ජනතාවට ජය ගෙනදෙන නව දේශීය ආදායම් පනත | සිළුමිණ

ජනතාවට ජය ගෙනදෙන නව දේශීය ආදායම් පනත

 ශ්‍රී ලංකාවේ දැනට පවතින බදු ව්‍යුහය පළමුව හැඳින ගැනීම ඉතා වටින්නේය. ඒ අනුව අපට දැකිය හැක්කේ ප්‍රධාන කොටස් දෙකකට මෙම බදු වෙන් කළ හැකි බවයි. එනම්, සෘජු බදු හා වක්‍ර බදුයි.

සෘජු බදු වශයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ආදායම් බද්ද සහ ආර්ථික සේවා ගාස්තු අය කිරීම්ය. 1960 ගණන්වලදී නිකොලස් කැල්ඩෝ හා නැමැති බදු විශේෂඥයා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සෘජු බදු ක්‍රමය පිළිබඳව යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලදී. මේ යටතේ ආදායම් බද්දට අමතරව ධන බද්ද, තෑගි බද්ද හා වියදම් බද්ද යන සෘජු බදු වර්ග හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත් ඒ කාලයේදී මෙම අලුත් සෘජු බදුවලින් ලැබුණු ආදායම එතරම් වැදගත් නොවු අතර, ඒ බදු වර්ග හේතුවෙන් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය එකතුවීම අධෛර්යමත් වන බවට මතකයක් පැතිර ගියේය. විශේෂයෙන් 1977 දී ආර්ථිකය විවෘත කරවීම නිසා සංවර්ධනයේ නියමුවා ලෙස කටයුතු කිරීමේ භාරදූර වගකීම පෞද්ගලික අංශයට පවරා දෙන ලදී. මෙතෙක් කල් රාජ්‍ය අංශායේ මූලිකත්වයෙන් කරන ලද ආයෝජන කටයුතු ක්‍රම ක්‍රමයෙන් පෞද්ගලික අංශය විසින් කිරීමට පෙළඹෙන ආකාරයේ බදු ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය විය.

මේ අනුව සෘජු බදු වශයෙන් ප්‍රධාන වශයෙන් ඉතිරි වූයේ පුද්ගල හා සමාගම් ආදායම් බද්ද පමණි. රාජ්‍ය ආදායම පහත යෑම නිසා වක්‍ර බදු කෙරෙහි සැලකිල්ල යොමු වූ අතර, බොහෝ දුරට අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ලබා ගැනීමට රජයට සිදුවිය.

1977න් පසු රාජ්‍ය ණය ශීඝ්‍ර වශයෙන් ඉහළ ගියේ මේ හේතුව නිසාය. පසු කාලීනව වක්‍ර බදු තවදුරටත් ව්‍යාප්ත කිරීමට අලුත් බදු වර්ග හඳුන්වා දෙනු ලැබීය. 1998 දී භාණ්ඩ හා සේවා බද්ද (GST) හඳුන්වා දුන් අතර, මෙය 2001 දී එකතු කළ අගය මත බද්ද (VAT) ලෙස වෙනස් කරන ලදී.

සෘජු බදු

මෙයට අමතරව විවිධ වක්‍ර බදු වර්ග හඳුන්වා දුන් අතර දැනට ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ලෙස හඳුන්වනු බද්ද මේ අතුරින් ප්‍රධාන වේ.

මෙම ඓතිහාසික පරිණාමයේදී සෘජු බදුවල වැදගත්කම සීඝ්‍ර ලෙස අඩු වූ අතර, වක්‍ර බදු අපගේ බදු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයක් විය. දිගු කලක් තිස්සේ පැවැතුණු රේගු බදු හා සුරා බදු ආදී බදු වර්ගද වක්‍ර බදු වේ. මේ අනුව වර්තමානයේ බදු සංයුතිය සලකා බැලුවිට 82% ප්‍රමාණයක් ඇත්තේ වක්‍ර බදු වන අතර, සෘජු බදු ඇත්තේ 18% පමණි. මෙම බදු ක්‍රමය සමාජ සංවර්ධනයට බලපෑවේ කෙසේද?

වක්‍ර බදු වැඩිවීමේ ප්‍රධාන විපාකය විඳින්නේ පාරිභෝගික ජනතාවයි. වක්‍ර බදු කෙළින්ම භාණ්ඩ හා සේවා මත පනවනු ලබන බැවින් භාණ්ඩ හා සේවා ප්‍රයෝජනයට ගන්නා පාරිභෝගික ජනතාව මත එම බදු බර පැන වේ.

