ඔබේ ගොවි ගැටලුවට අපෙන් පිළිතුරක්

• මගේ ගෙවත්තේ වැලි අධික පසක් ඇති බැවින් භෝගවල වර්ධනය දුර්වලයි. මෙය මඟහරවා ගත හැක්කේ කෙසේද?

අමාලි සිරිවර්ධන පානදුර

පිළිතුර
සාරවත් මතුපිට පස් හා කාබනික පොහොර මිශ්‍රණයක් යෙදීමෙන් සහ සෝදාපාළුව ඇති නම් පාංශු සංරක්ෂණ ක්‍රම යොදා පස සාරවත් කරගත හැකිය.

• තුඹ කරවිල වගාවක් සඳහා දඬු කැබැලිවලින් හා අල කැබැලිවලින් පැළ ලබා ගන්නේ කෙසේද?

නිර්මාලි ගුණවර්ධන වේයන්ගොඩ

පිළිතුර
පළමුව ගැහැණු හා පිරිමි වැල් වෙන් කරගෙන දඬු කැබැලි සිටුවීීමේදී අග්‍රස්ථයේ පුරුක් 02ක් 04ක් ප්‍රමාණය‍කෙපාගෙන සිටුවා ගැනීමෙන් හෝ අල කැබැලිවලි වැලි තාවනක පැළ නොව කාලය මඟහරවා සිටුවා ගැනීමෙන් පැළ ලබා ගත හැකිය.

• දෙහි වගාවේ පත්‍ර කහපාට වී හැලී යයි. අතුවල රෝස පාට කුඩු දැකිය හැකිය. සමහර අතු හා ශාක මැරී යයි. මේ තත්ත්වය පාලනය කර ගත හැක්කේ කෙසේද?

ගංගා පෙරේරා ගාල්ල

පිළිතුර
මෙය දෙහි වගාවේ රක්ත පටල දිලීර රෝගය ලෙස හඳුන්වයි. හානිය වූ අතු කපා දැමීම හා මැරුණු ශාක ගලවා පුළුස්සා දමා නිර්දේශිත දිලීර නාශක යෙදී‍ම මඟින් පාලනය කරගත හැකිය.

• රට දෙල් වාරයේදී දෙල් පහසුවෙන් කල්තබා ගත හැක්කේ කෙසේද?

රමණී දල්පතාදු ගම්පහ

පිළිතුර
නියමිත පරිදි පැසුණු ගෙඩි අස්වනු නෙළා පොලිතින්වලින් ඔතා 12c උෂ්ණත්යේ සති 02 ක් පමණ පහසුවෙන් ගබඩා කළ හැකිය.

• ඕකිඩ් වගාවේ ළපටි දලු ඉහළ සිට පහළට කුණු වී පත්‍ර කහපාට වී හැලී යයි. සමහර ස්ථානවල පැළ මැරී යාමක්ද සිදුවී ඇත. මේ තත්ත්වය වළක්වා ගත හැක්කේ කෙසේද?

අමල් තේනුවර කඩවත

පිළිතුර
මෙය ඕකිඩ් වගාවේ අග්‍රස්ථ කුණු වීමේ දිලීර රෝග ලක්ෂණ වේ. වර්ෂාවට ලක්වන වගාවල බහුලව වැළ‍ෙඳේද. වැසි ආවරණ ගෘහ තුළ වගා කිරීම හා රෝගී ශාක කොටස් ඉවත් කිරීමත් රෝග ආසාදිත වකවානුවෙහි පොහොර යොදා පාලනය කිරීම හා නිර්දේශීත දිලීර නාශකයක් යෙදීමෙන් පාලනය කරගත හැකිය.

• ගෙවත්තේ වට්ටක්කා වැල්වල මල් පිපුණ ද අස්වනු හට ගැනීමක් සිදු නොවිණි. මේ තත්ත්වය මඟහරවා ගත හැකිද?

වට්ටක්කා වගාවේ වැල්වල පිරිමි මල් හා ගැහැණු මල් වශයෙන් වෙන වෙනම හට ගනියි. සාමාන්‍යයෙන් දිගු දිවා කාලයක් පවතින ජූනි මාසයේ දී ගැහැණු මල් හට ගැනීම ප්‍රමාද වේ. එසේම නයිට්‍රජන් අධික පොහොර භාවිතා නිසාද මේ තත්ත්වය ඇති විය හැකිය. එබැවින් නයිට්‍රජන් පොහොර නියමිත ප්‍රමාණයට භාවිතා කිරීම හා මල් පිපෙන අවස්ථාවේ පොටෑසියම් අඩංගු පොහොර යෙදීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැකිය.

