වේල්ස්හි උපන් ආදරණීය ඇය | සිළුමිණ

වේල්ස්හි උපන් ආදරණීය ඇය

ඇගේ ඡායා රූපය මුද්‍රණය වී තිබූ ඕනෑම පුවත්පතකට තිබු‍ණේ සුවිශේෂ අලෙවියකි. එවැන්නක් ඇතැම් ඩොලර් දශලක්ෂය ද ඉක්මවා ගියේය. එමෙන්ම ඇගෙන් ලැබෙන කවර ඉඟියක් වුවත් පැපරාසියන්ගේ කැමරාකාචයට හසුවිය.‍

පැපරාසි යන නාමය අසන්නට ලැබෙන්නේ ඉතාලියේ රෝම නගරයෙනි. එය ඉතාලි වචනයකි. මේ වචනය අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ශබ්දකෝෂ වලට එකතු වන්නේ වර්ෂ 1968 දී ය. මෙලෙස පැපරාසි බිහිවීම සම්බන්ධව ඇත්තේ දිගු ඉතිහාසයකි. පැපරාසි බිහිවීම සම්බන්ධ දිගු ඉතිහාසය 1958 දක්වා දිවෙන්නකි. ප්‍රභූ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්ව ස්මතුවන ආකාරයට ඡායා රූප ගැනීම මඟින් ඉහළ ආදායමක් ඉපයීමට පැපරාසි මාධ්‍යවේදීන්ට හැකි විය. ඉතා රහසිතගව සිදුවෙන මේ ක්‍රියාදාමය මඟින් විශාල මුදලක් හිමි කරගැනීමේ නිරන්තර උත්සාහයක ඔවුහු නිරත වූහ. රහසිගතව සියුම් මෙහයුම් දියුණුමෙහිලා මොහු නිපුණයෝ වෙති.

පිළිගත් සම්ප්‍රදායෙන් වෙනස්ව තොරතුරු සෙවීම සඳහා පැපරාසි පෙරමුණගත්තේය. ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවූවන් අභිබවා තොරතුරු සෙවීම නිසා අචාරධර්මවලට සිදුවන හානය පිළිබඳ බටහිර ලෝකයේ විවිධ මතිමතාන්තර ඇති විය. කෙසේ වෙතත් මීට වසර 20කට ඉහතදී ඩයනා කුමරිය පැපරාසියන්ගේ පුවත්මවන්නියක් වූවාය.ජැකොලයින් කෙනඩිට ද සාරවත් පුවත් මවන්නියක් ලෙස පැපරාසියෝ හඳුනාගෙන සිටියහ. ඇය අනපේක්ෂිත ඉරණමකට ගොදුරු වූයේ ද මේ හේතුවෙනි. වර්තමානයේ අමෙරිකානු ‍ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලැනියා ට්‍රම්ප් මුල් කරගෙන ද පැපරාසියෝ විවිධ කතා ගොතන්නෝය. කතා ගෙතීම සහ පුද්ගල චරිත හානි කිරීම පිළිබඳව ද ඔවුන්ට ඇත්තේ සුවිශේෂ හැකියාවකි. මේ හැකියාව සමහර පුවත්පත් ආයතන වැරැදි ආකාරයට යොදාගැනීම ප්‍රචලිත කරුණකි. එදා මෙදා තුර පැපරාසියන්ට නම් සීමා මායිම් නොතිබුණි.

