙන්ටෙරා සීසෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා, ද රේන්ෆොරෙස්ට් ඉකෝ ලොජ්, සිද්ධාලේප ආයුර්වේද හෙල්ත් රිසෝට්, සහ ආදිත්‍ය යන හෝටල් මගින් මැයි 31 වනදා දක්වා වට්ටම් හිමිකර ගත හැක.

මේ අතර, මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වන අනිකුත් හෝටල් 17 මගින් 2017 ජුනි 30 වනදා දක්වා වට්ටම් හිමිකර ගත හැකිය. මෙම හෝටල් ගොන්නට අලියා රිසෝට් ඇන්ඩ් ස්පා, අවානි බෙන්තොට, අවානි කළුතර, ක්ලබ් හොටෙල් ඩොලෆින්, හොටෙල් සීගිරිය, මාලූමාලූල, මවුන්ට්බැටන් බංග්ලෝ, දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, ද කාම් රිසෝට්, ද ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා, ද පැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා, උගා බේල උගා ජන්ගල් බීච්, සීගිරිය ජන්ගල්ස්, ද බ්ලු වෝටර්, සන් ඇක්වා සහ ට්‍රී ඔෆ් ලයිෆ් නේචර් රිසෝට් අයත් වේ.

Comments