කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

බුදු­ර­දුනි

ලොවම අද අඳු­රුයි නොදැ­මු­ණු­ක­මින් උම­තුයි
වෛර­යෙන් විය­රුයි
නොනි­මෙන ගැටුම් මැද...
තණ්හා ජාල­යක පැටලී විය­වුල්ව වැර­දුණු මාව­තක ඇය යයි

ඔබේ පැමි­ණීම ගැන සන්තා­ප­යෙන් පෙලෙන සත්වග
වැරැ­ද්දෙන් මුද­වන්න
විශ්වා­සයේ නිත්‍ය හඬ සරෙන් නහවා
ඔබේ ආලෝ­ක­යෙන් මෙත් පියුම් පුබු­දන්න
විපුල මුදු මධු නිදන් පුරවා

සැන­සු­මක නිද­හ­සක ඉම් සොයා ත‍ැවෙන මේ සත්වග
දුක්බ­රින් මුද­වන්න
ඔබෙ අමිල සත්ගු­ණැති දයා­වෙන් නහවා
හැම අඳුරු කැල­ලක් ම ලෝකයේ හද­ව­තින්
යළි නොනැ­ගෙනා ලෙසින් පිසදා

ශාශ්වත ත්‍යාග­යන් නිබඳ දෙන බුදු රදුනි
දෙනු මැනවි දනන් හට කැප කිරීමේ බලය
ඉව­සන්න හදෙහි ඉඩ සලසා
ගනු­මැ­නවි ඔවු­න්ගෙන් තණ්හාව මද මාන
උනුන් අග­යන්න සිත් සකසා

ප්‍රඥාවෙ නව හිරුගෙ සොබා­මත් උදා­වෙක
ඉඩ­දෙන්න අඳ අයට යළි පෙනුම ලැබ­ගන්න
ඉඩ­දෙන්න මළ අයට යළි ආත්මය ගන්න
ඔබෙ අමිල සත්ගු­ණැති දයා­වෙන් නහවා
හැම අඳුරු කැල­ලක් ම ලෝකයේ හද­ව­තින්
යළි නොනැ­ගෙනා ලෙසින් පිසදා


(රවී­න්ද්‍ර­නාත් තාගෝර් 1934 මැයි 28 වැනි වෙසක් පෝදා වංග බසින් බුදු­ර­දුන් වෙත කළ අභිි­වා­ද­න­යකි. ඔහු ම ඉංග්‍රීසි බසට පෙරළූ එහි සරල පරි­ව­ර්ත­න­යක් කිරීම සඳහා ගත් උත්සා­හ­යකි.)

ලක්ෂ්මි මල­ල­ගම


අභය භූමිය


“විල්පත්තු අභය භූමිය
සතුන් හට ඇරු­ණකි”
ඒත් එක් දින­යක
සෙල්ල­ක්කා­ර­යෙ­කුගේ අභය භූමිය වීය

පත­රොම් පුරවා
ඉල­ක්කය බලලා
මෑනුවා මුව රංචු­ව­කට

අහිං­ස­කයෝ පැන විසි­රු­ණාහ
හතර ගාතෙන් ඇද හැලුණු
තිත් ගොඩක් දැක

හෙතෙම් දිව්වා පස්ව­නක් ප්‍රීති­යෙන්
කෙඳිරි ගාමින් නෙත් පියා­ගත්
“අහිං­ස­ක­යාගේ කුස තුළ
තවත් අහිං­සක ගුළියක්”

සඳුන් විජේ­සිරි


හෙට

හෙට දින හෙටම පවරා
අද දින ඇති දේ කරන්න
අද දින ඇති දේ හෙට දින
කර­නට ඔබ නොසි­තන්න

හෙට කියා දිනක් ඇතත්
හෙට ගැන ඔබ අද නොසිතා
අස්ථිර ජීවිතේ දැක දැක
නොප­මා­වෙන් වැඩ කරන්න

“අප­ප­මාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං”

රෝයි වර්ණ­සූ­රිය


දුර හා ළඟ

දුරක ඉන්න විට
රිදුම් දෙයි පපුව
ළඟට ගන්නට සිතේ
සොයා බල­න්නට සිතේ

ගෙදර එන්න පර­ක්කුද
දෙමි ඇම­තු­මක් විග­හට
ළඟට දුටු විට
දැනෙයි මට
ඔබ කොත­රම් දුරස් දැයි

