කසළ ගැටලු විසඳන ප්‍රතිචක්‍රීකරණය | සිළුමිණ

කසළ ගැටලු විසඳන ප්‍රතිචක්‍රීකරණය

පිරිසුදු කිරීම Cleaning & Washing

තෝරා වෙන්කරගත් ප්ලාස්ටික් කැබලි හෝ පතුරු පිරිසුදු කිරීමේ රසායනික ද්‍රව්‍ය ඇසුරෙන් සෝදා නැවතත් ඒවායෙහි රේසින වර්ග අනුව වෙන්කර මද උණුසුමක් යටතේ වියළාගනු ලැබේ.

දිය කිරීම Melting

උෂ්ණත්වය පාලනය කරමින් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් යොදා ගෙන සකස් කළ ප්ලාස්ටික් කැබලි යළි ද්‍රව බවට පත්කර අනතුරුව සිසිල් වීමේදී අච්චු ආධාරයෙන් කුඩා ඇට බවට සකස්කර ගැනේ.

කුඩා බෝල බවට පත් කිරීම Making of pellets

ඉතා කුඩා ඇට බවට පත්කරන ලද ප්ලාස්ටික් යළිත් Pellet බවට සකස්කරන අතර එම ද්‍රව්‍ය නැවත භාවිතය සදහා නව නිෂ්පාදන සැකසීමට උපයෝගීකරගත හැකිය. එසේ වුවද මේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් විශේෂ ඒවායෙහි මුල් ස්වරූපයට වඩා දැඩි බවකින් යුක්තවේ.මෙලෙස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වර්ග කිහිපයක් දැකිය හැකිය.

Polyethylene Terephthalate

මේ විශේෂය ශක්තිමත් බවින් හා දැඩිබවින් යුක්ත වන අතර ඉතා පැහැදිළි වේ. වායු සංසරණයට හා තෙතමනයට බාධා පමුණුවයි. එහෙයින් ජලය හා වෙනත් පානීය බීම වර්ග අසුරන බෝතල්, ජෝග්ගු හා ආහාර දමන බඳුන් නිෂ්පාදනයට භාවිතා කෙරේ

High Density Polyethylene

දැඩිබව තෙතමනයට ඔරොත්තුදීම, ශක්තිමත් බව, සුනම්‍ය බව, දැඩිබව හා වායුන් සදහා අඩු පාරගම්‍යතාව හේතු කොටගෙන ජලය, යුෂ වර්ග හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇසුරුම් කිරීමට අවැසි බෝතල නිපදවා ගැනීමට මෙම වර්ගයේ ප්ලාස්ටික් උපයෝගීකර ගැනේ. එමෙන්ම නිවෙස් හා නොයෙකුත් ආයන වෙතින් බැහැරලන කැළිකසල එක්රැස්කර බැහැර කරන පොලිතීන් බෑග් නිපදවා ගැනීමද සිදුකරයි.

Polyvinyl Chloride

ද්‍රව රැගෙනයන නල, තුනීපටල හා යුෂ රැස්කරන බෝතල නිපදවා ගැනීමට උපයෝගීකරගනු ලබන මේ වර්ගය තදබවින් හා ශක්තිමත් බවින් යුක්තවේ.

Low Density Polyethylene

බහුලව උපයෝගීකරගනු ලබන ප්ලාස්ටික් විශේෂයයි. මේ වර්ගය පිරිසැකසුම් කිරීමට පහසු වන අතර සුනම්‍ය හා තදබවින් මෙන්ම ශක්තිමත් බවින් ද යුක්තවේ. බෝතල මූඩි හා ශීතකරණයේ තබන බදුන් සෑදීමට උපයෝගීකර ගැනේ.

ඉතා හොඳ කාබන් අණු ඇසුරෙන් දිගු ක්‍රියාදාමයක් මඟින් වඩාත් ස්ථායී අණුක සබැඳියාවක් සහිතව ගොඩනැ‍‍‍ඟෙන පොලිමර් ඇසුරෙන් නිපදවන ප්ලාස්ටික් පහසුවෙන් දිරාපත්වීමකට හෝ කුඩා කොටස් ලෙස බිඳීයාමකට බඳුන් නොවේ. එහෙයින් පසේ ජීවත්වන ක්ෂුද්‍රජීවීන් මඟින් ප්ලාස්ටික් හෝ පොලිතීන් පහසුවෙන් දිරාපත්වීමකට ලක් නොවේ. කෙසේ වුවද අමුද්‍රව්‍ය උපයෝගීකරගෙන ප්ලාස්ටික් අලුතෙන්ම නිපදවා ගැනීමට වඩා දැනට නිෂ්පාදනයකර ඇති ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පරිහරණයෙන් පසුව යළි එක්රැස්කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා වැය වන්නේ අඩු පිරිවැයක් බව තහවුරු කරගෙන ඇත. එහෙයින් ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රීකරණයට ලක්කර යළි භාවිතයට ගැනීමෙන් පරිසරයට එම ද්‍රව්‍ය ඇසුරෙන් සිදුවන අහිතකර බලපෑම් අවම කරගැනීමට ඇති හැකියාව අති විශාල බව පැවසිය හැකිය. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනත් නිෂ්පාදන සැකසීම සදහා අවශ්‍ය ආයතන වෙත පහසුවෙන් යොමුකළහැකිය. එසේ නොකළහොත් ඉවතලන ප්ලාස්ටික් බඳුන් එක්රැස් කිරීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු හා ජනාවාස සදහා උපයෝගීකරගත හැකි ඉඩකඩම් සීමාසහිත වනු ඇත. සමහර රටවල මෙකී අපද්‍රව්‍ය උපයෝගීතාව අඩු ඉඩම් ගොඩකිරීමට හෝ ප්‍රදේශයන්හි එක්රැස්කරතැබීමට යොදාගනු ලැබේ. එම තත්ත්වයද අනාගතයේදී අලුත් අර්බුද ජනිත කිරීමට හේතුවනු නොඅනුමානය.

කෙසේ වුවද ඉවතලන ප්ලාස්ටික් බඳුන් හා වෙනත් පොලිතීන් නිෂ්පාදන එක්රැස් කිරීම හා ප්‍රතිචක්‍රීකරණය සදහා අදාල ආයතන වෙත සැපයීම අතිරේක ආදායම් මාර්ගයක් උපයාගතහැකි රැකියාවක් බව පෙන්වා දිය හැකිය. ඒ සදහා යොමුවන ජනතාව කෙරෙහි සෑම කෙනකුගේ ධනාත්මක ආකල්පයක් ගොඩනැංවීමට අප ක්‍රියා කළයුතු වේ. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමටද හැකිවන අතර රටේ පාරිසරික සුරක්ෂාව කෙරෙහි එය හේතුකාරකද වනු ඇත.

පාලිත මහින්ද මුණසිංහ
ගොවිපල් යාන්ත්‍රික උපදේශක
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය
හෝමාගම

නිවැරැදි කිරීමයි

මාවතගම මිරිස් ගොවියෝ ලංකාවේ ගොවිතැන දියුණු කිරීම සඳහා විදේශවලින් ගෙන එන සංවර්ධන මොඩල කිසිදු වෙනස් කමක් නොකර ඒ ආකාරයෙන්ම අප රට තුළ යොදා ගැනීම නොකළ යුතු බව මගේ වැටහීමය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.