අපේ රට යටත් වූ දා | සිළුමිණ

අපේ රට යටත් වූ දා

ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට වරින්වර යුරෝපීය ජාතීහු වර්ග තුනක් මෙරටට පැමිණියහ. එයින් ජාතීන් දෙවර්ගයකටම හැකිවූයේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීමට පමණි. බ්‍රිතාන්‍යයන් පමණක් මුළු දේශයම ආක්‍රමණය කළහ‍. 1796 දී මුහුදුබඩ ප්‍රදේශ ද ලන්දේසීන් හා සටන් වැද පැහැරගෙන 1815 දී අන් කිසිදු ජාතියකට පැහැර ගැනීමට නොහැකි වූ උඩරට රාජ්‍ය ද ආක්‍රමණය කළහ. එකල එහි පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ය‍. එම රජතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසන් රජු ය.

1803 දී ප්‍රෙඩ්රික් නෝර්ක් ආණ්ඩුකරුවා විසින් අප රට ආක්‍රමණය කිරීමට ප්‍රයත්න දැරුවත් එය නිෂ්ඵල විය. එහෙත් 1815 දී රොබට් බ්‍රව්න්රිග් විසින් දරණ ලද ප්‍රයත්නය සාර්ථක විය. 1803 දී සිංහලයින්ගේ එකමුතු බව නිසා පළමු ආක්‍රමණය අසාර්ථක විය. දෙවැන්න සාර්ථක වූයේ සිංහලයන් තම රජු කෙරෙහි වූ විශ්වාසය කඩවූ බැවිනි.

මෙම ඉතිහාස කතා පුවතින් ආදර්ශයට ගත හැක්කේ සමගිය, සහ‍යෝගය, එකමුතුව බව නොමැති තැන සෑමවිටම අප පරාජිත වන බවයි.

නෙත්මි මහීෂා වීරතුංග,

9 ශ්‍රේණිය,

විද්‍යාකර බාලිකා විදුහල, මහරගම.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.