ජාතික නිෂ්පාදන ධාරිතාව වැඩි කරන රට කජු

 දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර භෝග වගා ලැයිස්තුවට රට කජු ද ඇතුළත්ය. මෙවැනි භෝගයන් රටට අවශ්‍ය ප්‍රමාණයට රටේ නිෂ්පාදනය කිරීමෙන් ආහාරවලින් රට ස්වයං පෝෂණය කළ හැකි අතරම ඒ මඟින් ආහාර ආනයනය සඳහා වැය වන විශාල විදේශ විනිමය පරිමාණයෙන් ඉතිරි කරගැනීමට හැකි වනු ඇත. ආහාර නිෂ්පාදනයේදි පරිසර හිතකාමි බව ආහාර සුරක්ෂිතාව සෞඛ්‍යය ආරක්ෂික ආහාර ජනතාවට ලබාදිම පාරිසරික කලාප පදනම් කරගත් භෝග නිෂ්පාදනය ඇතුළත් වැඩසටහන් හඳුන්වාදීම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙයි.

මේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ඉදිරි වසරවල විශේෂයෙන්ම 2017 සහ 2018 වසරවල දී දිවයිනේ පළාත් 8 ක රටකජු නිෂ්පාදන ඉලක්ක මෙසේය.

වයඹ පළාත 2017 යල හෙක්.1115 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 1791කී. එම 2017-18 මහ හෙක්.2301.6 ක වගාව මගින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 3820.6 කි.

මධ්‍යම පළාතේ 2017 යල හෙක්.202 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 404 කි. 2017-18 මහ හෙක්.59ක වගාව මගින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 118 කි.

සබරගමුපළාත 2017 යල හෙක්.399.0 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 798.0 කී. 2017-18 මහ හෙක්.516.02ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 1,032.0 කි.

ඌව පළාත 2017 යල හෙක්.418 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 838 කි. 2017-18 මහ හෙක්.1261ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 1,012 කි.

දකුණු පළාත 2017 යල හෙක්.49.0 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 98.0 කී. 2017-18 මහ හෙක්.435.8 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 871.6 කි.

උතුරු පළාත 2017 යල හෙක්.1944 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 3821 කි. 2017-18 මහ හෙක්.3599ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 6961 කි.

උතුරු මැද පළාත 2017 යල හෙක්.692.2 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 1638.4 කි. 2017-18 මහ හෙක්.836 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 3002 කි.

නැගෙනහිර පළාත 2017 යල හෙක්.982.5 ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 1671.3 කි. 2017-18 මහ හෙක්.3488.5ක වගාව මඟින් අපේක්ෂිත නිෂ්පාදනය මෙ.ටොන් 6328.1 කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ රටකජු වගාව මොනරාගල, මුලතිවු, කුරුණෑගල, අම්පාර සහ වව්නියා දිස්ත්‍රික්කය වෙත විහිදී ගොස් තිබෙන අතර තවදුරටත් කිලිනොච්චි, අනුරාධපුරය, පුත්තලම වැනි වියළි කලාපය් දිස්ත්‍රික්ක වෙත විහිදෙමින් පවතී. මේ වන විට රටකජු වගාව සැකසීම හා නිෂ්පාදනය ඉතා කුඩා පරිමාණයෙන් ආරම්භ කළ හැකි ඉතා ලාභදායි ආදායම් මාර්ගයක් වශයෙන් හඳුන්වනු ලබයි.

තවද රටකජු සැකසීම ගෘහස්ථ කර්මාන්තයක් ලෙස සිදුකෙරෙමින් පවතින අතර යුද්ධයෙන් පීඩාවට පත් අසරණවු වැන්දඹුවන්, ආබාධිතයින් විශාල පිරිසක් සිය ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තිබෙනු දැකිය හැකිය. දැනටමත් කිලිනොච්චි සහ මුලතිවු ප්‍රදේශයෙහි යළි පදිංචි කරන ලද පවුල් 42,076 කගේ ජීවනෝපාය මෙයයි. වැන්දඹු කාන්තා මුලික පවුල් මුලතිවු ප්‍රදේශයේ 6,084 ද කිලිනොච්චි ප්‍රදේශයේ 3,012ක් ද සිටින බව වාර්තා වෙයි.

මිනිසා මුල්වරට රටකජු හඳුනාගන්නේ ක්‍රි.පු. 5600 දී පමණය. ඒ පීරු රටෙනි. චීනය හඳුනාගන්නේ 17 වන ශතවර්ෂයේදි පමණය. ලෝකයේ විශාලතම රටකජු නිෂ්පාදකයා බවට පත්ව සිටන්නේ ද චීනයයි. ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදය, නයිජිරියාව සහ ඉන්දුනීසියාව පිළිවෙළින් අනෙකුත් රටකජු නිෂ්පාදන රටවල්ය. විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වගාකළ හැකි බෝගයක් ලෙස හඳුන්වන රටකජු වශයෙන් ධාන්‍යය වර්ග වගා කරන රටවල් අතර රටකජු 5 වන ස්ථානය හිමි කරගෙන සිටියි

රටකජු වගා කිරීම අතින් ආසියාව 67% ප්‍රමාණයක් නිෂ්පාදනයෙන් දායක වෙයි. සමස්ත ලෝක අස්වැන්න ගැන සැලකීමේ දී ඉන්දියාව 25% ක් ද චීනය 20% ක් ද වශයෙනි. එසේවුවද චිනය 37% ක විශාලතම රටකජු නිෂ්පාදකයා වන අතර ඉන්දියාව 22% ක් නිෂ්පාදනය කරයි.

රටකජුවල ඇති සෞඛ්‍යට හිතකරවු පෝෂණ ගුණය ද අනෙක් බොහෝ ධාන්‍ය ඇට වර්ගවලට වඩා වැඩි බව නවතම පර්යේෂණ වාර්තා හෙළි කරයි. ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම බලපාන මදසරුභාවය වැලැක්වීමට අවශ්‍ය පොලියේට් සැලකියුතු ප්‍රමාණයක් රටකජුවල අඩංගුව ඇති බව කියති. විෂාදය අවම කිරිමට උදව් වෙයි. මිනිසාට අවශ්‍යය ස්වභාවික ශක්තිය වර්ධනය කෙරෙන ආහාරයකි.

මතක ශක්තිය වර්ධනය කරයි. රුධීරයේ සීනි ප්‍රමාණය පාලනයට උදව්වෙයි. පිළිකාවෙන් ආරක්ෂා කරයි. පිත්තාශය ආශ්‍රිත රෝග වැළැක්වීමට ද උදව් වෙයි. කොලොස්ට්රෝල් මට්ටම පාලනය කරයි. හෘදයාබාධ අවදානම අඩු කරයි. ස්ථුලභාවය පාලනය කිරිමට ද උදව් වෙයි. රටකජු වනාහි විවිධ ක්‍රමවලට සකස් කරන ඉතා රසවත් ආහාරයකි.

අන්තර්ජාලය ඇසුරෙන්
ඩඩ්ලි පෙරේරා

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.