මේ නිසා උද්ධමන තත්ත්වයද ඉහළ යන අතර ජීවන වියදම ඇතැම් අවස්ථාවලදී දැරිය නොහැකි අන්දමින් ඉහළ ගොස් ඇත. සෘජු බදු අඩුවීම නිසා පෞද්ගලික අංශය මේ ආයෝජන වැඩි කළා යැයි කීමට තරම් සාක්ෂි නැත. බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ පෞද්ගලික ධනය රැස් කිරීම හා අධි සුඛෝපභෝගි ජීවන රටාවකට යොමු වීමයි.

විශ්වාස කළ හැකි දත්ත නොමැති වුවද ශ්‍රී ලංකාවේදී 1970 ගණන්වලින් පසු කෝටිපති ධනපතියන් සෑහෙන ප්‍රමාණයක් බිහි වී ඇති බව පැවැසිය හැක. එබැවින් අපට දැකිය හැක්කේ සමාජීය වශයෙන් සෘජු බදු අඩු කිරී‍ෙම් ප්‍රතිඵලය එතරම් යහපත් නොවන බවයි.

වක්‍ර බදු

ශ්‍රී ලංකාවේ වර්තමාන රාජ්‍ය පාලකයින් මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කොට තිබෙනුයේ මේ ආකාරයටයි. ඔවුන් පවසා ඇත්තේ දැනට පවතින 80% - 20% අනුපාතිකය 60% - 40% දක්වා අඩු කළයුතු බවයි. ඉන් කියවනුයේ වක්‍ර බදු 60% කුත් සෘජු බදු 40%කුත් අය කරන සේ බදු ක්‍රමය වෙනස් කරන බවයි. කෙසේ වෙතත් මෙය කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට එක් හේතුවක් නම්, නීතිරිතිවල දුර්වලතාවයට වඩා බදු පරිපාලනයේ පවතින දුර්වලතාවයන්ය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වක්‍ර බදු අය කිවරීමට එතරම් සූක්ෂම හා කාර්යක්ෂම බදු පරිපාලනයක් අවශ්‍ය නොවේ. මේ නිසා වක්‍ර බදු අය කිරීමේදී ආදාළ නිලධාරීන්ගේ දක්ෂතා මොටවී යන අතර, ඔවුන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට යොමු නොවේ. සෘජු, බදු අය කිරීම වක්‍ර බදු අය කිරීමට වඩා හාත්පසින්ම අමාරු කාර්යයකි. ඒ සඳහා මහා පරිපාලන සංවිධානයක් හා නිලධාරී සංඛ්‍යාවක් අවශ්‍යයයි. නීති රීති සම්මත කළ පමණින්ම සෘජු බදු අය කිරීම ඉහළ දැමිය නොහැක.

ඓතිහාසික වශයෙන් ආදායම් බදු හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුතු වන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයින්ටයි. 1932 වන විට එවකට ප්‍රධාන වශයෙන් පැවැති රේගු බදු හා සුරා බදු ආදායම් අඩුවීම නිසා එම හිඟය පියවා ගැනීමට පෞද්ගලික හා සමාගම් බද්දක් පැනවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කෙළේය. කෙසේ වෙතත් මේ බද්ද ඉතා සරල එකක් වූ අතර උපරිම බදු අනුපාතිකය 15%ක් විය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පරිදි වක්‍ර බදුවල තිබෙන අයහපත් ලක්ෂණ හා සෘජු බදු අඩුවීම නිසා සමාජයේ ආදායම් හා ධනය බෙදියෑමේ විෂමතාවය වැඩිවීම ආදී කරුනු සැලකිල්ලට ගත්විට සෘජු බදු අනුපාතිකය වැඩි කිරීමට කටයුතු කිරීම යෝගයය.

මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දේශිය ආදායම් බදුවල විශේෂ ලක්ෂණයන් වූයේ ආදායම් බද්දේ අතිවිශාල නිදහස් කිරීම් ප්‍රමාණයක් තිබීමයි. වඩාත් වැදගත් වන්නේ එම නිදහස් කිරීම් පසුකාලිනව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා සහ උපායමාර්ගික සංවර්ධන පනත යටතේ අතිවිශාල ආදායම් බදු නිදහස් කිරීම් නිසා මෙම තත්ත්වය තවත් උග්‍රවිය. මෙයට අමතරව කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය නොකොට, විවිධ අඩු බදු අනුපාතික ලබාදීම නිසාද ආදායම් බදු අනුපාතය පිරිහෙන්නට විය.

