මහවැලි කලාපවල පදිංචි පවුල් ලක්ෂයකට මේ වසර ඇතුළත හිමිකම් ඔප්පු | Page 2 | සිළුමිණ

මහවැලි කලාපවල පදිංචි පවුල් ලක්ෂයකට මේ වසර ඇතුළත හිමිකම් ඔප්පු

 මේ වසර අවසන් වීමට පෙර මෙරට මහවැලි කලාප 10 පුරා පදිංචි ජනපදිකයන් ලක්ෂයකට සිය ගොඩ - මඩ ඉඩම්වල පූර්ණ ඉඩම් අයිතිය ලැබෙන හිමිකම් ඔප්පු ලක්ෂයක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසන්ත ගුණසේකර මහතා පවසයි.

වසර 15 තිස්සේ නොවිසදුණු ඉඩම් අයිතිය ගැටලුවට විසඳුමක් ලෙස මේ වැඩසටහන ක්‍රියාවට නංවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ය. ඒ අනුව ඒ සෑම මහවැලි කලාපයකට ඉඩම් උරුමය ලැබී නැති පවුල් ලක්ෂයක පුද්ගලයන් ලක්ෂ 5 කට පමණ සෙත සැලසේ.

ඒ ඔප්පුව අනුව සෑම පුද්ගලයකුට ගොඩ ඉඩම් අක්කර ½ ක හා මඩ ඉඩම් අක්කර 2 ½ ක දක්වා ඉඩම් අයිතියක් ලැබේ.

මේ අනුව මහවැලි B, C හා H හා වලවේ කලාපවල පවුල් 12000 ක් වැඩි පිරිසකට ඉඩම් හිමිකම ලැබෙන බව ද අසන්ත ගුණසේකර මහතා පවසයි. පසුගිය සිකුරාදා පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් වලවේ පදිංචිකරුවන් 6000 කට පමණ ඉඩම් හිමිකම් ලබාදෙනු ලැබීය. දැනටමත් මහවැලි ජනපදිකයන් 85000 කට අදාළ හිමිකම් ඔප්පු සකස්කර අවසන් බව ද අධ්‍යක්ෂවරයා පවසයි. 

Comments