සිතෙයි මට
මේ ඉන්නේ
මා අතැර ගිය
ඔබ වග
ඉතින් මම
වද විඳිමි
තබා­ගෙන ඔබ
දුර හා ළඟ


කුසුම් නිශාන්ති පති­රාජ
(තුත්තිරි කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


මේ රැය ගෙවමි

ගල්ලැහැ පන් කපා තර­ණිය කොට කඳුර
තුන්පත් රටා­වට වියලා දුන් පැදුර
හේනේ පැලේ එළුවට පස්සේ සොඳුර
අත­ගා­නවා හෙමි­හිට ඇවි­දින් අඳුර

මන්දා­ර­මට බිය වී තරු සැඟවෙනවා
හිත නිදි බරයි කුර­හන් මල් වැළපෙනවා
තනි­කම හිත පුරා පාළුව අතුරනවා
රෑ දිග මනි­න්නට සී පද පෙලඹෙනවා

තරු­පති දකින කොඳ කැකු­ළක අසිරි අරා
‍ඔය වත දකි­න්නට ජීවන සුවඳ පෙරා
සිත සන්තාප අම­තක කර සතුට දරා
මේ රැය ගෙවමි හෙට ඉර­මල පිපෙන තුරා


රුවන් රත්නා­යක රිල්ලො­ලුව


සිත නැති වී...

ඔබ නැති වු බව
සැල වූ විග­සම
ඔබ
දක්නට ආ වේලේ
ඔබ සිටියා
සැටින් සැර­සිලි මත
සුදු සාරි­යෙන් සැරසී
අත් මේස් අතැ­තිව

මා දෙස හෙළුෑ
නෙත් කැලුම්
පියා­ගෙන
ඔබ සිටියා
මා අත රැඳි
රතු රෝස මල් කලඹ
තබා
ඔබ දෙපා මත
සමු ගතිමි
සිත­න්නට බැරි සිතින්”!

උදේනි සර­ත්චන්ද්‍ර
(හෙටත් උදේ ඒවි කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


පුතු සිහි වී

තෙරු­වන් සර­ණය පතා
පොඩි පොඩි කවි පද ගොතා
මේ ලියන්නේ සිහි­වී­ලයි
නුවර ඉන්න පොඩි පුතා

ගෙයි කිසි සද්දක් නැතේ
අම්මිත් තනි­යෙන් ඇතේ
නුවර ගියත් පුතා තවම
ගෙයි කිය­ලයි මගෙ හිතේ

“බස්” එක “ඩෙස් ” එක “කසේ ”
තිබූ තැනම ඇත එසේ
කලු­වර වෙන්නත් ඉස්සර
දැන් ගෙයි දොර­වල් වැසේ

ඇදේ කොට්ට විසි­රිලා
පාළුව ඇත රජ­වෙලා
පුතා නැති නිසා මිදුලේ
කොළ වැටිලා හැඩි වෙලා

තනි­කම පාළුව හැඟෙයි
හොඳ උප­මා­වක් නැ‍ෙඟයි
“පිට­කෝට්ටේ ” පුතත් එක්ක ‍
නුවර ගිහිල්ලා වගෙයි

ගේ පුරාම පනි­නවා
දැන් මැවිලා පේනවා
පුතාගේ කලි­සන් දැක්කම
පපුව හෝස් ගානවා..

ගෙයි නැති විට­කදි පුතු
මොකට ද මට මිණි මුතු
අජි­තුයි මංග­ලයි නිශයි
මතක් කළැයි කිව යුතු

තුරු­ලුව තුරු­ලට ගතේ
ආද­ර­යෙන් පිරි සිතේ
“කුණ්ඩ­සා­ලෙ­ටත්” ඇහු­ණද
අම්මිගෙ කට­හඬ පුතේ

දින ගැන ඉක්මන් කරන්
නිවා­ඩු­වෙන් පල අරන්
පළ­වෙ­නි­දට ගෙදර ඉන්න
එන්න ඕන රත්ත­රන්

ආද­ර­යෙන් පිරි හිතේ
නිත­රම පුතු ගැන හිතේ
යළි එන තුරු මෙහි පුතාට
තුන් සර­ණය ළඟ ඇතේ
ප්‍රේම­කීර්ති ද අල්විස්

(ප්‍රේමකීර්ති ද අල්විස්
ගුණ සමරුව නිමිත්තෙනි.)


