ප්‍රති­භාට අභි­යෝ­ග­යක් | Page 2 | සිළුමිණ

ප්‍රති­භාට අභි­යෝ­ග­යක්

පරම්පරාවෙන් පරම්පරාවට කලාලොවට නෑකම් කියන්නට වාසනාවන්ත වූ රංගන ශිල්පිනියක් තමයි ප්‍රතිභා හෙට්ටිආරච්චි. ප්‍රතිභා මේ දවස්වල ඇගේ අපූරු රංගනය වේදිකාව මත ගෙන හැරපානවා.

ඒ අපූරු චරිතයක් රඟපාමින්. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කදාවළලු වේදිකා නාට්‍යයේ සිටු දියණියගේ චරිතය. ඕනෑම චරිතයක් අභියෝගාත්මක ලෙස නිළියකට නළුවෙකුට රඟ පාන්න පුළුවන් බව මේ චරිතය ඔස්සේ ප්‍රතිභා පසක් කරනවා. මේ ගැන ඇගෙන් විමසූ විට ඇය දුන්නේ අපූරු පිළිතුරක්.'කදාවළලු ' වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු සමඟ තමයි මේ දවස්වල වැඩි පුර කාලය ගත වෙන්නේ. මම රඟපාන්නේ වයස අවුරුදු 13 ක ළමයෙකුගේ චරිතයක්. ඒ වෙනුවෙන් සෑහෙන කැපකිරීම් කරන්න සිදු වුණා. මම චරිතය වෙනුවෙන්ම හුඟක් කෙට්ටු වුණා. ඇත්තටම රංගනය කියන්නේ අභියෝගයක්. හැකියාවක්. එයට වයස කියන දේ බලපාන්නේ නැහැ. ඒ අභියෝගය මම සාර්ථකව ජයගන්නවා.

Comments