ස්වයංක්‍රීය කාර්වලට සමහරු බයයිලු | සිළුමිණ

ස්වයංක්‍රීය කාර්වලට සමහරු බයයිලු

 රියැදුරන් රහිතව ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳ අත්හදා බැලීම් දියුණු රටවල මේ වන විට සිදු කෙරෙමින් ඇත. එකී අත්හදා බැලීම්වල ඊළඟ පියවර වන්නේ ඒවා සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත කිරීමය. ඊට අඩිතාලමක් ලෙස, ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා දරන මතය විමසීමට අමෙරිකා එක්සත් ජනපද ආයතනයක් විසින් සමීක්ෂණයක් කරන ලදී.

සමීක්ෂණය කළ ආයතනය කියා සිටින්නේ ස්වයංක්‍රියව ධාවනය වන මෝටර් රථ භාවිතය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා තුළ බියක් ඇති බවකි. අමෙරිකාවේ සාමාන්‍ය ජනයාගෙන් 10%ක් පිරිසක් පමණක් ස්වයංක්‍රියව ධාවනය වන මෝටර් රථ ආරක්ෂා සහිතයැයි කියා පිළිගනිති. සමීක්ෂකයන් මේ බව කියා සිටියේ 2015 සහ 2016 වසරවල කරන ලද සමීක්ෂණවල දත්ත පදනම් කරගෙනය.

අමෙරිකානු වැසියන්ගෙන් 59%කගේ කැමැත්ත තිබෙන්නේ රියැදුරු කාර්යය ස්වයංක්‍රිය සිදු වන නමුත් රියැදුරා මුළුමනින් ඉවත් නොකරන ලද වාහන මහ මං මත දැකීමටයි. මේ නිසා මුළුමනින්ම ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ එක්වරම හඳුන්වාදීමට දුෂ්කර වනු ඇත. මහජන කැමැත්ත අනුව, ස්වයංක්‍රීය පාලනයත් රියැදුරු සහායත් යන දෙකම සහිතව ධාවනය වන මෝටර් රථ පළමුව නිෂ්පාදනය කරන්නට මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලට දැන් සිදුව තිබේ.

(mail online ඇසුරෙනි)
මංජුලා විජයරත්න

Comments