අරු­ත්බර කවි

ආද­ර­යට අයිති සිත මිස නොවෙයි ගත
ජීවි­ත­යට අයිති දුක දත යුතුයි සත
අයි­තිය ඔබේ හැමදා පව­තින්නෙ නැත
දාල යන්න වෙනවා එහි සැකක් නැත

මල­කින් හැලුණ පෙති මළ යළි ගන්නෙ නැති
අපේ වුව­ම­නා­වට මල් පීදෙන්නෙ නැති
හිරු නැති ලොවක සඳු ගැන අහ­ල­වත් නැති
රැය දහ­වල කියා කිසි වෙන­ස­කුත් නැති

මලක හැඩය නැහැ එහි පෙති හැලු­ණාම
විලක හැඩය නැහැ විල මල් වැරු­වාම
වතක හැඩය නැහැ හම රැළි වැටු­ණාම
අපට උරුම නැහැ මේ ලොව හැම­දාම

ජය­සේන කොඩි­තු­වක්කු


විදෙස් කවිය

විස­කුරු

මුහුණු දෙකක් ඇති මිනිසා
විස­කු­රුය ඔළු දෙකක් ඇති සර්ප­යෙ­කුට වඩා
සපා කෑවොත් ඔබව සර්ප­යෙකු
උරා ඉව­තට ගත හැකි නමුදු ඒ විෂ
සපා කෑවොත් ඔබව මිනි­සෙකු
ඉව­තට ගත නොහැ­කිය ඒ විෂ!


කලක් වෛද්‍ය­ව­රි­යක ලෙස කට­යුතු කළ තස්ලිමා නස්රින් ලොව පුරාම කතා­බ­හට ලක්වූ බංග්ලා­දේශ ලේඛි­කා­වකි! කිවි­ඳි­යක, නව­ක­තා­කා­රි­යක මෙන්ම පුව­ත්පත් තීරු ලිපි රචි­කා­වක ලෙසද ඇය ප්‍රක­ටය! කලක් තිස්සේ කාව්‍ය නිර්මාණ රච­න­යෙහි නියැ­ළෙ­මින් කාව්‍ය සංග්‍ර­හ­යන් ගණ­නා­වක් ලියා පළ කළ ඇය 1993 වස­රේදී රචනා කළ ‘ලජ්ජා’ නමැති කෘතිය මහත් ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන්නේය!

එම කෘති­යෙන් ඉස්ලාම් ආග­මට අප­හාස කෙරෙන්නේ යැයි චෝදනා කර­මින් මූල­ධ­ර්ම­වා­දීන් විසින් එල්ල කරන ලද පීඩ­නය හමුවේ රටින් පළා යන්නට පවා ඇයට සිදු විය! වර්ෂ 1994 සිට රටින් පිටු­ව­හල්ව සිටි­මින් විප්‍ර­වාසී දිවි­යක් ගත කරන ඇය දැන­ටද කාව්‍ය නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණ මෙන්ම ස්වයං ලිඛිත චරි­තා­ප­දා­න­යක්ද කොටස් වශ­යෙන් ලියා පළ කර­මින් සිටි­න්නීය!

‘විස­කුරු’ නමැති මෙම නිර්මා­ණය මඟින් කියා පාන්නේ මිනි­සාගේ ගති සොබාව ගැනය! මුහුණු දෙකක් ඇති මිනිසා ඔළු දෙකක් ඇති සර්ප­යෙ­කු­ටත් වඩා විස­කුරු බව කිවි­ඳිය කියයි! එය සැබෑ­වකි! මුහුණු දෙකක් හෙවත් ස්වරූප දෙකක් ඇති මිනිසා සැබැ­වින්ම ඉතා විස­කු­රුය! එවැන්නෝ එදි­නෙදා ජීවි­ත­යේදී අපට හමු වෙති! උඩින් හොඳ හිත පෙන්ව­මින් යටින් උගුල් අට­වන මිනි­සුන් බොහෝ වෙති! ඔවුන් ඇතැම් විට පෙනී සිටින්නේ ඉතා යහ­පත් සත්පු­රු­ෂ­යින් ලෙස වුවද ඔවුන්ගේ සැබෑ ස්වරූ­පය ඊට හාත්ප­සින්ම වෙනස්ය!

