ආසාවට දාගත්තට ගැලපෙනවද නම ඔයාට | සිළුමිණ

ආසාවට දාගත්තට ගැලපෙනවද නම ඔයාට

ඔබේ නම අනුව ‍ඔබ කෙබඳු පුද්ගලයකුද යන වග ඔබට අදාල නම ඔබට ලැබුණු දා සිට තීරණය කළ හැකිවේ. ඔ‍බගේ ගතිගුණ චරිතය පිළිබඳව එසේ ප්‍රකාශ කළ හැක්කේ ඔබගේ නම ඉංග්‍රීසි අකුරුවලින් ලියා එම අක්ෂරවල සංඛ්‍යාත්මක අගයතනි අංකයක් ලෙස සකසා ගැනීම තුළින් . අද අංක 3 හිමිවූ නම් සහිත ඔබගේ ගති ගුණ විමසා බලමු.

 

 ඔ‍බගේ පහසුව පිණිස උදාහරණයක්

 

ඉංග්‍රිසි අකුරුවලට අදාල සංඛ්‍යාත්මක අගයන් මෙසේය.

 

01. A, J, S 02. B, K, T 03. C, L, U

04. D, M, V 05. E, N, W 06. F, O, X

07. G, P, Y 08. H, Q, Z 09. I, R

 

රවී කරුණාරත්න යන නම ඉංග්‍රිසියට ලියමු.

 

RAVI KARUNARATHNE

ඉංග්‍රීසි අක්ෂරවල සංඛ්‍යාත්මක අගය බලමු.‍

 

RAVI

 

R - 9 A - 1 V - 4 I - 9

එකතුව 23

 

තනි ඉලක්කමක් ලෙස ගත් විට 2+3 = 5

 

KARUNARATHNE

 

K - 2 A - 1 R - 9 U - 3

N - 5 A - 1 R - 9 A - 1

T - 2 N - 5 E - 5

එකතුව - 43

තනි ඉලක්කමක් සේ ගත් විට 4+3 = 7

ඒ අනුව රවි කරුණාරත්න යන නමේ අංකය ලෙස

රවි නමට - 5

කරුණාරත්න නමට - 5

එකතුව - 12

තනි අංකයක් ලෙස 1+2 =3

ඒ ආකාරයට අංක 3 හිමි වූ නමක් ඇති ඔබ ගැනයි මේ. ඔබ පාසල් අධ්‍යාපනය සිදු කරන කල්හි පාසලේ දක්ෂ සිසුවකු ලෙස කපී පෙනෙනු ඇත. විශේෂයෙන් සාහිත්‍ය නර්තනය චිත්‍ර ඇඳම ආදී වූ කලා ක්ෂේත්‍රය ආශ්‍රිතව ඔබ විශේෂ දක්ෂතා පිළිබිඹු කරයි. තරගවලට ඉදිරිපත් වන ඔබ ඔබගේ දක්ෂතා පෙන්වමින් ඔබගේ පාසලට ගෞරවයක් එක් කරන අයකුද වේ.

නිතරම විහිළු කරමින් සාමකාමී විනෝදබර ජීවිතයක් ගත කිරීමට කුඩා කල සිටම හුරු වන ඔබ වැඩිහිටියකු වුවත් ඔබගේ එම ගතිය නම් මඟහැරී නොයනු ඇත.

ඔබ යම්කිසි හෙයකින් නීතීඥ වෘත්තිය රැකියාවක් ලෙස තෝරාගත හොත් ඔබ ඉදිරිපත් කරන තර්කවලට ප්‍රතිවාදී අයට පරාජය හිමිවේ. ඔබ විසින් ගෙන එනු ලබන තර්ක හොඳින් අවබෝධ කරගත හැකි ප්‍රකාශ කිරී‍මේ ශක්තියක් මුවින් වචන ගලාගෙන ඒමේ කථන ශක්තියත් හිමි ඔබ නිර්මාණාත්මකව ප්‍රශ්න නැගීමේ හැකියාව ඔබ සතු වනු ඇත. ඔබට යම්කිසි වූ සිතට වදදෙන ප්‍රශ්න හෝ කරදර පැමිණියහොත් එම ප්‍රශ්න කරදර ගැන වැඩි තැකීමක් නොකරන ඔබ ලේසි පහසු ක්‍රමයකට එම ප්‍රශ්නවලින් ගැලවේ. ලිපි ලේඛන කටයුතු සඳහාත් ග්‍රන්ථ රචනා කිරීමටත් ඔබ සතුව සුවිශේෂී හැකියාවක් පවතිනු ඇත. නව මෝස්තර නිර්ාණය කිරීමටත් සියුම් වූ කටයුතු සිදුකිරීමටත් මනා හැකියාවක් ඔබ සතුවේ. ඔබගේ අවශ්‍යතාවන් අනුව ඔබ සතු ධනය වියදම් කරන අතර එම වියදම අත්‍යවශ්‍ය වියදමක් හෝ අනවශ්‍ය වියදමක් හෝ සිතා බලා වියදම් නොකරන ඔබ වියදම්කාරකයකු ලෙස පෙනේ.පුවත්පත් සඟරා සම්බන්ධ කටයුතු සඳහා සම්බන්ධ වන්නේ නම් ඔබ ඉදිරිපත් කරන විශේෂාංගයට රසිකයන්ව ඇද බැඳ ගැනීමේ හැකියාවන් ඔබ සතු වේ. ඔබගේ අදහස් ධනාත්මක වේ. නිතරම ලස්සනට ඇඳිමට ප්‍රිය කරන ඔබ වටපිටාවත් ලස්සනට තබා ගනී. ඔබ ගන්නා වූ තීරණ වරදින්නේ කලාතුරකින් වේ. ඔබගේ තීරණ බුද්ධිමත් තීරණ වේ. ක්‍රියාශීලී ගතියෙන් හෙබි ඔබ නිතරම මොනයම් හෝ කාර්යයක නිරත වේ.

වැඩක් නොමැති නම් පත්තරයක් හෝ පොතක් බලයි. සැමට එකාසේ ආදරය කරන ඔබ ත්‍යාගශීලී පුද්ගලයකු වේ.

Comments