බදු නිදහස

මේ නිසා බදු ක්‍රමය සරල කිරීම හා බද්ද ගණනය කිරීමේ ක්‍රියාවලිය හා බද්ද ගෙවීමේ ක්‍රියාවලිය සරල කොට දැනට බදු ගෙවන්නට සහනයක් සැලැසීම, දැනට බදු නොගෙවන්නන් බදු ගෙවීමට යොමු කර ගැනීම අත්‍යවශය කරුණකි.

ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ, දැනට පවතින ආදායම් බදු පනතේ ඇති අතිවිශාල බදු නිදහස් කිරීම් ප්‍රමාණයන් හා සහන බදු අනුපාතික තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ආදායම් බදු ප්‍රමාණය වැඩිකළ නොහැකි වීමයි.

දැනට ප්‍රසිද්ධියට පත්කොට ඇති නව ආදායම් බදු පනතේ කෙටුම්පතට අනුව ( 2017.09.07 පාර්ලිමේන්තුවේදී විවාද කළ) මෙම විෂඹතා වැළැක්වීමට සුදුසු විධිවිධාන ඇතුළත් කර ඇති බව පෙන්වා දිය හැකිය.

එම කෙටුම්පතට අනුව දැනට පවතින බදු නිදහස් කිරීම් වලංගු වන්නේ යම්කිසි නීතිමය පදනමක් යටතේ එම බදු නිදහස් කිරීම් ලබාදී ඇත්නම් පමණි. අලුත් පනත වලංගු වන දිනයේ සිට වෙනත් කිසිම නීතියක් යටතේ ආදායම් බදු නිදහස් කිරීම් ලබාදිය නොහැකිය. යම්කිසි නිදහස් කිරීමක් වලංගුවීමට නම්, නව පනත යටතේ එම විධිවිධාන සැලැසිය යුතුය. කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල පනත යටතේ හෝ උපායමාර්ගික සංවර්ධන පනත යටතේ හෝ නව පනත වලංගුවීමට පෙර දී ඇති බදු සහන ලෙස ක්‍රියාත්මක වේ. මේ අනුව අනාගතයේදී කිසිම පදනමක් නොමැති තීන්දු තීරණ යටතේ දෙනු ලබන බදු සහන ක්‍රියාත්මක නොවනු ඇත.

බදු අනුපාතික

විවිධ සහන බදු අනුපාතික ලබාදීමට ඉදිරියේදී සීමාවනු ඇත. නවපනත යටතේ සීයයට 14ක් වු සහන බදු අනුපාතිකය යොදා ගත හැක්කේ එම පනතේ නිශ්චිතව සඳහන් කොට ඇති ක්‍රියාකාරම් සඳහා පමණි. මේ අනුව සමාගම්වලට හා පුද්ගලයින් හට නිශ්චිත බදු අනුපාතයක් යටතේ බදු ගෙවීටම සිදුවනු ඇත. බදු පරිපාලනයේ දුර්වලතා මඟ හැරීමටද නව පනතේ විධිවිධාන සලසා ඇත. ස්වතක්සේරුව යටතේ ආදායම් බදු ගෙවීමේ ක්‍රියාවලිය සරල කර ඇති අතර සෑම කෙනෙක්ම එම ක්‍රමය යටතේ වාර්තාවක් සපයා කොටස් 4 කින් බද්ද ගෙවා නිම කිරීමේ ක්‍රමයක් යෝජනා කර ඇත.

බදු ගෙවීම් පැහැර හරින්නන් මත තක්සේරු කිරීම හා බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය සරල හා කාර්යක්ෂම කර ඇති. බදු අය කිරීමේ ඉතා කාර්යක්ෂම ක්‍රමයක් වූ රඳවා ගැනී‍ෙම් බද්ද ( WHT විවිධ අංශවලට හා විවිධ කාර්යයන්ට බලපාන පරිදි ව්‍යාප්ත කර ඇත. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ යම්කිසි රඳවා ගැනීමේ නියෝජිතයෙකු ආදාල බද්ද ආදාළ තැනැත්තාගෙන් අය කර නොගන්නේ නම්, රදඳවා ගැනීමේ නියෝජිතයාට එම බද්ද තමාගේ මුදල්වලින් ගෙවීමට සිදුවීමයි.