• වම්බටු වගාවේ පත්‍ර කහපාටවීම හා පහළ පත්‍ර ධාරයන් වටා මැරී යාම හා උඩු අතට හැකිළී යාම සිදුවේ.

නිර්මලා රත්නබාහු පාදුක්ක

පිළිතුර
මෙය වට්බටු වගාවේ කොළ පත්‍ර කීඩෑවාගේ හානියයි. වියළි කාලයේ හානිය වැඩිය. පත්‍ර අතර ළා කොළ පැහැති පනින කුඩා කීඩෑවෙකු දැකිය හැකිය. වල්පාලනය කර වගාව පවත්වා ගැනීමෙන් හා වගාවට තෙතමනය ලැබෙන පරිදි ජලය සම්පාදනය කිරීමෙන් හා ඇලෙන සුළු ග්‍රීස් සහිත උගුල් භාවිතා කර පාලනය කළ හැකි නම් හානිය අවම කරගත හැකිය. හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

• අන්නාසි වගාව සඳහා ගෙඩි සහිත කරඬු මො‍රෙයියන් සිටුවීම මඟින් වෛරස් රෝග රහිත පැළ ලබාගත හැකිද?

අමල්කා දීපානි පන්නල

පිළිතුර
කරඬු මොරෙයියා භාවිතා කිරීමෙන් පීදීම සඳහා ගත වන කාලය වැඩිය. මෙය ආර්ථික වශයෙන් අවාසිදායක වේ. බොහෝවිට කරඬු මොරෙයියන් වෛරස් රෝගවලින් තොර බැවින් මෙය භාවිතා කර පැළ ලබාගත හැකිය. නිරෝගී මවු වගාවක් සඳහා මෙය ඉතාමත් සුදුසුය.

• පොල් වගාව කරන බිමක අතුරු භෝගයක් ලෙස අන්නාසි හා මඤ්ඤොක්කා වගා කිරීමෙන් පොල් වගාව නිසරු වේද?

මාලක පෙරේරා කුරුණෑගල

පිළිතුර
අන්නාසි සහ මඤ්ඤොක්කා වගාව සඳහා වැඩි පෝෂක ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ වගාව අවසානයේ අවශේෂ ද ක්ෂේත්‍රයෙන් ඉවත් කරයි. මේ නිසා අතුරු භෝග වගාවට හා පොල් වගාට කාබනික හා රසායනි අවශ්‍ය පරිදි යෙදීමෙන් පොල් වගාව නිසරු වීම වළක්වා ගත හැකියත

• කුඩා ගෙවතු සඳහා පලතුරක් ලෙස මැංගුස් වගා කළ හැකිද?

ගාමිණී සිරිසේන කළුතර

පිළිතුර
මැංගුස් සඳහා බීජ පැල හා බද්ධ බැළ භාවිතා කරයි. කුඩා ගෙවතු සඳහා බද්ධ පැළ යොදා ගැනීම වඩාත් සුදුසුය.

• තේක්ක වගාව තුළ වෙනත් භෝග වගා කිරීම සුදුසුද?

අමල් වජිර අනුරාධපුර

පිළිතුර
බොහෝවිට තේක්ක වගාව වියළි කලාපයේ සිදු කරයි. තේක්ක වගාව ආරම්භයේ සිට පළමු වසර තුන පමණ කාලයක් සාර්ථකව වගා කර පසුව ඊළඟ අවුරුද්දේ අතුරු භෝග වගා කළ හැකිය.

• රබර් වගාව සමඟ අතුරු භෝග වගා කිරීමට බලාපොරොත්තු වෙමි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද?

දිල්හාර ප්‍රියදර්ශන කෑගල්ල

පිළිතුර
රබර් වගාවට වයස අවුරුදු පහ දක්වා අතුරු භෝග වගා කළ හැකිය. මේ සඳහා රබර් පේළි අතර අඩි 25ක පරතරයක් හා පැළ අතර අඩි 8ක පරතරයක් වන සේ රබර් වළවල් සලකුණු කරන්න. රබර් පැළයක සිට මීටර් 1 ක් පමණ ඉඩ හැර ඉතිරි කොටසේ අතුරු භෝග වගා කරන්න. මේ සඳහා අවශ්‍ය උපදෙස් අදාළ ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරි මහතාගෙන් ලබා ගන්න.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.