ඉසිපතන - ශා. පීතර ගැටුම අද

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ. ඒ පසුගිය වසරේ ශූරයන් වූ ඉසිපතන හා ශාන්ත පීතර කණ්ඩායම් අතරය. මෙහි පළමු අවසන් පූර්ව තරගයට ධර්මරාජ සහ ශාන්ත ජෝශප් කණ්ඩායම් තරග කළේය.

මෙවර ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය සඳහා ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ කණ්ඩායම් හය සහ පලඟ ශූරතා තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් මෙකී තරගාවලියට එක් විය.

මෙවර ලීග් ශූරයන් වූ රාජකීය කණ්ඩායමේ බහුතර ක්‍රීඩක පිරිසක් ආබාධවලට ලක්වීම නිසා, ඔවුන් ජනාධිපති කුසලාන තරගාවලියෙන් ඉවත් විය. මේ අනුව රාජකීය සහ ධර්මාරාජ අතර ජනාධිපති කුසලාන තරගයෙන් ධර්මරාජ කණ්ඩායමට නිතරග ජයක් හිමිවිය.

මෙතෙක් පැවැති තරගවලදි ඉසිපතන කණ්ඩායම දහ වතාවක් ජනාධිපති කුසලානය දිනා ගෙන ඇති අතර, බම්බලපිටිය ශාන්ත පීතර, ගල්කිස්ස ශාන්ත තෝමස්, පස්වතාව බැගින් හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම හතර වතාව බැගින් වැඩිම වාර ගණනක් ජනාධිපති ශූරයන් වී තිබේ. පසුගිය වසරේ ශූරතාව හිමිකර ගත්තේ ඉසිපතන කණ්ඩායමයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.