මුහුද අපවිත්‍ර කරන රටවල් හයට ශ්‍රී ලංකාවත් | සිළුමිණ

මුහුද අපවිත්‍ර කරන රටවල් හයට ශ්‍රී ලංකාවත්

 වැඩිම ප්‍රමාණයක් මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් හය අතුරින් ‍ශ්‍රී ලංකාව හය (06) වන ස්ථානයේ සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසන අන්දමට මේ අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදා හරිනු ලබන්නේ ධීවරයන් විසිනි. මෙසේ දිනකට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ටොන් හයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වන අතර, මේ අපද්‍රව්‍ය එකතු වීම නිසා මුහුදු මත්ස්‍යයන්ට, කොරල්පර සහ  මුහුදු පැළෑටිවලට විශාල වශයෙන් හානි සිදු වන බවත්, එම නිසා මේ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ධීවර වරාය මගින් දියඹට යන බහුදින යාත්‍රාවලින් වැඩි වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මේ තත්ත්වය උත්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත දියඹට යන ධීවර යාත්‍රා ධීවර නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන බවත්, බැහැර කරන අපද්‍රව්‍ය රඳවනයක් යාත්‍රාවල සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය කියා සිටී. එසේ දියඹට ගෙන යන අපද්‍රව්‍ය යළි ගොඩබිමට ‍නොගෙනෙන ධීවරයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බවද අමාත්‍යංශය සඳහන් කරයි‍. 

Comments