ලොව පැරණිම බිම්මල | සිළුමිණ

ලොව පැරණිම බිම්මල

 පැරණිතම හතු විශේෂයක පොසිලයක් විද්‍යාඥයන් අතට පත් වේ. හතු විශේෂය මෙයට වසර මිලියන 115කට පළමුව පෘථිවිය මත තිබෙන්නට ඇතැයි යනුවෙන් විශ්වාස කෙරේ. හතු විශේෂය සොයාගෙන තිබෙන්නේ බ්‍රසීලයෙනි. එය නම් කර තිබෙන්නේ ගොන්ඩ්වානාගාරිසිටෙස් මැග්නිෆිකස් (මංජුලා ජූනිGondwanagaricites magnificus) යනුවෙන් බව විද්‍යාඥයෝ පවසති. මුළු බිම්මලම ඉතා හොඳින් සංරක්ෂණය වී තිබී ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.

ගොන්ඩ්වානා නමින් හැඳින්වුණු සුපිරි මහාද්වීපය කොටස්වලට බිඳී වෙන්වී යෑමේදී එකී බිම්මල ගඟකට වැටී ගසා ගෙන ගොස් ඇත. අනතුරුව එය ලවණවලින් ගහන කළපුවක් තුළ ගිලී ගොස් තිබේ. ගිලී ගිය බිම්මල අවසාදිත පාෂණ අතර තැන්පත් වී සංරක්ෂණය වීම ආරම්භ වී ඇත. ක්‍රිටේෂියස් යුගයට අයත් මේ බිම්මලෙහි පොසිලය සොයා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ.

බිම්මල සෙන්ටිමීටර 5ක පමණ උසකින් යුක්ත එකකි. එහි දේහ කොටස් සියල්ලක්ම වාගේ ඉතා හොඳින් පැවැති බවත් ප්‍රබල අන්වීක්ෂ මගින් ඒවා පැහැදිලිව දැක බලාගත හැකි වූ බවත් විද්‍යාඥයෝ පවසති.

මෙකී පොසිලය සොයා ගන්නට පෙර ලොව පැරණිතම බිම්මල ලෙස සැලකුණේ වසර මිලියන 99කට පමණ පළමුව තිබුණේ යැයි කියා අනාවරණය කරගෙන තිබුණු බිම්මලකි. එය සොයා ගැනුණේ මියැන්මාරයෙනි.

මංජුලා විජයරත්න

Comments