එවැනි මිනි­සුන් හඳු­නා­ගැ­නීම ද ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවේ! ඔවුන් සපා කෑවොත් ඉතා භයා­නක තත්ත්ව­යක් ඇති විය හැකිය! එවැනි මිනි­සුන් සපා කන්නේ කිසි­වෙ­කු­ටත් නොදැ­නෙන අයු­රිනි! ඒ නිසාම ඔවුන් සපා කන බව එක විට දැන­ගත නොහැ­කිය! ඒ සපා­කෑම ගැන දැන­ග­න්නට ලැබෙන විට සිදු විය යුතු හානිය සිදුව අව­සන්ය! එබැ­වින් එවැනි සපා කෑම­කින් ශරී­ර­ගත වන විෂ ඉවත් කිරීම අප­හ­සුය! සර්ප­යෙකු සපා කෑවොත් ඒ විෂ උරා ඉවත දැමිය හැකි වුවද, මිනි­සෙකු සපා කෑවොත් ඒ විෂ ඉව­තට ගත නොහැ­කි­යැයි කිවි­ඳිය පව­සන්නේ එබැ­විනි!

අජිත් නිශාන්ත


සංසාරෙ දුර වෙච්චි

පොඩි පැලේ ගහ වෙච්චි
ගහ හොඳින් මෝරච්චි
මල් පීරී පේවෙච්චි
බිඟු පෙමින් මත් වෙච්චි
කුස හෙමින් මෝරච්චි
හිත තුටින් නෑ වෙච්චි
ඵල දැරූ මව් වෙච්චි
රෑ දිවා නැති වෙච්චි

ධම්මි අනු­ර­පුර


තනි­යට සිටි සඳ

නිසො­ල්මනේ සිටි සඳ
ජනෙල් පියන් අත­රින්
ගෙතු­ල­ටම ඇවි­දින්
මොකක් දෝ කියයි; මට

අද­හා­ගත නොහැ­කිව
සිටින විට
මත­ක්කර දෙයි; අතී­ත­යම.

මහා වැස්සෙන් තෙමී
මහා කන්දෙන් බැස
පිය­ස්සක නොදැක - මහ වන මැද
අත­රමං වී සිටින විටි

තරු පාර කියූ මාවතේ
ඇවිද ගිය මත­කය
මා වෙහෙස කර­වයි; අද

ඉර සඳට කතා බැහැ
කියූ මුත්
මා සසල කර­වනා සඳ
බොහෝ දේ මත­ක­යට ගෙන එයි


කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


හද හඬන හඬ!

නුඹ වියෝ වූ සොවින්
මට වඩා හයි­යෙන්
මගේ කඳුළු හඬන හඬ
නුඹට ඇහෙ­න­වද සොඳු­රිය?

නිහාල් ගුණ­ව­ර්ධන


රැක ගනිමු

සුදු­කොඩි ලිහී හඬ­මින් බිම මත වැටුණ
සිංහල කොඩිය ලෙලදී අහ­සට නැගුණ
නිව­හල් රටක් දුක්විඳි සත­හට ලැබුණ
අපි රැක­ග­නිමු දිනු ඒ නිද­හස විඳින

කේ. ලිලි­යන් පෙ‍ෙර්රා
 


ඉඩ‍ ­දෙන්න සිහි­න­යට

ඉඩ දෙන්න ඔබේ සිහි­න­යන්ට
ළඳු කැලෑ­වල පිපෙනා වන මල් සේම
නිද­හසේ මෝදු වෙන්නට
එප­ම­ණක් නොව
ඉඩ දෙන්න ඒ මල් වල සුවඳ
ඇති, නැති භේද­ය­කින් තොරව
විඳ­ග­න්නට සැමට

ඉ‍ඩදෙන්න යුව­ති­යන්ගේ ප්‍රමෝ­ද­යට
දරු­වන්ගේ සතු­ටට
වැසි පතන, විය­ළුණු දිය ඇලි වලට
මුහුද මැද සරනා නැවි­යන්ට
සිහිල් මුදු පව­නක් ම වන්නට

