ඉන්ධන කාර්යක්ෂමතාවෙන් ඉහළම තැන කෝච්චියට | සිළුමිණ

ඉන්ධන කාර්යක්ෂමතාවෙන් ඉහළම තැන කෝච්චියට

අපේ රටේ වාහනවල ඉන්ධනවල කාර්යක්ෂමතාව අතින් අපේ පරිසරයට ඉතා හිතකාමී ප්‍රවාහන ක්ෂේත්‍රය දුම්රිය බව මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත සුගතපාල මහතා කළ පර්යේෂණ අනුව හෙළි වී තිබේ.

ආචාර්ය සුමතිපාල කළ පර්යේෂණ අනුව මෙරට ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවෙන් යුත් ඊළඟ වාහන මාදිලිය බස් රථයි‍. මීට අමතරව මෝටර් සයිකල් හා ද්විත්ව කාර්ය වාහන යම් තරමක ඉන්ධන කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරයි. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දුර්වලම ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති වාහනය මෝටර් රථ බව ද මෙම ගවේෂණයෙන් හෙළි වී තිබේ.

මෙහිදී ඉන්ධන කාර්යක්ෂමතාව ලෙස හඳුන්වා දෙන්නේ වැඩි පිරිසක් වාහන මඟින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට වැය කරන ඉන්ධන පරිභෝජන ප්‍රමාණයයි. 

Comments