විකල්ප ඉක්මනින් ඕනෑ | සිළුමිණ

විකල්ප ඉක්මනින් ඕනෑ

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශය විසින් පොලිතින් හා සිලි සිලි බෑග්, ලන්ච් සීට් තහනම් කිරීම පිළිබඳව පරිසර සංවිධාන හා පරිසරවේදීහු සිය බලවත් සතුට පළ කරති.

රටේ ප්‍රධාන පරිසර ගැටලුවක් වන මේ ප්‍රශ්නය විසඳීමට රජය මෙලෙස ක්‍රියාකිරීම පිළිබඳව ද ඔවුහු බලවත් සතුට පළ කරති.

මේ පිළිබඳව පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අදහස් දැක්වූ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ පරිසරවේදීහු පැවසුවේ මෙය ඓතිහාසික කටයුත්තක් බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ සංසදයේ සභාපති නයනක රන්වැල්ල මහතා පැවසුවේ මේ වැඩ පිළිබඳ දිගටම කරගෙන යාම රජයේ යුතුකම බවයි.

මේ පිළිබඳව කරුණු දක්වන පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසන්නේ විකල්ප සඳහා බදු සහන ලබාදීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතු බවයි.

විකල්ප ජනප්‍රිය කරවීමට මෙන් ම අඩු මිලට ඒවා ලබාදීමට කටයුතු කිරීම පරිසර අධිකාරියේ යුතුකම වී ඇතැයි ද ඔහු කීය.

මේ පිළිබඳ අදහස් දක්වන මිහිතල මිතුරෝ සංවිධානයේ ලේකම් කරුණාදාස මූණගම මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ පරිසර හිතකාමී වුවත් එය ක්‍රියාවට නැංවිය යුත්තේ ජනතාව අවහිරයක් නොවන පරිදි බවයි. 

Comments