ත්‍රාසජනක ක්‍රීඩාවක නවමු අත්දැකීමක් ක්ලිෆ් ඩයිවින් | සිළුමිණ

ත්‍රාසජනක ක්‍රීඩාවක නවමු අත්දැකීමක් ක්ලිෆ් ඩයිවින්

ක්‍රීඩා ලොවේ විවිධ ආකාරයේ ක්‍රීඩා තිබේ. ඒ අතරට ත්‍රාසජනක ක්‍රීඩා ද ඇත. ක්ලිෆ් ඩයිවින් ක්‍රීඩාවත් එවැනි ඉතා ත්‍රාසජනක ක්‍රීඩාවකි.

මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 26 - 28 අතර (අඩි 85 - 92) උසක සිට ජලයට පනිති. එය පිහිනුම් තටාකයකදී ක්‍රියාත්මක වන දියපිමි ක්‍රීඩාවටම බොහෝ දුරට සමානය. නමුත් එහි ප්‍රධානතම වෙනසක් ද ඇත. එනම් ඔවුන් මෙහිදී ජලයට පනිනු ලබන උස ප්‍රමාණයයි.

මේ ක්‍රීඩාවට අදාළව ප්‍රධානතම තරගාවලීන් දෙකක් පැවැත්වේ. ඒ ලෝක ශූරතාවලිය සහ ලෝක තරගමාලාවයි. මින් ලෝක ශූරතාවලිය පැවැත්වෙන්නේ ජල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සම්බන්ධවය. එහිදී උස් දියපිමි තරග ඉසව්ව ලෙසට එය පැවැත්වේ. ලෝක තරගමාලාව වාර්ෂිකව විවිධ රටවලදී අදියර කිහිපයක් යටතේ පැවැත්වෙයි.

මෙම වාර්ෂික තරගමාලාවට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති. එහිදී මුල් ස්ථානයේ සිට දහහතරවන තැන දක්වා සෑම අදියරකදීම ලකුණු පිරිනමයි. තරගවාරය අවසානයේදී වැඩි ලකුණු ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරතා හිමිවේ. එමෙන්ම එහිදී කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම මුල් ස්ථාන 06 හිමිකර ගනු ලබන පිරිස ඊළඟ තරගවාරයට නිතරගයෙන් සුදුසුකම් ලබති.

 

2016 වාර්ෂික ලෝක තරගමාලාවේ ප්‍රතිඵල මෙසේය.

2016 (කාන්තා)

(1) රියානන් ඉෆ්ලන්ඩ්

(ඔස්ට්‍රේලියාව)

(2) ලයිසැන් රිචඩ් (කැනඩාව)

(3) සෙසිලි කාර්ල්ටන්

(අමෙරිකාව)

(පිරිමි)

(1) ගැරී හන්ට් (බ්‍රිතාන්‍යය)

(2) ජොනතන් පැරෙඩෙස්

(මෙක්සිකෝව)

(3) ඇන්ඩි ජෝන්ස් (අමෙරිකාව)

 

පැවැති රටවල්

මෙම වාර්ෂික තරගමාලාව ලොව විවිධ රටවලදී පවත්වා ඇත. ඔස්ට්‍රේලියාව, බොස්නියා සහ හර්සගොවිනා, බ්‍රසීලය, ක්‍රොයේෂියාව, චිලී, කොලොම්බියාව, කියුබාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, මෙක්සිකෝව, නෝර්වේ, ඕමානය, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකාව.

 

සුපිරි තරු

පිරිමි

ඔර්ලැන්ඩෝ ඩුක්

(කොලොම්බියාව)

1974 සැප්තැම්බර් 11 උපත ලැබීය. ප්‍රථම ලෝක ශූරයාය. ඒ 2013 වසරේදීය. 2013/14 වසරවල ලෝක පිහිනුම් සම්මේලනයේ (ෆීනා) වසරේ උස් දියපිමි ක්‍රීඩකයාය.

 

ගැරි හන්ට් (බ්‍රිතාන්‍යය)

1984 ජුනි 11 උපත ලැබුවේය. ලෝක ශූරතාවලියන්හිදී 2015 ලෝක ශූරයාය. 2013 අනුශූරයාය. 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී එංගලන්තය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනුවේය. ඒ සාමාන්‍ය දියපිමි ක්‍රීඩාවෙනි. 2015 ෆීනා උස් දියපිමි වසරේ ක්‍රීඩකයාය.

 

ජොනතන් පැරෙඩෙස් (මෙක්සිකෝව)

1989 අගෝස්තු 14 උපත ලැබීය. ලෝක ශූරතාවලියේ 2015 අනුශූරයාය. 2013 තෙවන තැනය.

 

මිකෙල් නව්රතිල් (චෙක් ජනරජය)

1985 ජුනි 05 උපත ලැබීය. 2017 ලෝක ශූරතාවලියේ අනුශූරයාය.

 

කාන්තා

ඇනා බාඩර් (ජර්මනිය)

1983 දෙසැම්බර් 12 උපත ලැබුවාය. 2013 ලෝක ශූරතාවලි ලෝකඩ පදක්කම්ලාභිණියයි.

 

සෙසිලි කාර්ල්ටන් (අමෙරිකාව)

1981 මාර්තු 27 උපත ලැබුවාය. ලෝක ශූරතාවලියන්හිදි 2013 ලෝක ශූරියයි. 2015 අනුශූරියයි. 2013 ෆීනා උස් දියපිමි වසරේ ක්‍රීඩිකාවයි.

 

ජින්ජර් හියුබර් (අමෙරිකාව)

2013 ලෝක ශුරතාවලියේ දෙවැනි තැන හිමිකර ගත්තාය.

 

රියානන් ඉෆ්ලන්ඩ් (ඔස්ට්‍රේලියාව)

1991 සැප්තැම්බර් 09 උපත ලැබුවාය. 2017 ලෝක ශූරියයි. ඇය වාර්ෂික ලෝක තරගමාලාවට ප්‍රථම වරට ඉදිරිපත් වු 2016 වසරේදීම ශූරිය වීම විශේෂත්වයකි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.