කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

පිළිසරණක්

ගුණ දම් තිබේ අප බුදු­හිමි දෙසන ලද
රකිනා කෙනා පිරි­පුන් මිනි­සෙ­කුය සොඳ
මුදු වද­න­කින් මුව සරසා කියන ලද
වච­නය ඇත්ත විය යුතු­මය බොහොම හොඳ

මසු­රු­ක­මද අත­හැර වයි­ර­යද නැතී
මිනි­සෙකු වන්න මෙත් කරුණා ගුණය ඇතී
යහ ගුණ දම් රැක්ම දිවි­යට දිරිය වෙති
ඒකයි වටි­න­කම මිනිසා සතුව ඇති


එච්.පී. කරු­ණා­රත්න
 


බින්තැන්නේ හේන

වට්ටක්කා කෙසෙල් පුද­න්නට ළඟනේ
එක දිග­ටම ඉතිං පෑවි­ල්ලක් වැඩිනේ
හුඟ දව­සෙ­කින් අඹු දරු දැක්කෙත් නෑනේ
හේතුව මගේ මුළු දව­සම ගෙවෙ­න­වනේ

අට්ටා­ලයෙ ඉඳන් රෑ නිදි වරන සඳ
හඳ එළි­යට පෙනුණි පරු­වත ලෙස සබඳ
රහ­සෙම ඇවිත් අලි වැට අලි බිඳින සඳ
අලි වෙඩි දමා පන්නා දැමුවේ නිබඳ

වන පෙත එළි­වෙලා ඇති බව නම් සත්තයි
ගෙවල් කුඹුරු ඒ තුළ ඇතුවා සත්තයි
උඹ­ලට ඉන්න කන්නට දැන් නෑ සත්තයි
උඹ­ලගෙ ඉඩම් අපෙ අය අ‍රගෙන සත්තයි

එන­මුදු අනේ මගෙ ඉඩ­මට එන්න එපා
අප­හට ඉතිං කර­ද­ර­යක් දෙන්න එපා
නිදි­මත වෙහෙස නිබ­ඳව ගෙන දෙන්න එපා
අඹු දරු මුවේ හස­රැළි වියැ‍ෙළන්න එපා


උපාලි වීර­සිංහ


වෙනස

කුරු­ල්ලන්ට කෑම දැමූ
ලෑල්ලට වැසුව
කපු­ටෙකු
එළවා දැමු­වාය
සිසි­ලි­යානා

තුසිත රණ­සිංහ
 


මිනි­ස්කම


සේවය කරන අය­මෙන් රැක ගරු නාම
කළ යුතු දෙය සොයයි ඇත­මෙක් හැම දාම
යටි සිත වසන් කර බොරු­වට රඟ පෑම
සිදු­වෙයි මිනි­ස්කම පලවා හැර යෑම

අස­රණ කමට කෙනෙ­කුන් අත පාන විට
නැහැ පිළි­ස­රණ වන්නේ එය ඕනෑ වට
හොඳ හෝ නරක නිර­තු­රුව ම ගේන විට
ඇයි එය නොගන්නේ කිසි­වෙකු ගාන කට

රැක ගනු පිණිස තම හට නිසි පණ කෙන්ද
නොහො­බින වැඩත් සිදු­වෙයි හේතුව මන්ද
මෙතු­වක් ‍කලක් අස­ම­ගි­යෙන් දුක් වින්ද
මිනි­සුනි සතුට ලැබ ගන්නට පුළු වන්ද

අන්සතු දේට කොතෙ­කුත් අද මිනී මරයි
තව අය මහ දවල් කොතෙ­කුත් සිහින දකියි
අටවා උගුල් තව කොතෙ­කුත් මුළා කරයි
මිනිසා - මිනිස් කම අත්හළ යුගය මෙයයි


කේ.ජී. සම­ර­කෝන්


ජීවි­තය

තුරුණු වියෙ අසි­රිය
මලක පෙති සේ විසි­රිය
නොරැ­‍ෙඳ්ය සසි­රිය
ගිලි­හේය ඒ පිරුණු සුසි­රිය

දිවා රැය දිගු කල‍
­පෙම් ලොවේ රූ සිරි කළ
සිහි­න­යන් රජ කළ
ලොවකි සොම්නස් සපිරි ඇම කළ

