බර්නාඩ් බොතේජු කර්මා­න්තා­ය­ත­න­යෙන් වන රෝප­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක් | සිළුමිණ

බර්නාඩ් බොතේජු කර්මා­න්තා­ය­ත­න­යෙන් වන රෝප­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක්

ශ්‍රි ලංකාවේ පැරණිතම ඇඟලූම් නිෂ්පාදන ආයතනය වන වන බර්නාඩ් බොතේජු කර්මාන්තායතනය විසින් නැවත වන රෝපණය සිදුකිරීමේ මහා පරිමාණ පරිසර වැඩසටහනක් රත්නපුර ප්‍රදේශයේ දී පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

එහි වාර්ෂික ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ ReForest Sri Lanka ආයතනය සමඟ එක්වී මෙය සිදු කළේය. මේ යටතේ රත්නපුර ඉඩම් අක්කර 7ක සාර්ථකව නැවත වන රෝපණය සිදුකෙරිණි. ශ්‍රි ලංකා ඉතිහාසයේ සිදුකර තිඛෙන විශාලතම එක්දින වන රෝපණ වැඩසටහන මෙය වන අතර පැළ 4000 ක් මෙහිදී රෝපණය කෙරිණි. බර්නාඩ් බොතේජු කර්මාන්තායතනයේ කාර්ය මණ්ඩලයේ සේවකයන්, ReForest Sri Lanka හි සමාජිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ස්වේච්ඡා සේවකයන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි විණි. මෙම වැඩසටහන කොලොන්න ප්‍රාදේශීය ලේකම් S. M සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.


ගෑස් වර්ල්ඩ් ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ

ශල්‍යකර්මයක් සිදුකරන අවස්ථාවකදි ලබා දෙන ඖෂධීය ඔක්සිජන් නියම්ත ප්‍රමිතියක් ඇති වායුවක් බවට තහවුරු විය යුතුය. එය එසේ නොවුනහොත් රෝගීන්ගේ ජිවිත වලට තර්ජනයක් විය හැක.

ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර සහතික ලත් ඔක්සිජන් සහ නයිට්‍රජන් නිෂ්පාදන කරන ආයතනයක් වන ගෑස් වර්ල්ඩ් ආයතනය කියා සිටින්නේ මෙලෙස ශල්‍යකර්මයක් සඳහා ලබාදෙන ඔක්සිජින් නියමිත ප්‍රමිතියකට අනුකූලව තිබිය යුතු බවයි. ඉන්ඩස්ට්‍රියල් ගෑසස් සමාගමට අනුබද්ධිත ආයතනයක් වන ගෑස් වර්ල්ඩ් සමාගම සියයට සියයක්ම ශ්‍රි ලාංකික සම්භවයක් ඇති ලාංකික සමාගමකි . වසර 25 ක සිට ක්ෂේත්‍රය තුල ඉහළම ප්‍රමීතින්ට අනුව ඔක්සිජන් සහ නයිට්‍රජන් සපයන ආයතනයක් ලෙස නම් දරා ඇති ගෑස් වර්ල්ඩ් ආයතනය නවීණතම තාක්ෂණය යොදා ගනිමින් සියලූ අංගයන්ගෙන් සම්පුර්ණවු සුවිසල් කර්මාන්ත ශාලාවකින් සමන්විතය.

ගෑස් වර්ල්ඩ් ආයතනය ශ්‍රි ලංකා‍වේ ප්‍රථම ලෝක සෞඛ්‍ය සංවිධානයේ යහපත් නිෂ්පාදන පුරුදු වලට අනුකූලව නිෂ්පාදන පවත්වාගෙන යන බවට සහතික දරන ලද ආයතනයකි. ඖෂධ නියාමන අධිකාරිය මඟින් නිකූත් කරන මෙම සහතිකය වසර දෙකක් පුරා කරන ලද අධීක්ෂණ වලින් ලත් සහතිකයකි. ගෑස් වර්ල්ඩ් ආයතනයේ නිෂ්පාදිත ඔක්සිජන් සහ නයිට්‍රජන් එක්සත් ජනපදයේ හා යුරෝපයේ ප්‍රමීතින්ටද අනුකූල වේ.

මෙම ආයතනය 1997 වසරේ සිට 2007 වසර දක්වා ජර්මනියේ මෙසර් සමාගම සමඟ ඒකාබද්ධව කටයුතූ කර ඇති අතර 2006 දි එම ආයතනයෙන් වෙන්වී 2007 වසරේ සිට දේශීය ආයතනයක් ලෙස ස්වාධීනව පවත්වා ගෙන යනු ලැබේ.

එමෙන්ම මෙසර් ආයතනය පවත්වා ගෙන යනු ලබන ප්‍රමිතීන්ට අනුකුල තාක්ෂණ හා තත්ත්ව පාලන ක්‍රම වේදයන් එලෙසම අනුගමනය කරමින් සහ නව ක්‍රම වේදයන්ද හඳූන්වා දෙමින් ආයතනය පවත්වා ගෙන යනු ලබයි.

වර්ෂ 2006 දී එවකට අයිතිය තිබු ජාත්‍යන්තර මෙසර් ආයතනයේ ගුරුගේ මහතා විසින් වැඩිපුර කොටස් මිලදී ගැනීම තුලින් ශක්තිමත් පදනමකින් යුතුව ස්ථාපිත කර ඈති ගෑස් වර්ල්ඩ් සමාගම විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට බලාපොරොත්තු වේ.

Comments