අපනයන සංවර්ධන මණ්ඩලයෙන් රබර් නිෂ්පාදන හා තාක්ෂණික පුහුණුව

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජුනි 13 සිට 16 දක්වා දිනවල එක්සත් රාජධානියේ ටුන් අබ්දුල් රසාක් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි (TARRC) රබර් නිෂ්පාදන අංශය සඳහා කාර්මික පුහුණු හා නිරාවරණ වැඩසටහනක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නිලධාරියකු ඇතුළු රබර් ආශ්‍රිත භාණ්ඩ නිපදවීම සහ අපනයනය කරන ප්‍රමුඛ සමාගම් කිහිපයක් මෙයට සහභාගී වූ අතර ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම, එලාස්ටොමෙරික් ඉන්ජිනියරින් ලිමිටඩ්, ටෙක්ස්ට්‍රිප් (ප්‍රයිවට්) ලිමිටඩ්, කැම්සෝ ලෝඩ්ස්ටාර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඇන්සල් ලංකා (පුද්) සමාගම, ජැෆර්ජි බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස් (පුද්) සමාගම, සැම්සන් රබර් ඉන්ඩස්ට්රීස් ලිමිටඩ්, මැරන්ගෝනි කාර්මික ටයර්ස් ලංකා (පුද්) සමාගම, ඊයූ රීටෙක් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී.යන ආයතන ඒ සඳහා සහභාගී වූහ.

මෙම වැඩසටහනේ අරමුණු අතර රබර් තාක්ෂණය පිළිබඳ නවීන තාක්ෂණික වර්ධනයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම, දියුණු උපකරණ භාවිතයෙන් රබර් නිෂ්පාදන පරික්ෂාව සඳහා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම, රබර් තාක්ෂණය හා එහි යෙදීම් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ උනන්දුව ඇති කිරීම පෙන්වාදිය හැකිය.

ටුන් අබ්දුල් රසාක් පර්යේෂණ මධ්‍යස්ථානය (TARRC) යනු එක්සත් රාජධානියේ රබර් පර්යේෂණ හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයකි. මෙමගින් රබර් ආශ්‍රිත උපදේශනයන් මගින් එහි විද්‍යාත්මකභාවය, ඉංජිනේරු තාක්ෂණය, රබර් කර්මාන්තයේ සැකසුම්, ද්‍රව්‍ය සහ නිෂ්පාදන සංවර්ධනය, ඉංජිනේරු සැලසුම්, ඇගයීම හා පරීක්ෂණ සහ නිෂ්පාදන තාක්ෂණය මගින් රබර් කර්මාන්තය දියුණු කිරීම සඳහා යොමු කෙරේ. ඔවුන් ඉලාස්ටෝමෙරික් සහ පොලිමර් තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් වන අතර විශේෂඥතාව සහ පුළුල් පහසුකම්වලට ප්‍රවේශ වී 30 වසරක අත්දැකීම් සහිත විවිධාකාර ගනුදෙනුකාර භවතුන්ගෙන් සමන්විත වන අතර එයට පුළුල් පරාසයක කර්මාන්තද ඇතුළත් වේ.

ඒ මගින් විශ්ලේෂණාත්මක පරීක්ෂණයන්ගෙන් ප්‍රතිඑල ලබා දීම නිරතුරුවම සිදුකරනු ලබයි. කෘතිම පොලිමර් පරීක්ෂාව ඇතුළු රබර් පරීක්ෂා කිරීම සහ ට්‍රක් සහ මගී ටයර් සඳහා පරීක්ෂා කරන උපකරණ ඇතුළුව ලෝකයේ වඩාත්ම තරගකාරී ටයර් පරීක්ෂා කිරීමේ පහසුකම් ආදියද එමඟින් සිදුකරනු ලැබේ.

රබර් නිෂ්පාදන අංශය ලංකාවේ හතරවන විශාලතම අපනයන ආදායම වන අතර එහි ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වෙනුවෙන් ලංකාව කීර්ති නාමයක් ඇති කරගෙන තිබේ. මෙම කර්මාන්තය තාක්ෂණයෙන් යුත් කර්මාන්තයක් වන අතර නවීන යන්ත්‍රෝපකරණ සහ උපකරණ, පරිණත සැකසුම් තාක්ෂණය සහ ඉහළ මට්ටමේ නිපැයුම් සංවර්ධනය පිළිබඳ ගෝලීය වෙළඳපළ ප්‍රවණතා සමඟ අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් අවශ්‍ය වේ. එය අවම පිරිවැය සහිත ඵලදායි නිෂ්පාදන ක්‍රියාවලියකි. රබර් නිෂ්පාදිත අපනයනයන් 2014, 2015 සහ 2016 දී පිළිවෙළින් ඇ.ඩො. මිලියන 889, ඇමෙරිකානු ඩොලර් මිලියන 761 ක් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 768 ක් විය. 2016 වසරේ දී එහි වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව 0.91% කි. රබර් නිෂ්පාදන සඳහා ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බෙල්ජියම, කැනඩාව සහ ඉතාලිය වේ.2016 වර්ෂයේ පමණක් එක්සත් රාජධානියට රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඇ ඩො මිලියන 29 කි.

රබර් නිෂ්පාදින කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. නිෂ්පාදින ක්‍රියාවලියේ දී නව්‍යකරණයට ලක් කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම සඳහා, නවෝත්පාදනයන්, ප්‍රමිතීන් හා අවශ්‍ය‍ සහතික කිරීම්, නව ඉලාස්ටෝමෙරික් හා පොලිමර් තාක්ෂණය, රසායනාගාර පරීක්ෂණ ආදිය ලෝකයේ දියුණු රටවලින් ලබා ගත හැකිය. ඉහත සන්දර්භය තුළ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තයට සහාය දැක්වීම සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර දැනට ක්‍රියාත්මක වන ISO 14001 සහ 50001 යන පද්ධති සංවර්ධන වැඩසටහන් ඒ අතරින් පෙන්වාදිය හැකිය. 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ නොතිබූ අදාළ සහතික ලබාගැනීම හා පරීක්ෂණ ලබා ගැනීම සඳහා මූල්‍යාධාර සහය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන ලදි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.