මෙරට අවේනික ශාක150ක පිළිකා නාශක ගුණ

ශ්‍රී ලංකාවට ආවේණික ශාක 150 අධික සංඛ්‍යාවක් ඇත. මින් සෑහෙන ප්‍රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙතෙක් නිසි විද්‍යාත්මක හැදෑරීම් සිදුකර නොමැත. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන් ශාක 700ක් පමණ රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබයි.

පිළිකා සඳහා යොදාගනු ලබන ස්වාභාවික ඖෂධවල ක්‍රියාකාරීත්වය මෙසේය. ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීම, අර්බුද (පිළිකා) ඇතිවීම අඩුකරන ප්‍රෝටීන නිපදවීම ඩීඑන්ඒ ක්‍රියා නිවැරදි කිරීම , පිළිකා ඇති කරන රසායන ආදියෙහි ක්‍රියා අඩු කිරීම, පිළිකා විසින් ඇතිකරන ප්‍රෝටීන ක්‍රියා අඩු කිරීම, සෛල මැරීම වළකන ප්‍රෝටීන අඩු කිරීම, රුධිර සම්පාදනය අලුතින් ඇතිවීම වැළැක්වීම, සෛල අතර සම්බන්ධතාව ප්‍රකෘතිමත් කිරීම, ස්තානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම, ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම

සමහරවිට එක් පිළිකා නාශක ගුණ පෙන්වන ශාකයක මෙම ක්‍රියාකාරිත්වයන් එකකට වඩා තිබිය හැකිය. උදාහරණ වශයෙන් පිළිකා නාශක (Cytotoxic) ශාකයක ප්‍රතිඔක්සිකාරක Antioxident හා ප්‍රතිශක්තිවර්ධන ගුණ (Immunomodulation) තිබිය හැකිය. මෙම නිසා ශල්‍ය විකිරණ, ධුලක ඖෂධ, හෝමෝන යන මොනයම් ක්‍රමයකින් ප්‍රතිකාර කළද විද්‍යාත්මකව ඇගැයුම් කළ විෂ රහිත ශාක ඖෂධ යොදා ගැනීමෙන් වඩාත් සාර්ථක ලෙස පිළිකා සුවය හෝ මර්දනය කළ හැකිය.

පිළිකා රෝගයට ගුණදායක ලෙස සැලකෙන ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයන්හි භාවිතාවන ශාක ඖෂධ රාශියකි. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයන්හි බහුලව භාවිතා නොවන ශාඛවලින් සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධයෙන් විද්‍යාත්මක හැදෑරීම් සිදුකර ඇති අතර මෙම ශාක පිළිකා වලට එරෙහිව විවිධ ආකාරයෙන් ක්‍රියා කරන බව සනාථ කර ඇත. සමහරක් ශාකවල ක්‍රියාකාරී පදාර්ථ වෙන්කර ධුලක ඖෂධ වශයෙන් පිළිකා රෝගීන්ට යොදනු ලබයි. මෙම ඖෂධ තීව්‍ර ක්‍රියාකාරිත්වයක් දක්වනු ලබන අතර පිළිකා සෛල විනාශ කරනු ලබයි.

මිනීමල් ශාක

මිනීමල් ශාකයේ Vindocine, Vindolinine, Vivosine, Catharranthine, Liurosine, Lechnerisine, Pervine Tetra, Hydro alstone. Vincamine Vincene - 8 Yohimbine, Ajmalicine, Astonine, Aldehydes, Wn Sulphur ඇතුළු සංඝටක රාශියක් ඇති අතර මේවා මිනිස් සිරුර තුළ විවිධාකාරයෙන් ක්‍රියා කරනු ලබයි. පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබනුයේ Vineristine සහ Vinblastine යන ක්‍රියාකාරී පදාර්ථයන්ය මිනීමල් ශාක කිලෝ 500 කින් මෙම ක්‍රියාකාරී සංඝටක ග්‍රෑම් 1ක් ලබාගැනීම පවා අසීරුය.

අප කවුරුත් දන්නා Glycyrrhzia glabra යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන අතිමධුරම් නමින් දෙමළ බසින්ද යෂ්ඨිමධු නමින් සංස්කෘත ආයුර්වේද වේද පොත් පත්වල දැක්වෙන වැල්මී ශාඛය ද පිළිකා නාශක ගුණයකින් යුතු ශාකයකි. Glycyrenin Glyrrhicy Glycyrrhitiniacid) Glycyrrnizic Acid, Plavonoids Pyhtosierols යන රසායනික වැල්මීවල අඩංගු වේ. කථනිස්සාරක ගුණය හෙවත් සෙම බුරුල්කිරීම ඉවත්කිරීමේ හැකියාව වැල්මී ඖෂධයේ ඇති බැවින් සෙම් රෝගවලදී බහුලව යෙදේ. වමන කාරක ගුණයෙන් ද පොහොසත්ය.

