දීප්තිකා ජයකොඩි නංවයි | සිළුමිණ

දීප්තිකා ජයකොඩි නංවයි

මෙරට තුරග තරග වාර්ෂික තරගවල බොහෝ දෙනාගේ අවධානය යොමු වන ආණ්ඩුකාර කුසලාන සහ කුවීන්ස් කුසලාන තරග නුවරඑළියේදී පැවැත්විණි. එම ද්විත්ව තරගම ජයගත් තුරගන්ගේ හිමිකාරිණිය වූයේ දීප්තිකා ජයකොඩිය. මෙම තරග සුපුරුදු පරිදි රාජකීය තුරග තරග සමාජය විසින් සංවිධානය කරන ලදී.

මෙම ආණ්ඩුකාර කුසලාන තරගය මීටර් 1600 ක දුරකින් සමන්විත විය. එය ජයගත්තේ ඇල්කාෂාබාය. එහිදී අසරුවා වූයේ වයි. එස්. ශ්‍රීනාත්ය. මේ තරගය දීප්තිකා විසින් ජය ගත්තේ පිට පිටය. මෙහි දෙවන ස්ථානයටත් හිමිකම් පෑවේ දීප්තිකාමය. සිල්වර් ස්ට්‍රීක් තුරගා එහිදී මෙහෙය වූයේ ඉර්වාන් සිං අසරුවාය. මෙම සුවිශේෂී තරගයේ තෙවැනි ස්ථානය අන්ජලී අස්හල නියෝජනය කළ චාලමේන්ටය. එහිදී අසරුවා වූයේ ඒ. විශ්වනාත්ය. මෙය අමෙරිකාවේ කෙන්ටකි ඩාර්බි සහ බ්‍රිතාන්‍යයේ ඇස්කොට් රන් කුසලාන තරගයට සමාන ශ්‍රී ලංකාවේ තුරග තරගය ලෙසටත් සැලකෙයි.

මේ අතර අනෙක් ප්‍රධාන තරගය වූ කුවීන්ස් (රැජණ) කුසලාන තරගයේ දුර ප්‍රමාණය මීටර් 2000 ක් වූයේය. එය ජය ගත්තේ කැප්ටන් හැඩොක් තුරගාය. එහිදී අසරුවා වූයේ ඉර්වාන් සිංය. මෙහි දෙවන තැන සෙලෙස්ටියල් ෆයර්ටය. එහි හිමිකරුවා අනුර දෙල්ගොඩය. ඒ.විශ්වනාත් අසරුවාය. හසංග ජයරත්නගේ හිමිකාරත්වය යටතේ තරග කළ මෙහෙරාන්ට තෙවැනි තැනය. එහිදී අසරුවා ලෙස ක්‍රියා කළේ දීප් ශන්කර්ය.

මීට අමතරව තවත් තරග කිහිපයක්ම පැවැත්විණි. මීටර් 1070 ක දුරකින් යුත් එච්. එන්. බී. ග්‍රාමීන් ෆිනෑන්ස් කුසලාන තරගය ජය ගත්තේ ක්‍රාබිය. ධනවර්ධන ගුරුගේ එහි හිමිකරුවාය. අසරුවා වූයේ එම්. මෝහන්රාජ්ය. ගාමිණී ජයරත්න යුවළගේ හිමිකාරත්වය යටතේ තරග කළ ඔගස්තා හට දෙවැනි ස්ථානයයි. එස්. සෙල්වරත්නම් අසරුවාය. මෙම තරගයේ තෙවැනි තැන බ්ලෙසින් බෙරිටය. එල්. රවි කුමාර් අසරුවා විය. හිමිකරුවා වූයේ ඩේවිඩ් ඇන්තනිය.

හායි සඟරා කුසලානය සඳහා පැවැති තරගයේ දුර මීටර් 1070 කි. එය ජය ගනු ලැබුවේ විගරස්ය. එස්. පුනීතරාජ් අසරුවාය. හිමිකරුවා වූයේ අජන්ත ද සොයිසාය. ස්ටෝමොන්ට්ට දෙවැනි තැනය. වයි. එස්. ශ්‍රීනාත් අසරුවාය. හිමිකරුවෝ වූයේ රියෙන්සි එඩ්වඩ් යුවළයි. ටෝපිඩෝ මෙම තරගයේ තෙවැනියාය. ඒ. විශ්වනාත් එහිදී අසරුවා විය. අනුර දෙල්ගොඩ හිමිකරුවාය.

බ්ලැක්පුල් හෝටල් කුසලාන තරගයේ දුර මීටර් 1400 කි. අන්ජලී අස්හල හිමිකාරත්වය යටතේ තරග කරමින් මෙය ජය ගත්තේ ස්ටෝම් පෙට්‍රල්ය. එල්. රවි කුමාර් අසරුවාය. ෆියර්ලස් අස්හල නියෝජනය කළ ඔනෝරියස්ට දෙවැනි තැනය. එහිදී අසරුවා වූයේ එස්. ප්‍රදීප්ය. මෙහිදී තෙවන තැන වේටිංග් ෆෝ ග්ලෝරිටය. එස්. සුගනාදන් අසරුවාය. හිමිකරුවා වූයේ හසංග ජයරත්නය.

අධිවේගී මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය කුසලාන තරගයේ දුර මීටර් 1400 කි. ග්ලිටරින් එය ජය ගත්තේය. වයි. එස්. ශ්‍රීනාත් අසරුවාය. රියෙන්සි එඩ්වඩ් යුවළ එහි හිමිකරුවෝය. ෆියර්ලස් අස්හල නියෝජනය කරමින් තරග කළ ස්පිරිටඩ් ටච්ට දෙවැනි තැනය. සී. ඇල්ෆ්‍රඩ් අසරුවාය. හසංග ජයරත්නගේ හිමිකාරිත්වය මත තරග කළ අයිස්ලැන්ඩික්ට තෙවැනි තැන හිමිවිණි. එස්. සුගනාදන් අසරුවාය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ අධිවේගී මාර්ග හා උසස් අධ්‍යාපන කටයුතු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. එමෙන්ම ගෞරවණීය ආරාධිතාව ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය සහභාගි වූවාය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.