නව බදු පනත ක්‍රියාත්මකයි | Page 2 | සිළුමිණ

නව බදු පනත ක්‍රියාත්මකයි

නව ආදායම් බදු පනත ලබන වසරේ අ‍ප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙතෙක් පැවැති ආදායම් බදු පනත 2006 දී ස්ථාපිත වූ අතර, එය පසුගිය වසර 11 ක කාලය තුළ අවස්ථා අටකදී පමණ සංශෝධනයට පාත්‍ර විය. එයින් එම පනත ඉතා සංකීර්ණ වූ අතර, බදු නීතිය සංකීර්ණ වීම රටකට ඉතා අවාසිසහගත බව පැවැසිණි.

ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 80%ක් ම වක්‍ර බදු ලෙස මෙතෙක් ලබාගත් අතර ඍජු බදු ලෙස ලැබුණේ 20%කි. මෙයින් මෙරට සාමාන්‍ය වැටුප් ලබන ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර ඒ තත්ත්වය තේරුම් ගෙන නව බදු පනත යටතේ වක්‍ර බදු ප්‍රමාණය 60% දක්වා ද ඍජු බදු ප්‍රමාණය 40% දක්වා ද වෙනස් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

2014 වර්ෂය වන විට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 10% දක්වා පහළ බැස තිබූ අතර එය මේ වනවිට 15% දක්වා වැඩි කිරීමට හැකි වී තිබෙන බව ද කියැවේ. නව බදු පනත යටතේ එය 20% දක්වා වැඩි කිරීමට හැකි වනු ඇත. මෙමඟින් මාසික ආදායම ලක්ෂයට වඩා අඩු හැම අයකුම ආදායම් බද්දෙන් නිදහස් වනු ඇත. කොටස් දෙකකින් සමන්විත මේ පනතේ පළමු වැනි කොටස 2017 ඔක්තෝබර් 30 ක්‍රියාත්මික වීමට නියමිතය

Comments