විහි­ළු­ව­ක්වත් තේරෙන­වයැ | සිළුමිණ

විහි­ළු­ව­ක්වත් තේරෙන­වයැ

 පාදිලියා තුඩුවේ හිටියා ගබ්රියෙල් කියලා කෙනෙක්. මිනිහට හරිහැටි රස්සාවක් තිබුණෙත් නෑ. හුඟක් වෙලාවට කළේ මහර ඇළේ මාළු බාන එක.

දවසක් ඉර මුදුන් වෙනකල් ම මාළුවෙක් ගබ්රියෙල්ගෙ ඇම කෑවේ නැහැ. ඒ වෙන‍‍කොට උදේ කාපු පිට්ටු කෑලි හතරෙන් ගණනක්වත් නෑ. එක පැත්තකින් අව් කාෂ්ටකේ පිච්චෙනවා. අනිත් පැත්තෙන් බඩගින්නේ දැවෙනවා. ඊටත් වඩා අතට කීයක්වත් ලැබෙන්නෙත් නෑ.

ගබ්රියෙල් බැරිම තැන මෙහෙම හිතුවා. දැන් මාළුවෙක් අහු වුණොත් ඌ විකුණලා ගන්න සල්ලිවලින් හැන්දෑවෙ “සෙබස්තියන් උන්නාන්සෙගෙ” නමින් පල්ලියේ ඉටි පන්දම් පත්තු කරනවා. මෙහෙම හිතුවා විතරයි. මාළුවෙක් ඇම කෑවා. ගබ්රියෙල් බිලී පිත්ත ගස්සලා ඇද්දා. තඩි ලූලෙක් ඇම කාලා අහුවෙලා. ගබ්රියෙල්ට සන්තෝසෙ ඉවසන්න බෑ. ඒ එක්ක ම ගබ්රියෙල්ට හිතුණා, මූ පනම් අටක් විතර වටින එකෙක්. මූ නෙමෙයි පොඩි එකෙක් අහු වුණා ම ඌ විකුණලා බැරියැ ඉටි පන්දම් පත්තු කරන්න.

ඊළඟට මාළුවා බිලී කටුවෙන් ගලවනවාත් එක්ක ම ගබ්රියෙල් ගේ අතින් ලිස්සලා ආයෙත් ඇළට වැටුණා. මාළුවා පීනලා ගියා. “හප්පේ සෙබස්තියන් උන්නාන්සෙට විහිළුවක්වත් තේරෙන්නෙ නෑනෙ” කියලා ගබ්රියෙල් කටේ තිබුණ සුරුට්ටු කොටෙත් ඇළට වීසි කරලා තෝන්තුවාවෙන් ම ගෙදර දිහාට ඇදුණා.

මේක අපේ ජනකතාවක්.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.