කෘෂි යන්ත්‍රවලට පණ දෙන නව තාක්ෂණය | සිළුමිණ

කෘෂි යන්ත්‍රවලට පණ දෙන නව තාක්ෂණය

මුලදී මිනිස් අතින් මෙහෙයවු මේ යන්ත්‍ර අද වන විට ගොවිපොළේ සිට දුරස්ථ පාලකයකින් පරිගණක ජාලයේ ආධාරයෙන් ක්‍රියාත්මක කිරිමට තරම් දියුණුවක් ලබා ඇත්තේ නව තාක්ෂණය නිසාය. උසස් වර්ගයේ නව නිපැයුම් නිසා කාලය ඉතිරිකර ගැනීමටත් ඉන්ධන බීජ හා පොහොර නාස්තිය වළක්වා ගැනීමටත් හැකි වී ඇති බව වාර්තා වේ. එහි දියුණුව කෙතරම් ද යත් මේ වන විට රියැදුරන් නොමැතිව ට්‍රැක්ටරය ඇතුළු නව කෘෂි යන්ත්‍ර දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කිරිම කුඩා ගුවන්යානා මඟින් තෙල් පෙහොර ඉසීම දක්වා දුර ගමනක පැමිණ ඇත.

වර්තමානයේ වී ගොවිතැන් කටයුතුවලදී මෙන්ම අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතුවලදී අති නවීන කෘෂි යන්ත්‍රෝපකරණ යොදා ගැනීම නව ප්‍රවනතාවකී. ලෝකයේ දියුණු රටවල මේ නව තාක්ෂණය මුසු කෘෂි යන්ත්‍ර යොදා ගැනීම නිසා විශාල වශයෙන් කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගන්නා අයුරු අපට දැක ගත හැකිය. මේ වන විට විවිධ වර්ගයේ නවීන යන්ත්‍ර කෘෂි ක්ෂේත්‍රයට ඇතුළු වෙමින් තිබෙන අතර‍ ඒවා අත් ආයුද සහ බල ආයුධ වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. මේ වර්ග දෙකම අද කාබනික සහ කාබනික නොවන වගා කටයුතුවලට බහුල වශයෙන් යොදා ගැනේ. මෙහිදී බල ආයුධයක් හැටියට කෘෂි කර්මාන්තයේ දී කැපී පෙනෙන යන්ත්‍රයක් වන්නේ ට්‍රැක්ටරයයි.

කෘෂිකර්මාන්ත ක්‍රියාවලියේ දී ට්‍රැක්ටරය සුවිශේෂ වන්නේ ඒහා බැඳි අනුශාංගික යන්ත්‍ර කොටස් රැසක් ක්‍රියාත්මක කිරිමට හැකි වීමයි. මේ නිසා ට්‍රැක්ටරය කෘෂි කර්මාන්තයේ දි අති විශාල සේවාවක් ඉටු කරනු ලබන ප්‍රධානතම කෘෂි යන්ත්‍රයකි.

සම්ප්‍රදායික ගොවි උපකරණ වෙනුවට යන්ත්‍රානුසාරයෙන් ගොවිතැන් කිරිම ඇරැඹෙන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. මේ වන විට කුඹුරෙහි සෑම දෙයක්ම සිදුවුයේ මිනිස් සහ සත්ත්ව ශ්‍රමයෙනි. එදා එය අති පීඩාකාරි මෙන්ම අධික වෙහෙසක් දැරීමට සිදුවන කාර්යයක් විය. විශේෂයෙන්ම ගොයම් කැපීම කොළ මැඬීම වැනි කාර්යයන් වලදී ඇතිවන දුෂ්කරතා බහුල විය. නොයෙකුත් දේශගුණික විපරියාසයන් නිසා කාලය කළමනාකරණය කරගත නොහැකි වීමෙන් විශාල පාඩු සිදුවේ.

නව යන්ත්‍ර සුත්‍ර බිහිවන්නේ මෙවැනි වකවානුවකය. නව යන්ත්‍රසුත්‍ර බිහිවීම මේ කාර්යයන් පහසු කරන්නක් විය. මෙහිදි මුලින්ම කුඹුරට බැස්සේ ට්‍රැක්ටරයයි. කෘෂිකර්මාන්තයට ට්‍රැක්ටරය මුලින්ම හඳුන්වා දී ඇත්තේ 19 වන ශත වර්ෂයේදීය.