වැල්මී

වැල්මී පිළිකා නාශක ඖෂධයකි. වයිරසවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවෙන් ද යුක්තය. Epstein - Barrvirus වලට එරෙහිව ක්‍රියාකරන අතර Interferon නිෂ්පාදනය දිරිමත් කර ශරීරයේ පිළිකාවලට එරෙහිව ස්වභාවික Natural Killer Cell Activity මඟින් පිළිකා සෛල විනාශ කරයි. බොහෝ පිළිකා නාශක දේශීය ඖෂධීය ශාකවල මෙම හැකියාව දක්නට ඇත.

මේ හැරුණු විට අක්මා සෛල වලට වන හානි වැළැක්වීමෙන් අසාත්මිකතා මැඩ පැවැත්වීමේ ශක්තියෙන් ද යුක්තය.

Triterpenes k Glcyyrrhizin මඟින් පිළිකා ඇතිකරන සාධකවලට එරෙහිව ක්‍රියා කරයි. අක්මාවේ ඇතිවන මාරාන්තික පිළිකා වැළැක්වීමේ හැකියාවක් වැල්මීවලට ඇතිබව සොයාගෙන ඇත. අප නිතර ආහාරයට ගන්නා කරවිල momordica charatia පිළිකා නාශක ගුණ යුත් අගනා එළවළුවකි. Momordicine ග්ලුකෝසයිඩයක් අඩංගු කරවිල යකඩ කැල්සියම් පොස්පරස් සහ විටමින් බී යන මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයන්ගෙන් ද යුක්තය.

මුකුණුවැන්න

මුකුණුවැන්න ශාකයට බොහෝ සමානකම් ඇති කීකිරිඳිය ශාකය දේශීය වෙදකමේ හිස ගල්වන ඖෂධීය තෙල්වර්ග නිෂ්පාදනය සඳහා බෙහෙවින් යොදා ගැනේ. භෘංගරාජ නමින් ආයුර්වේදයෙහි සංස්කෘත නාමයෙන් හැඳින්වේ. වෙල් ඉපනැලිවල කුඹුරු නියරවල ඉබේටම වැඩේ. පළාවක් වශයෙන් ද රසවත්ය. උද්භිද විද්‍යා නාමය Eclipta prostate ය. Ecliptine. Nicotine, Resin ක්‍රියාකාරී රසායන අඩංගුය. අක්මාවේ සෛලහානි වීම වළක්වා සෛල වර්ධනය කිරීමට උපකාරවත් වීමේ හැකියාවෙන් පොහොසත් බැවින් අක්මා පිළිකා වැළැක්වීමටත් උපකාරවත් වේ. එසේම අක්මාව විසින් සිදුකරනු ලබන විෂ නැසීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ හැකියාව නිසා යම් යම් පිළිකා නාශක විෂ ද්‍රව්‍ය වලින් සිරුර රැකගැනීමේ හැකියාවද තිබේ.

ආයුර්වේදයේ මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ද බහුලව භාවිතා වන අමුක්කරා නැමැති ඖෂධය Withaniya Sominifera ලෙසින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වන ශ්‍රී ලංකාවේද වැවෙන එහෙත් බහුල වශයෙන් නොවැවෙන මෙම ශාකයේ අල ඖෂධ වශයෙන් යොදා ගැනේ. අශ්වගන්ධ යනු සංස්කෘත නාමයයි. පුරුෂ ශක්තිය වඩවන වියපත් වීමේදී ඇතිවන දුර්වලකම් දුරලන වාත ශමන ගුණයුත් මා හැඟි ශා ඖෂධයකි. Withaniol, Sominiferin, සහ Phytosterol යන ක්‍රියාකාරී පදාර්ථයන් අඩංගුය. Potassium, Nitrate හා තවත් ඇල්කලොයීඩ් අඩංගුය. අලවල ඇති Alkaloid ප්‍රමාණය 013% - 0.31% පමණ වේ.

