පොල් කොළ ‍මෝරුන් අලෙවි කිරීමේ ජාවාරමක්

 වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය ‍විශේෂයක් වන පොල් කොළ ‍මෝරුන් (Ocean white strip shark) අල්ලා අලෙවි කිරීමේ ජාවාරමක් දකුණු මුහුද ආශ්‍රිතව සිදු කෙරෙන බව හෙළි වී ඇත.

පසුගියදා බේරුවල ධීවර වරාය පරීක්ෂා කිරීමේදී මේ ජාවාරම පිළිබඳව හෙළි වී ඇත.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් ඔස්සේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගියදා බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කිරීමේදී පොල් කොළ ‍මෝරු (Ocean white strip shark) කිලෝග්‍රෑම් 114 ක් ට්‍රෝලර් යාත්‍රාවක් තුළ සගවා තිබියදි අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ සමඟ පොල් කොළ ‍මෝරු ජාවාරමෙහි නිරතව සිටි පුද්ගලයින් හයදෙනෙකුද (06) අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයින් හා ට්‍රෝලර් යාත්‍රාව සහ මෝරු තොගය අත් අඩංගුවට ‍ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.