දරු­වන් වෙනු­වෙන් කැප­කි­රීම් කරන්න කාල­යක් එනවා | Page 2 | සිළුමිණ

දරු­වන් වෙනු­වෙන් කැප­කි­රීම් කරන්න කාල­යක් එනවා

රූපවාහිනී තිරය ඔස්සේ බොහෝ විට ඇය අපට හමුවන්නේ ආදරණීය මවක් ලෙසිනි. සැබ­ැවින්ම ඇය ආදරණිය අම්මා කෙනෙකි. ඒ නිසාම දෝ ඇයට එවැනිම චරිත සඳහා ලැබෙන ආරාධනාවල අඩුවක් නැත. ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි නම් වූ ඇය සමඟ ගෙවුණු සුන්දර මොහොතක කළ කතා බහයි මේ.

 මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම ඔබව දකින්න ලැබෙනවා නේද?

ඔව්. Hiru නාළිකාවේ සහ ITN නාළිකාවේ ටෙලි නාට්‍ය දෙකක දකින්න ලැබෙනවා.

ඒ කියන්නේ ගොඩක් කාර්යබහුල වෙලා?

ඔව් ඉතිං. වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. ඇය මෙවර උසස් පෙළ සදහා සුදානම් වෙනවා. ඒ නිසාම වැඩි කාලයක් දෙන්නේ එයා වෙනුවෙන්.

‘නෙතු’ සහ ‘කවුරුන්ද නුඹ මගේ’ කියන ටෙලි නාට්‍ය දෙකේම ඔබට ලැබිලා තියෙන්නේ එක හා සමාන චරිත නේද?

ටෙලි නාට්‍ය දෙකේම ‘ අම්මා’ ගේ චරිතය තමා ලැබුණේ. පසුගිය අවුරුද්දෙත් බොහෝ වෙලාවට ලැබුණේ අම්මා ගේ චරිතය. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ නිසා මම බොහොම ආදරයෙන් සහ කැමැත්තෙන් තමා ඒ චරිත කරන්නේ.

ඔබ මෙගා රැල්ලට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්ත කතාව කිව්වොත්, අද ඇත්තටම ඒ නාට්‍ය විතරයි නේ ගොඩක් වෙලාවට කෙරෙන්නේත්. ඒ නිසා අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා. ඒක තමා ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට කරන්න තියෙන්නේ. ඉතිං මුල් කාල වකවානුවල කලාත්මක චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. විශේෂයෙන් කියන්න ඕන අද මෙගා නාට්‍ය වල පවා හොඳ නිර්මාණ තියෙනවා. නාට්‍ය මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පිටපතක් ගත්තහම දීර්ඝ වුණත්, එය ගුණාත්මක බවින් යුතු නම් කලාවක් ලෙස ඒ චරිත රස විඳීමට පුළුවන්කම ලැබෙනවා කියලා මං හිතනවා.

ඇයි දැන් ඔබ කියන කලාත්මක නිර්මාණ සඳහා සම්බන්ධ නොවන්නේ?

ඒ වගේ නිර්මාණ බොහෝ වෙලාවට රූ ගත කිරීම් සිදු කරන්නේ කොළඹින් පිට. ඒ නිසා සමහර නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අපහසුයි මට. දුවගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසාම ටිකක් කොළඹ අවට තියෙන නාට්‍ය වල තමා වැඩ කරන්නේ. ඉතිං ආසයි හොඳ ප්‍රමිතියක් තියෙන, ගුණාත්මක නිර්මාණ සඳහා දායක වෙන්න. ඉදිරියේදී බලමු .

ඔබට යම් නිර්මාණයකට කතා කළ විට එතැනදී ඔබ මුලින්ම බලන්නේ, පිටපත ද, අධ්‍යක්ෂවරයද, ලැබෙන චරිතයද, නැත්නම් ඊට දායක වන රංගන ශිල්පීන් ද?

මුලින්ම බලන්නේ පිටපත සහ මට ලැබෙන චරිතය.

දක්ෂ අධ්‍යක්ෂවරුන්නේ නිර්මාණ සඳහා සහභාගී වීමට ලැබෙන අවස්ථා භාර නොගෙන සිටීම, ඔබට අවාසියක් නෙමෙයිද?

අවාසියක් වෙනවා ඇත්තටම. අවාසියක් කියන්නේ, අපිත් බලාපොරොත්තු වෙන්නේ සහ බලාගෙන ඉන්නේ ලස්සන නිර්මාණයකට දායක වෙන්න. ඉතිං ඒ නොලැබීම ගැන පුංචි දුකක් තියෙනවා. නමුත් ඊට වඩා මට හිතෙනවා සමහර කාල වකවානු එනවා කැපකිරීම් කරන්න. දරුවා වෙනුවෙන් පවා අපි හරි කැපවීමක් කරන්න ඕන කාලයක් එනවා. ඒ කාලේදී ඒ කැපවීම දෙන්න ඕන. ඊට පස්සේ ඒ දේ එන්නේ නැහැ.

ඒ කැපවීමේ ප්‍රතිඵල ඔබ ගේ දෑස් ඉදිරිපිටම තියෙනවා.

මම හිතන්නේ ඒ ප්‍රතිඵලය ලැබුණේ මං කලින් කියූ දේ තුළ. අපි යම්කිසි දෙයක් හිතුවොත්, ඒ කැපවීම අවංකව, ආදරයෙන් කළොත් ඕනෑම කෙනකුට එහි ප්‍රතිඵල අපිටම ලබා ගන්න පුළුවන් කියලා.

කතා කරමු ආදරණීය දියණිය ගැන?

ඇය මේ දවස්වල විද්‍යා අංශයෙන් උසස් පෙළ සඳහා සුදානම් වෙනවා. ඉතිං මේ දවස්වල මහන්සි වෙනවා, පාඩම් කරනවා.ඒ දේවල් වලට මම උදව් කරනවා.

දවසක දියණිය කිව්වොත්, ‘අම්මේ මට කලාවට එන්න ආසයි’ කියලා. ඔබ එකට ඉඩ දෙනවද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව,හැම දෙයකම හරි අවබෝධයකින්, හරි අඩිතාලමක් එක්ක ගමනක් යනන්ට ලැබෙනවා නම් සහ බොහෝම පිරිසුදුව හැම ගමනක්ම යන්න පුළුවන කියලා මම විශ්වාස කරනවා.ඇයට ඒ සඳහා උපරිම උදව්ව දෙනවා. හැබැයි දැනට නම් ඇයට එහෙම බලාපොරොත්තුවක් නැහැ.

ඔබ දැනට ක්ෂේත්‍රයට ඇවිත් දශක දෙකකට කිට්ටු වෙනවා.

ඔව්. මගේ කලා ගමනේ ආරම්භය සිදුවන්නේ 1988 දී වේදිකාව තුළින්. ඒ ගැන ගොඩක් සතුටුයි. මම මේ ගමන ආවේ බොහොම හෙමින්. 

 

Comments