භාවනා

විශෝධා

නෙත් අඳ මහා කවියා
බැහැ දැකී­මට ගියෙමි පෙරදා
ඔහු වෙසෙන අස­පු­වට
ගොම්මන් සැඳ යාමේ
ඔහු මගේ අත­ගෙන
ඇසූ ප්‍රශ්නය මත­කය

“ඔබ මොන­වද කරන්නේ
මේ දව­ස්වල?”

“මම බවුන් වඩ­මින්
කාලය ගත කර­න්නෙමි”

“ඉගැ­න්විය හැකිද මට
බවුන් වඩ­නා­යුරු?

“ඔබ කල් ගෙවන්නේ
බවුන් වඩ­මින් නොවෙද
කවි­යා­ණනි?”

“නොදැන සිටි‍යෙමි ඒ වග
නොපෙ­නෙනා මුත්”
“අපට ලොව පෙනු­ණත්
ඔබ පෙනු­ම වේ යහ­පත්”

කවියා නිහඬ විය
මම ද නිහ­ඬව සිටි­යෙමි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.