කෘෂිකර්මාන්තයේ දී මිනිස් ශ්‍රමය හැරුණු විට ගෘහස්ථ සතුන් ගෙන් මේ කර්මාන්තයට ලැබුණු බලය සුළුපටු නොවේ. දුම් බලය මඟින් ක්‍රියාත්මක වන යන්ත්‍ර සුත්‍ර හඳුන්වා දීම නිසා එතෙක් පැවැති සත්ත්ව බලය ද අතහැර දමන්නට සිදුවිය. අවශ්‍ය තැනට ගෙන යා හැකි දුම් බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර උපකරණ බිහිවීම මෙන් කෘෂි කටයුතු ක්‍රමයෙන් වේගවත් කිරිමට හැකි විය. පසුව කාලයත් සමඟ මේ කෘෂි යන්ත්‍ර ද දුම් බලය යටපත් කරමින් පෙට්රල් සහ ඩීසල් ඉන්ධන බලයෙන් දුවන යන්ත්‍ර බවට පත් වුණි.

කෙසේ වුවද නව තාක්ෂණය කෘෂි යන්ත්‍ර සුත්‍රවලට ආදේශ කිරිම නිසා කෘෂි ක්ෂේත්‍රයෙහි විශාල පෙරළීයක් සිදුවිය. මුලදී මිනිස් අතින් මෙහෙයවු මේ යන්ත්‍ර අද වන විට ගොවිපොළේ සිට දුරස්ථ පාලකයකින් පරිගණක ජාලයේ ආධාරයෙන් ක්‍රියාත්මක කිරිමට තරම් දියුණුවක් ලබා ඇත්තේ නව තාක්ෂණය නිසාය. උසස් වර්ගයේ නව නිපැයුම් නිසා කාලය ඉතිරිකර ගැනීමටත් ඉන්ධන බීජ හා පොහොර නාස්තිය වළක්වා ගැනීමටත් හැකි වී ඇති බව වාර්තා වේ. එහි දියුණුව කෙතරම් ද යත් මේ වන විට රියැදුරන් නොමැතිව ට්‍රැක්ටරය ඇතුළු නව කෘෂි යන්ත්‍ර දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කිරිම කුඩා ගුවන්යානා මඟින් තෙල් පෙහොර ඉසීම දක්වා දුර ගමනක පැමිණ ඇත.

නව තාක්ෂණයට අනුව දිනෙන් දින නව්‍යකරණය වෙමින් බිමට හඳුන්වා දෙන නව කෘෂිකාර්මික යන්ත්‍රවල ක්‍රියාකාරිත්ය විවිධය. ඒවා මෙසේය.

1 කෘෂිකර්මාන්තයේ ප්‍රධානතම යන්ත්‍රය වන්නේ ට්‍රැක්ටරයයි. යමක් වේගයෙන් ඇදගෙන යාමට සහ තල්ලු කිරිමට මෙයින් විශාල උදව්වක් ලැබේ. එපමණක් නොව ට්‍රේලරයක් හෝ තවත් කුඩා යන්ත්‍රයක් අමුණාගෙක ක්‍රියා රැසක් සිදු කිරීම ඇතුළු ගොවිතැනේ දී දක්වන කඩිනම් සහයෝගය අති විශාලය.

2 වැදගත් වන කෘෂි යන්ත්‍රය වන්නේ ඉසින යන්ත්‍රයයි. මෙය ජංගම සහ ගුවනේ සිට ඉසින වශයෙන් දෙකොටසකට බෙදේ. පළිබෝධක, කෘමිනාශක සහ පොහොර සිට කෘෂි බීජ යනාදිය ඉසිම දක්වා කටයුතු සිදුකිරිමට මේ යන්ත්‍ර මහෝපකාරි වේ.

3 කෘෂි යන්ත්‍රය නම් තවත් කොටසක් සම්බන්ධ කරගත් යන්ත්‍රයකී. මේ මගින් අස්වැන්න නෙලීම ගොයම් පෑගීම සහ ධාන්‍ය ශාක පිරිසිදු කිරිම සිදු කරයි.

4 කෘෂි යන්ත්‍රය කපු වගාවට අවශ්‍ය කටයුතු සිදු කර දෙයි. එය ස්වයංක්‍රීයව ක්‍රියා කරයි. මේ යන්ත්‍රය කපු ඇහුළුම් සහ ඉවත් කර දීමේ කටයුතුවල නිරත වෙයි.

