හොළිවුඩ් ජොලිය අත්හළ ඇන්ජලීනා ජොලී ! | සිළුමිණ

හොළිවුඩ් ජොලිය අත්හළ ඇන්ජලීනා ජොලී !

අද බෞද්ධාගම පෘථුල ලෙස ව්‍යාප්තව තිබේ.හොලිවුඩ් පුරය විශේෂයෙන් මේ ප්‍රවාහයට පෙළඹී සිටී. බැලූ බැල්මට පෙනෙන සංඛ්‍යාවට වඩා හතර පස් ගුණයක් එහි බෞද්ධයින් ඇති බව කාගේත් පිළිගැනීමයි. මේ

ප්‍රවාහයට වෙනත් බොහෝ සිනමා හා සංගීතවේදීන් මෙන්ම ඇන්ජලිනා ජොලී සහ ඇයගේ අලුත විවාහ වූ ස්වාමි පුරුෂයා ද අයත් වේ.

ඇමරිකාවේ මුල් යුගයේ ප්‍රකට තාරකාවක් වූ මේරි වික්ෂඩ් ග්‍රේටා ගාබෝ,ග්ලොරියා ස්වාන්සන් සහ 50 දශකයේ තාරකාවන් වූ එළිසබෙත් ටේලර්,සොපියා ලෝරේන්,මැරිලින් මොනරෝ මෙන් අද දිනයේ සුදිලෙන තාරකාවක් වී ඇත්තේ ඇංජලිනා ජොලිය.මේ දිනවල ඇය වැඩියෙන්ම ලෝකයේ කතා බහට ලක්ව ඇත්තේ උතුම්ම කාන්තාව තෝරන තරගයට එළිසබෙත් මහ රැජිණ සමඟ කරට කර සිටින හේතුවෙනි. එම රටවල ඇති ‍විශේෂත්වය නම් ඔවුන් අනුගමනය කරන්නේ බෞද්ධාගමේ ප්‍රායෝගික පැත්තයි. වි‍ශේෂයෙන් භාවනා ක්‍රම සහ දැනුම හා සමාජ සේවා පැත්තයි.

ඇන්ජලීනා රඟපාන සමහර චිත්‍රපටවල පවා භාවනාවේ නිරතවන දර්ශන ඇති අතර බෞද්ධ සංකල්පවල ඇති වැදගත්කම අනියම් ක්‍රමවලින් ද කියවෙයි.

මේ ක්‍රියාකාරකම් සියල්ලටම ජන්ම පත්‍රයක ග්‍රහ පිහිටීම් ද වැදගත් වෙයි.මෙහි ග්‍රහ සංයෝගයන් විශ්ලේෂණය කරන විට එයද ප්‍රත්‍යක්ෂ වෙයි. ඇය උපන්නේ කටක ලග්නයෙනි. ලග්නයම ඉතා සංවේදී චින්තන විප්ලවවාදී ලග්නයකි.මේ ලග්න ස්ඵුටය අප මඳක් නිවැරදි කරගෙන ඇත.

ඇගේ ලග්නාධිපති සඳු වන අතර ලග්නයේ උප පතියා බුධයි. සිනමාව පෙන්වන 5 උප පතියා සඳුය. සමාජ තත්ත්වය, කීර්තිය සහ වෘත්තිය පෙන්වන 10යේ මෙන්ම 11 උපපතියා රාහුය. කලාවට සම්බන්ධ සඳු සිකුරුට අයිති වෘෂභ රාශියේ වේ.

සිකුරු, ගුරු,නැප්චූන් සිනමාවට සම්බන්ධ ප්‍රබල ග්‍රහයන්ය.

තම අපේක්ෂාවන් ඉටුවීම ලග්නය සහ 11 වන භාවයෙන්ද ජනප්‍රියතාවය 1,9,10,11 යන භාවවලින් ද පෙන්වයි. සඳුට ගුරුගෙන් සහ කුජගෙන් සුබ දෘෂ්ටි පෙන්වයි.ගුරු මෙහි 10 අධිපති ද වෙයි. සඳු‍ට පහේ සිටින නැප්චූන්ගෙන් දෘෂ්ටියක් ද ඇත. රාහුද ‍නැප්චූන් සමඟ යෝග වී පහේ සිටී. රාහු කුජ නිවේදනය කරන වෘශ්චික රාශියේ මෙන්ම 12 සිටින ශනිගේ නැකැතේත් 11 සිටින බුධගේ උපස්ථානයකත් සිටී. ශනි මෙහි 7,8 සහ 9 අධිපතිද වෙයි.

ශනිගෙන් අධික වීර්යය, දුෂ්කරතාවයන්ට මුහුණ දීම, පින්දහම් කිරීම පෙන්වයි.2003 වසරේදී ඇය කාම්භෝජයේ අනතුරුදායක ප්‍රදේශවල සේවයේ යෙදී ඇත.

ශනි 7,8,9 අධිපති ලෙස ගුරුගේ නැකැතක සිටීම සුබසාධන, පුණ්‍ය කටයුතු මුදල් පරිත්‍යාග පෙන්වයි. ඇන්ජලිනා නිතර භාවනා කළාය.

ÒForbesÓසඟරාවට අනුව ඇය 2008 වන විට මිලියන 27ක් පමණ උපයා ඇති බව පෙනේ. එමෙන්ම මිලියන ගණන් මුදල් පරිත්‍යාග කර ඇත. මේ සඟරාව මඟින් ඈ බලගතු කීර්තිමත් චරිතයක් වශයෙන් ද සාර්ථක ව්‍යාපාරිකයෙකු වශයෙන්ද නම් කරනු ලැබීය.මානව හිතවාදී කාර්යයන්හි නිරතවන්නියක ලෙස ද පිළිගැනිණ. දෙකේ උපපති ගුරු සහ දෙක අධිපති සඳුදා එකොළහේ උපපති රාහු ද එකොළහේ අධිපති ශුක්‍ර ද බලගතුව ධනකාරක භාවයන් නිවේදනය කරයි.ධන කාරක භාවයන් වන්නේ 2,6,10,11,7,9 සහ 5 මීට සම්බන්ධ වූ විටද, 8 සහ 12 වන පීඩාකාරී ස්ථාන මර්දනය වූ විටද සාර්ථක ව්‍යාපාරිකයෙකු බිහිකරයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.