ගඟ දියෙහි සුන්දර
දුටුවේ නිස­සල මැදි­යම
දිවි මඟේ පින්සර
කුමුදු පුබුදී ළයෙහි තුන්යම

රිවි මඬල බැබ­ළුණු
මතක සුසි­නිදු සැඟ­වුණු
රැළි ගැසී වියැ­කුණු
බවකි පසු­පස වියෙහි වැට­හුණු

රෝ දුකින් පිරුණු
විලකි දුග­ඳින් මිරි­කුණූ
මැදි සිතින් සුරැ­කුණූ
බවකි මේ ජීවි­තයේ නොරැ­ඳුණු


සෂිණි කුමාරි සිරි­ව­ර්ධන
 


ඉතිං කියන්න

මේ උණූ කඳුළු
තබා ගියේ ඇයි ද?..
මගේ ගේ දොර­කඩ
යළිත් කිසි­දි­නෙක
මෙහි නොඑන බව
දැන දැනම


නිහාල් ගුණ­ව­ර්ධන


හිත­ රි­දවූ ප්‍රේමය


සමා­වෙන්න බිම බැලු­වට
ඇස් මානෙන් නුඹ යන විට
රුව මඟ­හැර ඉවත බැලුවේ
හිතේ පිරුණු ආද­ර­යට...

මතක පොතේ පිටු ඉරන්න
හද­වත අදි මදි කරන්නේ
කඳුළු පිරුණු ඇස් තාමත්
ඔබේ රුවයි සොයා යන්නේ..

හිතට සවිය වෙලා එදා
නුඹ මා ළඟ උන්නු නිසා
හිතු‍ෙණ් නෑ කව­දා­වත්
මා අත­හැර යාවි කියා...

මා නොදන්න තවත් අයෙක්
නුඹේ ළඟින් ඉන්නා බව
දැන­ගත් පසු ළං වෙන්නට
හිතට හිතක් නෑ සත්තයි...


හර්ෂණි විජේ­මාන්න


කුඩ

වේදනා අඩු කුලියේ
දුප්පත් සීතලේ ගැහි ගැහි
කුඩ හදන
කුඩ මහන
කුඩාම මිනිස්සු
කුඩා නොවන කුඩ පැක්ට­රියේ
නන කැඩුණු කුඩ­යක් සේ
සිනා­සෙයි

බඩ තඩි මහත කුඩ මුද­ලාලි
කුඩ ඉහ­ලන් නොයයි
අව්වට වැස්සට
හයි­බ්‍රි­ටයේ ඉගි­‍ෙළයි
කරයි සර­දම් කුඩ­ව­ලට ම

කුඩ පැක්ට­රියේ,
ඉතිං! කියාපං මට
කුඩා වැටු­ප­කට
කුඩ මහන
මිනි­ස්සුන්ට
වැස්ස­කට අව්ව­කට
ඉහ­ල­න­වාද?
උඹ­වත්
කුඩ­යක්


ජයන්ත ග. ජෝති­ය­රත්න


විකුම් පෑ පුත­ණු­වනි


විසි වස­රක් පිරුණි පුතු අප­ගෙන් වෙන්වී
සිත ඉකි­බි­ඳිය සැම­විට මා පුතු සිහිවී
කිසි විටෙ­කදි මෙවන් විප­තක් යළි නොමවී
මතු භව­යෙ­දිත් ඉප­දේවා මගෙ පුතුවී

හිරු අත­රෙහි ගිලී­ගෙන යයි පෙර සේම
ලොව ගණ­දු­රුයි එය නව­තා­ලනු කෝම
ලොව දම් අනුව වූවත් මෙම සිදු වීම
පුතු නැති මගේ ලොව අඳු­රුයි සැම­දාම

වැදු මව මෙන් ම දිනු රටට ද හිතැති පුතේ
යුද පෙර­මු­ණට ගියෙ පෙන්වා සවිය ගතේ
පුතුගේ විකුම් පැති­රෙයි ලක් දෙරණ මතේ
නිව­නින් සැන­සෙන්න දැක බුදු රදුන් මෙතේ


සාරා මලිතී යාපා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.