අසාධ්‍ය මුඛ පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවලදී අශ්වගන්ධ ශාකය ඖෂධ වශයෙන් භාවිත කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන බව සොයාගෙන තිබේ.

දෙළුම්

පළතුරක් මෙන්ම මාහැඟි ඖෂධයක් වන දෙළුම් පිළිකා නාශක ගුණ ඇති ශාකයකි. දෙළුම් ශාකයේ ගෙඩි, ඇට, ලෙලි, පොතු සහ මුල් පිළිකා නාශක ගුණයෙන් පොහොසත්ය. ටැනිත් මෙහි බහුලව දක්නට ලැබෙන රසායනිකයි. ප්‍රෝටීන තෛල ෆයිබර් මෙන්ම කැල්සියම්, මැග්නීසියම්, ඔක්සලින්, ඇසිඩ්, පොස්පරස් යකඩ, සෝඩියම්, පොටෑසියම්, තඹ, සල්පර්, ක්ලෝරින්, කැරොටින්, තයමින්, රිබොපෙලේවින්, නිකොටිනික් අම්ල, විටමින් සී, පයිරිඩින් කාණ්ඩයට අයත් ඇල්කලොයිඩ හා වෙනත් ක්‍රියාකාරී පදාර්ථ රාශියක් අඩංගුය. පිළිකා හේතුකොටගෙන සිදුවන රක්තපාත (ලේ ගැලීම්) සඳහා යෙදිය හැකි වටිනා ඖෂධයකි.

කෘමිනාශක රුචි කාරක මල භේදක ගුණයෙන් ද යුක්තවන අතර ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් ක්‍රියා කරයි. විශේෂයෙන් පාචන රෝග ඇතිකරන සුලු ශුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරයි.

අංකෙන්ද

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි ගිරිපර්පට නමින් හඳුන්වනු ලබන අංකෙන්ද ශාකයට නෑකම් ඇති Podophyllum Heyandrum උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය පිළිකා නාශක ගුණයෙන් ඉතාමත් පොහොසත් ශාඛයකි.‍ෙමිනිස් සිරුරේ ඇතිවන Adenocarcinoma, melanoma, මෙන්ම Sarcoma වර්ගයේ පිළිකා සඳහා මෙය ගුණදායක ඖෂධයක් වන අතර ධූලක ඖෂධ වශයෙන් භාවිත කෙරේ.

භූනිම්බ හෝ කාල්මේඝ නමින් සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන කුඩා ශාකය ශ්‍රී ලංකවේ කිරාන තිත්ත ලෙස වෛද්‍යවරුන් විසින් ද වල් බිංකොහොඹ නමින් ද සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වනු ලබන Andrographis paniculata ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වර්ෂය පුරා වැවෙන මෙම කුඩා ශාකය අඟල් 19 - 20 පමණ උසට වැවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම ශාකය අධික තිත්තය. සිසිල් ගුණ යුක්තයි. උණ සුව කරයි. මල බද්ධයට විශේෂයි. ප්‍රදාන සමනය කරයි. පණුරෝග වලට ගුණදායකයි. ආහාර අරුචිය දුරලන අතර රුචිකාරකයි. කැස්ස කල්ගත උණ මැලේරියා සුව කරයි. බඩ පිපීම වළක්වයි. සමේ රෝග සුවකරයි. අර්ශස් රෝග සුව කරයි. කාල්මේඝ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේද යොදාගනි.

බිංකොහොඹ

Andrographolide,Abicyclic Diterpenoid lactone and Kalmeghin අඩංගුය. මේ රසායනික මෙම ශාකයේ බහුලව අන්තර්ගතය.

මෙම රසායනිකයන් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ උද්දීපනය සඳහා ක්‍රියා කරනු ලබයි. මෙම ශාකය දෙ ආකාරයකින් ක්‍රියා කරයි.

1 Antigen specific response

2 Non Specific immune response

මේ හේතුවෙන් විවිධ ආසාදන හා පිළිකා රෝග සඳහා විශේෂයෙන් ගුණදායකයි. පිළිකා සෛල සාමාන්‍ය සෛල මෙන් සෛල වර්ධනයේ සියලු අවස්ථා පසු නොකරයි. මෙයට හේතුව Signal Transduction නිසිලෙස සිදුනොවීමයි මේ නිසා පිළිකා සෛල නිසි ලෙස මේරීමට පත්නොවේ. එබැවින් විෂම ක්‍රියා කරයි.

ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇති ආකාරයට කිරාන තිත්ත ශාකයේ ක්‍රියාකාරී පදාර්ථ කාන්තාවන්ගේ පියයුරු පිළිකා සෛල මත Tomoxifen ඖෂධය සමානව ක්‍රියා කරයි. ජගත් ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය සහිතව මෙ‍ම ශාකය සම්බන්ධව කරන ලද පර්යේෂණයට අනුව පෞරුෂ ග්‍රන්ථි පිළිකා සහ පියයුරු පිළිකා තත්වයට ද ගුණදායක බව හෙළිවී තිබේ.

කටුපිල

ශ්‍රී ලංකාවට ආවේණික ශාක 150 අධික සංඛ්‍යාවක් ඇත. මින් සෑහෙන ප්‍රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙතෙක් නිසි විද්‍යාත්මක හැදෑරීම් සිදුකර නොමැත. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන් ශාක 700ක් පමණ රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබයි. මින් බොහොමයක පිළිකා නාශක ගුණ පවතී. ත්‍රිපලා නමින් හඳුන්වනු ලබන කවුරුත් දන්නා අරලු බුලු නෙල්ලි එකතුව මහඟි පිළිකා නාශක ඖෂධයකි. ජීර්ණ පද්ධතියේ රෝගවලට විශේෂය. මෙම ඖෂධ එකතුව ලේ පිරිසුදු කිරීමේලා ශ්‍රේෂ්ඨය. මිනිසුන්ට වැල‍ඳෙන අග්න්‍යාශික පිළිකා මීයන්ට ඇතිකර කරන ලද පර්යේෂණයකදී පිළිකා සෛලමිය යාමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම තුළින් පිළිකාව විනාශ කිරීමටත් ප්‍රමාණයෙන් කුඩා කිරීමටත් හැකි බව සොයාගෙන ඇත. විශේෂය වනුයේ කිසිදු විෂ ක්‍රියාවක් වාර්තා නොවීමයි. නිරෝගි සෛලවලට බලපෑමක් සිදු නොවීමයි.

කටුපිල ශාක ඖෂධ පහතරට තෙත් හා වියළි දේශගුණක ප්‍රදේශවල බහුලව වැඩේ. අනෙකුත් ප්‍රභේදවලද දැකිය හැකිය. කොත්තමල්ලි ඇටයකට වඩා මදක් විශාල කටුපිල ගෙඩි සුදු පාටින් යුක්තය. ගෙඩි හටගත්විට සුදු පාට පබලු එල්ලුවා මෙන් දිස්වේ. උද්භිද විද්‍යා නාමය Flueggea leucovrurrs willd flacoutia nirea moon Securiuega මීටර් 5 සිට 4 දක්වා උසට වැවෙන කටු සහිත පඳුරු ශාකයකි. අතු ශක්තිමත් වන අතර අග්‍රස්ථය කටුසහිතය. කොළ හෘදයාකාර හෝ වටකුරුය. සෙම් 0.75 සිට 3 පමණ වේ. කොළවල යටිපස යාන්තමින් බූවක් තිබේ. මල් කොළට හුරු කහපාටයි. ආයුර්වේද පොත්පත්වල ශරපුංඛා නමින් හැඳින්වේ. තිත්ත රස වන අතර ලඝු, රුක්ෂ, තීක්ෂණ, ගුණයි උෂ්ණ වීර්යයයි. කටුක විපාකයි. අර්ශෝස්න ගුණය නිසා රක්ත අර්ශස්වලට ගුණයි. විෂ නාශක ගුණය රක්ත ප්‍රසාදනී ගුණය හේතුකොටගෙන පිළිකාවලට වුවද ගුණදායක වේ. යටිපතුලේ හටගන්නා පිළිකාවලට ගසේ පංචාංගය කහලුණු, ලා කොටා මලවා බැඳීම ගර්භාෂගත ගෙඩි වලට කටුවිල කොළ ගස් කරල්හැබ කොළ එක සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මීපැණි සමඟ බීමට, අක්මාවේ පිළිකාව සහ ගෙ‍ඩිවලට කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ දීම කටුපිළිකයට කටුපිල කොළ පොතු දිවුල් ලාටු කුකුරුමාන් කොළ පොතු ලුණු සමඟ කොටා මලවා බැඳීම මේ ආදි වශයෙන් කටුපිල ශාකය පිළිකා සඳහා ද යොදා ඇත. කටුපිල ශාකය පමණක් නොව තවත් ඖෂධ රාශියක් පිළිකා සඳහා ගුණදායක බව තහවුරු කර ඇත.