සියු­මැලි මනා­ලි­යන් අසි­රි­මත් දින
පල­ඳනා කිරුළ වන්නට
ඉඩ දෙන්න ඔබේ සිහි­න­යන්ට
සතුට, සැන­සුම, ආද­රය ගෙන එන
හිණි­ම­ඟක් වන්නට

Ahmed gumaa Siddiek
අහමඩ් සිද්දීක්


1957 දී සුඩා­නයේ දී උපත ලද අහ­මඩ් සිද්දික් 2004 දී ආචාර්ය උපා­ධිය ලද්දේ සුඩා­නයේ ධම්ඩු­මාර විශ්ව විද්‍යා­ල­යෙනි. සිහි­න­යන් පිළි­බඳ විවිධ පැති­කඩ ඔස්සේ කවි නිර්මා­ණය කර ඇති ආචාර්ය හිද්දික් දැනට ව්‍යව­හා­රික වාග් විද්‍යාව පිළි­බඳ සහාය මහා­චා­ර්ය­ව­රයා ලෙස සෞදි අරා­බියේ සක්රා විශ්ව විද්‍යා­ලයේ සේවය කරයි.

පරි­ව­ර්ත­නය සමන් හේරත්


අවු­­කන පිළි­මය අබි­යස

මලින සිතු­විලි සසල කළ හිත
සන­ස­වාලු සමිඳ පින්සර
ඔබේ පායුග තබා පුද­නෙමි
හදේ සුපි­පුණු සුවඳ සිය­පත

මහා කරුණා නෙතින් නිස­සල
දෙවා­ලන එක බැල්ම සමි­ඳුනි
සිතේ කෙලෙ­සුන් නිවා පිසදා
සිතට නිසැ­කව බවුන් කැඳ­වයි

ඈත වන ගැබ මතින් සපැ­මිණි
සීත සුළ­ඟක පහස විද විඳ
මෑත ඇති නිල් දියෙන් පෝෂිත
කලා­වැව දෙයි නැවුම් සීතල

අසා ගන්නට මිහිරි බණ පද
පියා­ගමි මම, මගේ නෙත් දෙක
ඇසෙයි සුම­ධුර පිරිත් ස්වර මට
පිළිම පාමුල නිහඬ වූ සඳ

තිලක් ඒක­නා­යක


ගමන

නෙක කිළි කුණු රැගෙන
දෙගොඩ තලා ගලා බසින
රුදුරු දිය දහ­රක් සේ
දිව්වෙමි හස­රක් නොදැන
ඉකුත් වුන කාලය පුරා­වට
“ඔළ­ගුව’ ද කරට ගෙන...

සකුණ මියැ­සිය මැද
රන් වනින් දිදු­ලන
මහ බෝදියේ සෙවණ යට
නැව­තු­නෙමි මද­කට
නිවා ගන්නට විඩා
“ඔල­ගුව” තබා පයෙ­කින්...

ළා තණ පතක වැති­රුණ
උදෑ­සන පිණි බිඳක
පිවි­තුරු බව දැනී සිත
යළි නැඟී සිටි­යෙමි
නගි­න්නට ජීවි­තයෙ දුර්ගය
“ඔළ­ගුව” දෙස නොබ­ලාම

ඒ. දන්ත­නා­රා­යන


මනා­ලිය

හද­වත් කැඩ­ප­තෙහි
තෙළි තුඩින් සිතු­වම් කළ
ආදරේ සිතු­ව­මයි
මුළු හදින් මා පැතුව

නෙතු ගැටුණු ඒ රුවෙන්
ලද සෙනෙහෙ විඳි­න්නට
සිහින දකිනා විටක
හිමි­වෙලා සේ දැනුණු
සුපෙ­ම්බර මනා­ලිය

දෛව­යෙන් සොරා­ගෙන
නිහ­ඬ­වම සමු­ග­න්නවා මිසක
යළි යළිත් දෙහ­ද­වත්
කඳු­ළකින් සර­ස­වන්නේ කුමට

හෂාන් ඉහ­ළ­ගෙ­දර

Comments