මෙම නව බදු පනත පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් සහ වෙනත් පුද්ගලයින් අමූලික බොරු ප්‍රචාරය කර ඇත. මෙයින් එකක් නම්, අප රටේ බුද්ධි පාලනය වැඩිවන බවයි. මේ දැනට යෝජනා කර ඇති බදු අනුපාතවල පුද්ගලයින් සඳහා 4%, 8%, 12%, 16%, 20% සහ 24% වශයෙන් යෝජනා කර ඇති අතර, මේ අනුව එතරම් තදබල බද්දක් ගෙවීටම සිදු ව්නනේ නැත. කලින් පැවැති ඇතැම් අයට පමණක් බලපාන විශේෂ සහන අනුපාත ඉවත්කර ඇත. මේ නිසා පුද්ගලයින් හට ගෙවිය යුතු බද්ද වෙනත් ්රටවල් හා සසඳනවිට අඩු බද්දකි. පිටරටවලට යන අපට ඒ රෙටවල්වල පවතින ඉහළ බදු ගෙවීටම සිදුවේ. මේනිසා බදු ක්‍රමය හේතු කොටගෙන බුද්ධිපාලනයක් සිදුවේ යැයි කීම පිළිගත නොහැක.

තවත් අය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ තැන්පත් මුදල් මත වැඩිබද්දක් ගෙවීමට සිදුවන බවයි. තැන්පත් මුදල් මත ගෙවන පොලියෙන් කලින් 2.5% ලෙස පැවැති රදවා ගැනිමේ බද්ද 50% දක්වා වැඩිකර ඇත. නමුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සම්පූර්ණ පොලී ආදායමෙන් වර්ෂ්‍යකට රුපියල් ලක්ෂ 15ක බදු නිදහසක් ලබාදී ඇත. මේ තරම් ලොකු පොලි ආදායමක් ලැබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසිය්න කී දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටිත්ද? යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 99%කටම පොලි ආදායම් මත දී ඇති මේ සා විශාල බදු නිදහස් සෑහෙන සහනයක් බව කිව හැකිය.

පුණ්‍යායතනවල තත්ත්වය ගැනද? යමක් කිව යුතුය. පුන්‍යායතනයක් යන සංකල්පය ආදායම් බදු පනත යටතේ ආදාළ වන්නේ පූජනීය ස්ථානයකට පමණක් නොවේ. පන්සල්, පල්ලි, කෝවිල් ආදියට මෙය පමණක් නොවේ. උදාහරණයක් අධ්‍යාපනික ආයාතනද පුණ්‍යායතන ලෙස සලකන අවස්ථා ඇත. එමෙන්ම පරිසරයට ආදාලව කටයුතු කරන ආයාතනද පුණ්‍යායතන ලෙස සැලකේ. එබැවින් පුණ්‍යායතනයක් මත පනවන බද්ද පන්සල්, පල්ලි, කෝවිල් ආදිය මත නොවන බද්දක් ලෙස අර්ථ නිරූපනය කිරීම නොකළයුතුය. ඕනෑම ආයතනයකට ආයෝජන ආදායමක් තිබේනම් එම ආයෝජන මත බද්දක් ගෙවීමට සිදුවේ. එසේ නොමැතිව පිං කැටවලින් එකතු වන මුදල් හෝ වෙනත් කටයුතු සඳහා ගෙවන මුදල් මත බදු අය කිරවීමක් සිදුනොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

මෙම පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අනුව කර ඇති බවට චෝදනාවක්ද ඇත. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික පණ්ඩිතයින්ට කරගැනීමට නොහැකි වූ මෙම අත්‍යවශ්‍ය වූ කරුණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟපෙන්වීම මත කර ගැනීමට හැකිවීම භාග්‍යයක්ද නොවේද?

තවත් කිවයුත්තක් ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ මේ රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට ආදාළ හිතකර යෝජනාවලින් 99%ක් පමණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් හෝ ලෝක බැංකුවේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ඒවා බව ඒ පිළිබඳව දන්නෝ දනිති.

පනතක් නීතිගත කිරීම එකකි. එම පනත නිසි පරිදි ක්‍රියාත්මක කොට ආදාළ ප්‍රතිඵලය ලබාගැනීම තවත් එකකි. නීති රීති ක්‍රියාත්මක කිරීමේදී මෙරට දැන් පවතින ඇල්මැරුණු ස්වරූපය මේ පනතටද යොදා ගතහොත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීටමත් වඩා දුෂ්කර වනු ඇත.

ජයසිරි මුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.