නඩු පරක්කුව වළක්වන්නැයි විද්වත්හු ඉල්ලති | Page 2 | සිළුමිණ

නඩු පරක්කුව වළක්වන්නැයි විද්වත්හු ඉල්ලති

 පසුගිය පාලන සමයෙහි සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචා සහ අපරාධ පිළිබඳ නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ක්ෂණික පියවර ගත යුතුව ඇතැයි න‍ීති ක්ෂේත්‍රයෙහි විද්වත්හු අවධාරණය කරති. මේ පිළිබඳ අදහස් දක්වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පවසන්නේ ප්‍රධාන පෙළේ නඩු ඉක්මනින් විභාග කිරීම සඳහා පහසුකම් සැලසෙන ක්‍රමවේදයක් පාර්ලිමේන්තු පනතක් මඟින් සම්මත කරගත යුතු බවයි.

අධිකරණ ඇමැතිවරයා‍ෙග් මැදිහත්වීමෙන් නඩු ඉක්මන් කරවීම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ නඩු විභාග ප්‍රමාද වීම කෙරෙහි පොලිසිය, අධිකරණ හා නීතිපති දෙපාර්තමේන්තුව යන තුනෙහිම ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි පවසන නීතිඥ ලාල් විජේනායක මහතා තෝරාගත් ප්‍රධාන පෙළේ නඩු ඉක්මනින් විභාගයට ගැනීමේ හැකියාව එම ආයතන තුනට ම ඇති බව පවසයි.

බණ්ඩාරනායක ඝාතන නඩුව පෞද්ගලික නීතිඥවරුන් ද යොදවා ගෙන අඛණ්ඩව විභාග කළ බව ද ඔහු පවසයි. මෙබඳු නඩු විභාග ප්‍රමාද වීම ජනතා අවිශ්වාසය හා කළ කිරීමට හේතුවන බව ඔහුගේ මතයයි.

තෝරාගත් නඩු ඉක්මනින් විභාග කිරීම සඳහා විශේෂ විනිසුරන් පත්කිරීම හා ශාලා පහසුකම් සැපයීම යනාදී වශයෙන් අධිකරණ ඇමැතිවරයාට වගකීමක් තිබෙන බව නීතිඥ කේ.ඩබ්. ජනරංජන මහතා පවසයි. 

Comments