ජනාධිපති ශූරතාව මහවැලි බී කලාපයට | සිළුමිණ

ජනාධිපති ශූරතාව මහවැලි බී කලාපයට

»r£»…£p‰py¥{ c£ÜY IJh£¹[j»xˆ r¥{¥Ü vƒ{¥z‹ IJh£ U»…»zˆ ~v~ˆl |®yl£{ vƒ{¥z‹ ð Yz£rxf ƒŒñýx.  cp£érÜ |®yl£{, »»vݲr£z ~‹ù»~ˆp cp£érÜ{yx£ r‹ùp¥v¬ Rx¨y¥. vƒŒp‰n Rvyþy Rv£l³{yx£n »K R{~‰m£{f WY‰ýx.

විසිනව වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට පිරිනමන ජනාධිපති ශූරතාව කලාප අටක් අභිබවා යමින් මෙවර හිමිකර ගැනීමට බී කලාපය සමත්විය. අනුශූරතාව එච් කලාපයට හිමි විය.

බී කලාපය ලකුණු 82 ක් සමඟ රන් පදක්කම් 13 ක් හිමිකර ගැනීමට සමත් විය. එච් කලාපය ලකුණු 63 ක් සමඟ රන් පදක්කම් 7 ක්ද, වික්ටෝරියා කලාපය ලකුණු 53 ක් සමග තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

ජවන සහ පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රොෂාන් බුද්ධික සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නදීෂා රාමනායක විසින් ද දිනා ගත්හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උළෙල පැවැති අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙම තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට මහවැලි බලධාරින්ට උපදෙස් ලබා දෙන බව ද පැවැසීය.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.