5 යන්ත්‍රය වගාකරුවෙකුගේ කාර්යය ඉටු කරයි. පැළ සිටුවීමට පෙර පස කළඹා කුඩු කරයි. වල් පැළෑටි උදුරා දමයි. වායු ගන්වා බීජ උද්දීපනයට පහසු වන ආකාරයට පස සකස් කරයි. කුඹුරේ බීජ පැළ කිරිමට පෙර පොළොව උණුසුම් කරමින් වල් පැළෑටි මරා දැමීම, වල් පැළ මර්දනයට මේ වගාකාර යන්ත්‍රය උදව් වෙයි. තවද බීජ වැඩෙන කාලයේ දි ඒවායේ වර්ධනයට අවැසි පොහොර පස මිශ්‍රකිරිම සහ ජලය පාලනය කරමින් අවැසි පෝෂණය ලබාදෙයි.

6 කෘෂි යන්ත්‍රය මගින් සිදු කරන්නේ කැපීම සහ තීරු කිරීමේ ක්‍රියාවලියයි. මේ යන්ත්‍රය අනවශ්‍ය වල් පැළෑටි වර්ධනය නවතාලීමට ද ක්‍රියා කරයි‍.

7 කෘෂි යන්ත්‍රය බක්කියක් ඈදුණු හෝ ට්‍රයිසිකලයක හැඩයගත් කෙටි මාර්ගවල ධාවනය කළ හැකි යන්ත්‍රයකී.

8 කෘෂි යන්ත්‍රය දැති සහිත එකකි. පොළොවෙහි පස පෙරළීමට තරම් ශක්තිමත් යන්ත්‍රයකී. මේ මගින් කුඹුරෙහි ඇති වල් පැළ සහිත පස ගැඹුරින්ම හාරා ඉවත් කිරිමට සමත්ය. ‍ඉන් ගැලවෙන වල් පැළ සිහින්ව ඇඹරී පසෙහිම මැරී යන ක්‍රියාවලියක් සිදු කර දෙයි. හරිත පොහොර බවට පත් කර පස සරු කරයි.

9 කෘෂි යන්ත්‍රය සිදු කරන්නේ බීජ රෝපක කාර්යයයි. අවශ්‍ය කටයුතු සිදු කරන්නේ ස්වයංක්‍රීයවයි.

10 කෘෂි යන්ත්‍රය නගුලයි. මේ උපකරණය මගින් වගාවේ මුල් අවස්ථාවේ බීජ ඉසීමට හෝ පැළ සිටුවිමට පෙර පස සකස් කර දෙයි.

11 යන්ත්‍රය අස්වැන්න මිටි බැඳීමේ කාර්යයට උදව් වෙයි. මෙය යන්ත්‍රයක කොටසක් වන අතර මෙයින් බෝග ගස මිරිකීමට එකතු කිරිමට මිටි බැඳීමට ගබඩා කිරිමට සහ ප්‍රවාහනය කිරිම යනාදි කටයුතු වලට උදව් වෙයි.

12 කෘෂි යන්ත්‍රය ගොයම් කපන්නාගේ සහ මිටි බඳින්නාගේ කාර්යය ඉටු කර දෙයි. මෙයට අමතරව ධාන්‍ය ගසේ කුඩා දඬු කැපීම සහ කුඩා පොදි බැඳීමට ද උදව් කරයි.

13 කෘෂි යන්ත්‍රය පස ආපසු ඇදීමේ ක්‍රියාවලිය සිදු කරයි. තවද එහි ඇති බොකුටු හැන්දෙන් පස් හාරා ඉවත් කර දෙන යන්ත්‍රයකී.

14 කෘෂි යන්ත්‍රය වන්නේ ලෝඩරය හෙවත් පටවනයයි. මෙය තවදුරටත් ඉදිරි පටවනයක් වන අතර බක්කිය සහිත ය. සවල් ක්‍රියාවලිය ද සිදු කරයි. එයද ට්‍රැක්ටරය වැනිය. එහි එහා මෙහා කළ හැකි අවයව කොටස් නිසා එසවීම හා මාරු කිරිම ද කළ හැකිය.

