ඩෙංගු මර්ද­න­යට එක් වෙමු | සිළුමිණ

ඩෙංගු මර්ද­න­යට එක් වෙමු

ඩෙංගු යනු වර්තමානයේ පවතින වසංගත රෝගී තත්ත්වයකි. ඩෙංගු බෝවන්නේ 'ඩෙංගි' නම් මදුරුවාගෙනි. රෙංගු රෝගයේ දරුණුතම දෙය වනුයේ එය වැලදුණු විට මරණයට පවා පත්විමය. පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 50,000ක් පමණ ද මේ වසරේ මේ වනවිට රෝගීන් 75,000ක් පමණ ද වාර්තා වී තිබේ. මෙසේ දිනෙන් දින ඩෙංගු වර්ධනයට හේතුව අපේම වරදයි. ඉවතලන යෝගට් කෝප්ප, පොල්කටු, පොලිතින් වැනි දෑ ජලය රැස්වන ආකාරයට පරිසරයට බැහැර කර තිබෙන්නට හැරීම ඩෙංගු මදුරුවාට ආධාරකයකි. එම නිසා ඒ ගැන අප විමසිලිමත් විය යුතු වෙමු.

මේ වෙද්දී සැම තැනම ඩෙංගු පිළිබඳ දැඩි අවධානයක් යොමුව පවතී. ඩෙංගු රෝගීන් බහුල ප්‍රදේශවල ධූමායනය කිරීම ද සිදුවේ. ‍තව කෙනකු කරන තෙක් නොහිට තම තමන්ගේ ගෙවත්ත අවට පරිසරය පිරිසුදු තබා ගැනීමට වග බලා ගැනීම තමාගේ මෙන්ම රටේ සැමගේ සෞඛ්‍යයට හිතකර බව අවධාරණය කරමි.

එච්. ඒ. ලකිඳු සිත්කලු

6 ‍ශ්‍රේණිය,

තර්ස්ටන් විද්‍යාලය,

කොළඹ 07

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.