සො ඳු රු ගෙ ව ත් ත

 එම්.ඩී.කරුණාදාස-බදුවත්ත-ඇහැළියගොඩ.

මා පාසල් වියෙහි සිට ම පරිසරයට ආදරය කරන කෙනෙක්. මේ වනවිට ඇහැළියගොඩ ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකට ම අයත් ආයතන ගණනාවකට ම රෝපණය සඳහා විවිධ පැළ වර්ග රාශියක් නොමිලේ පරිත්‍යාග කර තිබෙනවා. මා මේ වනවිට රටවල් ගණනාවක ම සංචාරය කර තිබෙනවා. ඒ මොනම රටක වත් අපේ මේ පුංචි රටේ තරම් සාරවත් රත්තරන් පසක් මා නම් දැක්කේ නැහැ.මගේ ගෙවත්ත පුරාම මා එළවළු-පළතුරු ජාති වවා තිබෙනවා. කාමරංකා, දෙහි, දොඩම්.නාරන්, පැපොල්, අඹ වැනි පළතුරුත්-කතුරු මුරුංගා, කොහිල, ගොටු කොළ, මිරිස්, දඹල වැනි එළවළුත් වත්තේත්, සඳලු තලයේත් මා වගා කර තිබෙනවා. මම ක්‍රම දෙකකට කාබනික පොහොර නිපදවනවා. වියළි කොළ රොඬු ආශ්‍රිතවත්, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ආශ්‍රිතවත් මේ පොහොර නිපදවීම කරනවා.කාබනික දියර පොහොර වර්ගයක් ද මම නිපදවා පාවිච්චියට ගන්නවා. මට දැනම වයස අවුරුදු හැත්තෑ දෙක සම්පූර්ණවී ඇතත් මට කිසිම ලෙඩක් නැහැ. හේතුව මගේම ගෙවත්තේ වවන එළවළු-පළතුරු පමණක් ආහාරයට ගැනීම කියායි මා විශ්වාස කරන්නේ.

සටහන සහ සේයාරුව-ඇහැළියගොඩ විශේෂ නිමල් විජයතුංග 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.