කළුදුරු

පිළිකාවලට එරෙහි ශාක ඖෂධ අතරින් මුල් තැන ගන්නකි. Nigella sativa උද්භිද විද්‍යාත්මක නාමයයි. බොහෝ ඈත අතීතයේ පටන් විවිධ රටවල ජනතාව විවිධ රෝග සඳහා කළුදුරු යොදා ගෙන තිබේ. මධ්‍යධරණී ප්‍රදේශවල අරාබිකරයේ ජනතාව ශ්වසන ආබාධ උදරාබාධ හිසරදය සෙංගමාලය හා පිළිකා සඳහා මෙම ඖෂධය භාවිතා කර තිබේ. මීයන් යොදා කරන ලද පර්යේෂණවලදී කළුදුරු නිස්සාරක මීයන්ගේ පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරනු ලබන බව සොයාගෙන තිබේ. Cisplatin නැමැති පිළිකා නාශක ධූලක ඖෂධයෙන් ලේ සෛලවලට සිදුවන හානිය වැළැක්වීම් ශක්තියක් කළුදුරුවලට ඇති බව පෙනීගොස් ඇත.

කළුදුරු වල ඇති Volatile oil, Thymoguinoline හා Dithimoquiuone යන ක්‍රියාකාරී පදාර්ථ පිළිකා සෛල වර්ධනය අඩපණ කරන බව Inhihit රසායනාගාර පර්යේෂණවලින් තහවුරු වී ති‍ෙබ්. පිළිකා නාශක ධූලක ඖෂධවලට පිළිකා සෛල ප්‍රතිරෝධය දක්වන අවස්ථාවලදී පවා කළුදුරු ඊට එරෙහිව ක්‍රියා කරන බව තහවුරු වී තිබේ. කළුදුරු බීජවල අති ප්‍රෝටීන වලට cytokines සහ inter leukin I Beta සහ tumor necrosis factor alpha ප්‍රතිශක්ති කාරක පද්ධති ශක්තිමත් කිරීමේ හැකියාව අති බව සොයාගෙන ඇත.

අනෝදා

පිළිකා නාශක ඔසුවක් ලෙස සැලකෙන Limenene කළුදුරුවල අඩංගු වන බවද සොයාගෙන ඇති අතර කළුදුරු මහැඟි පිළිකා නාශක ශාක ඔසුවකි. නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය, මහරගම ජාතික පිළිකා ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය හා කොළඹ විශ්ව විද්‍යාලය හා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය එක්ව කළ අක්මාවේ පිළිකා Hepatoma සම්බන්ධයෙන් දේශීය ඖෂධයක ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ පර්යේෂණ ඉතා සාර්ථකවූ අතර මීයන් යොදා කරන ලද සත්ත්ව පර්යේෂණ 83% සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර මිනිස් පටකවල 100% ප්‍රතිඵලද දක්නට ලැබිණි. දැනට නාවින්න ආයුර්වේද පර්යේෂණයෙන් සායනික පර්යේෂණ සිදුකරය. මෙම පර්යේෂණ ඖෂධයට ද කළුදුරු අඩංගුය.

මේ හැරුණු විට සුදුළූණු, අනෝදා, කහපෙතන් කොබෝලීල, සාරණ, පෙනෙළ, කුරුඳු, ගස්පින්, ලෝලු, ජයපාල, වළඟසාල්, එනසාල්, එරබඳු, ඉරමුසු, රත්කොහොඹ, බක්මී, කළාදුරු, මුං, තිප්පිලි, රත්තිටුල්, කලුකැම්මේරිය, චීන අල, තිත් කිඳ, රසකිඳ, සුදුනික, ඌරු කොස්ස යන ඉහත නම් සඳහන් ශ්‍රී ලංකාවේ වැවෙන ඖෂධීය ශාකවල පිළිකා නාශක ගුණ ඇතැයි සැලකෙන අතර ගොටුකොළ, කහ කෝමාරිකා, නෙල්ලි, නික, කරාබුනැටි, ඉඟුරු, කපු, කරවිල පිටවක්කා, කුංකුමප්පු, ඇඹුල් දොඩම්, හරංකහ වැනි ශාක ඖෂධ නිෂ්පාදිත ඖෂධ රාශියක් ද පිළිකා ප්‍රතිකාරය සඳහා යොදාගනු ලබයි.

විශේෂඥ වෛද්‍ය
නිමල් ජයතිලක 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.