රග්බි අනුශූරයෝ ශ්‍රී ලංකාව | සිළුමිණ

රග්බි අනුශූරයෝ ශ්‍රී ලංකාව

හොංකොංහිදී නිමාව දුටු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේදී අනුශූරතාව හිමි කර ගැනීමට නවීන් හේනකන්කානම්ගේ නායකත්වයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. අවසන් තරගයේ හොංකොං අතින් ශ්‍රී ලංකාව පරාජය විය. ඒ 36 - 0 ක් ලෙසය.

පසුගිය වසරේ ශූරයන් ලෙස තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනය, චීනය, මලයාසියාව, චීන තායිපේ පහසුවෙන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට (කුසලාන) තේරුණු අතර එහිදී කොරියානු කණ්ඩායමද විශිෂ්ට ලෙස පරාජය කිරීමට සමත් විය.

Comments