15 කෘෂි යන්ත්‍රය මගින් කෘෂි කාර්යන්වලදී අවශ්‍ය ඇල කිරිමට හැකි පැටවුම් යන්ත්‍රයකී. මිනිස් ශ්‍රමය අඩු කරමින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය විශාල වැඩ කොටසක් කළ හැකි යන්ත්‍රයකී.

16 කෘෂි යන්ත්‍රය යොදා ගන්නේ යටි පසේ වැඩ කටයුතු සඳහාය. මෙය ද පස බුරුල් කිරිමට සහ පස බිඳීමටත් සහ භ්‍රමණය වෙමින් පෝරු ගෑමත් සිදු කර දෙයි.

17 කෘෂි යන්ත්‍රය කුඹුර මඩ කරන දැති පෝරුවක කාර්යය ඉටුකරයි. පස සිනිඳු කර මුහුනත ඔප කරදෙයි. බිම කෙටීම සහ නගුලක කාර්යයට වඩා වෙනස් කාර්යක් ඉටුකර දෙයි.

18 කෘෂි යන්ත්‍රය කැරකැවෙන සියුම් තල සහිතය. මේ මගින් පස භ්‍රමණය කරයි.

19 කෘෂි යන්ත්‍රය මගින් සිදු කරන්නේ සහල් වල පොතු ඇරීමේ කාර්යයි.

20 කෘෂි යන්ත්‍රය ධාන්‍ය කරත්තයයි.මේ වාහනය යොදා ගන්නේ ධාන්‍ය එක් තැනක සිට වැඩි දියුණු කිරිම සඳහා තව තැනකට ප්‍රවාහන කටයුතු සඳහාය.

මේවන විට John Deere, CNH, AGCO, CLAAS, Same Deutz-Fahr, Kubota ගෝලීය වශයෙන් කෘෂිකාර්මික උපකරණ නිපදවන විශාලතම සමාගම් 6කි. මේ අතරින් John Deere, CNH යනාදි සමාගම් ආදායම් අතින් ඉදිරියෙන් සිටින සමාගම්ය. 2013 වසරෙහි විශාලතම නිෂ්පාදකයා වන්නේ යුරෝපයයි. ගෝලීය නිෂ්පාදනයෙන් 31% ක් යුරෝපයෙන් ද උතුරු අමෙරිකාව 26.5% ක් ද චීනය 26.5% ක් ද ඉතිරි රටවලින් 16% ක් ද යනුවෙනි. තවද ලොව පුරා කෘෂි යන්ත්‍ර සහ අනෙකුත් උපාංග නිෂ්පාදන ඉපයීම්වල වටිනාකම යුරෝ බිලියන 95 පමණ වෙයි. ආසියානු රටවල් අතර චීනය ඉන්දියාව සහ තුර්කිය කෘෂිකාර්මික යන්ත්‍ර නිපැයුම් කර්මාන්තයේ ඉදිරියෙන් සිටින රටවල්ය. චීනය වැඩි වශයෙන්ම ට්‍රැක්ටර් සහ අස්වැන්න නෙලීමේ උපකරණ නිෂ්පාදනය කෙරෙන බව වාර්තාවල දැක්වෙන අතර 2013-2014 වසර අතර වාර්ෂික නිෂ්පාදන ඒකක මිලියන 2.25 ක් බව දැක්වේ.

ඉන්දියාව එංගලන්තයේ කෘෂිකර්ම තාක්ෂණ සංවර්ධන වැඩ පිළිවෙල යටතේ කෘෂි නිෂ්පාදන යන්ත්‍ර කෘෂි ප්‍රජාව වෙත හඳුන්වාදීමට පියවරගෙන ඇති අතර ඔවුන්ගේ විශේෂත්වය වන්නේ දේශියත්වයට මුල්තැන දීමයි. තුර්කිය ද කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කෘෂි නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනයෙහි යෙදී සිටින ආසියාතික රටක් වන මුළු රටේම කර්මාන්තශාලා 1000 ක පමණ කෘෂි නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනය කරන බව දක්වයි.

වසර 2050 වන විට වැඩි වන ජනගහණයට අනුව ගෝලීය කෘෂි නිෂ්පාදන අවශ්‍යතාව දෙගුණ වනු ඇතැයි ගණනය කර ඇත. මේ අනුව යන්ත්‍ර සූත්‍රවල අවශ්‍යතාවද ප්‍රබල වේ.

ඩඩ්ලි පෙරේරා

Comments