ඩයනාට ද මෙවැනි ඉරණමකට ගොදුරු වීමට සිදු වූයේ පැපරාසීන්ගේ ක්‍රියාකලාපය නිසාවෙනි. ඩයනාගේ දිවි අහිමිවීමට පූර්වගාමීව ඇයගේ ජීවිතය සම්බන්ධව තීරණාත්මක සිදුවීම් කීපයක් සිදුවෙමින් තිබුණි. එහි කූටප්‍රාප්ති අවස්ථාව එලඹූයේ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වූ ඩොඩී අල් ෆායිඩි නැමැති පෙම්වතා පිළිබඳව අනාවරණය වීමත් සමඟය. මේ ලැව් ගින්න මිනිත්තු කීපයකදී ලොව පුරා පැතිරී ගියේය. මෙයින් පසු බොහෝ ඡායාරූප ශිල්පීහු ඇය ගැන සෙවූහ. කැමරාවක් අත තිබූ පමණින්ම ඕනෑම ඡායාරූපයක් ගැනීමට ඡායාරූප ශිල්පි‍යකු යොමුවීම ඛේදවාචකයකි. එහෙත් ඉතාලි ජාතික ඡායාරූපශිල්පී මාර්කෝ බ්‍රෙන්නා පවසන අන්දමට ඩයනා ඡායාරූප ශිල්පීන් හඹා යෑමට බෙහෙවින් කැමැත්තක් දැක් වූ තැනැත්තියකි. එහෙත් ඩයනාගේ හදිසි වියෝවයෙන් මහත් කම්පාවට පත් වූ ඇයගේ සොහොයුරු චාල්සි ස්පෙන්සර් පවසා සිටියේ ඩයනා සම්බන්ධව තැතිගන්නා සුලු උද්වේගකර ඡායාරූප වෙනුවෙන් අධික මුදලක් වියදම් කළ සෑම මාධ්‍යවේදියකුගේම දෑත්වල ඇයගේ රුධිරය තැවැරී ඇති බවයි. එමෙන්ම ඩයනා වාසයක කළ කෙන්සිංටන් මාළිඟාවේ ප්‍රවෘත්ති ලේකම්වරයා ද ඩයනාගේ මරණ සම්බන්ධව පුවත් මවන ඡායාරූප ශිල්පියකු බවය.

ප්‍රංශයේ අයිෆල් කුළුණට නුදුරින් පිහිටි සේන් නදිය හරහා වැටී තිබූ උමං මාර්ගයේදී ඩයනා අනතුරට ලක්වන අවස්ථාවේදී පැපරාසි යැයි හඳුන්වා වන ඡා‍යාරූප ශිල්පීන් හත්දෙනකු පමණ ඇය ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා ගොස් තිබීම ඛේදනීයය. එහෙත් ප්‍රසිද්ධ පුද්ගලයන් වෙළෙඳ භාණ්ඩ ලෙස දැකීම ඛේදනීය තත්ත්වයක් බවයි.

එදා අමෙරිකාවේ පළ වූ ග්ලෝබ් සඟරාව ඩයනා‍ සහ ඇගේ පෙම්වතා සමඟ මධ්‍යධරණීය මුහුද ආශ්‍රිතව සිදු කළ රහස් සංචාරය පිළිබඳ අනාවරණය කර තිබුණි. අලුත් තොරතුරු සහ ඡායා රූප එහි තිබුණි. මෙහි කතුවරයා ප්‍රකාශ කළේ මේ නව පෙම් යුවළ පිළිබඳව ජනතාව කියවීමට බෙහෙවින් කැමැත්තක් දක්වන බවය. විශාල මුදලක වැය කරමින් මෙවැනි ඡායාරූප ගන්නේ පාඨකයන් ඒ සඳහා දැඩි කැමැත්තක් දක්වන බැවිනි.ඩයනාගේ මරණය පිළිබඳව බ්‍රිතාන්‍ය පොලීසිය විශේෂ කොමිසමක් පත් කළ අතර එම පරීක්ෂණයේ දී යම් චෝදනාවක් මෝටර් රථය ලූහුබැඳ පැමිණි පැපරාසී ඡායාරූප ශිල්පීන් හට ද යොමු වූ අතර පසුව අදාළ වාර්තා එකිනෙකට පරීක්ෂණයට ලක් වීමේදී අනාවරණය වූයේ අනතුරට ප්‍රධානතම හේතුව රථය පැදවූ රියදුරාගේ නොසැළකිළිමත් කම වන බවයි.

ඩයනා කුමරිය අපගෙන් සමුගෙන වසර 20 ක් ගත වී ඇති මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු විශේෂ කරුණක් තිබේ. ඒ ඇය පොදුජනතාවගේ කුමරියක් බවට පත් කරමින් ජනප්‍රියත්වයේ ඉහළට රැගෙන යාමට දායක වූයේ ජනමාධ්‍ය වන බව ය. ඒවාගේම ඇය මියගිය මොහොතේ පටන් ය. ලෝක අපවාද වලට නතු වූ බොහෝ ජනමාධ්‍ය ඇය ජීවත්ව සිටි සමයටත් වඩා මිය ගිය ඇයට ගෞරව කරමින් ඇය පිළිබඳව තවමත් විමසිල්ලෙන් පසුවීමෙන් ප්‍රකට කරනුයේ ද මතුපිටින් නොපෙනන ජනමාධ්‍යයේ ඇති විශිෂ්ට වූ ස්වභාවයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.