ඉදිකිරීම් කොන්ත්‍රාත්වලින් වංගු ගැහිලි බෑ! | සිළුමිණ

ඉදිකිරීම් කොන්ත්‍රාත්වලින් වංගු ගැහිලි බෑ!

නිවාස, මංමාවත්, මහා පරිමාණ ගොඩනැඟිලි ඇතුළු සියලු ඉදිකිරීම් නිම කළ පසු මුදල් නොගෙවා කට්ටි පනින වංචනික පුද්ගලයන්ගෙන් එම මුදල් කොන්ත්‍රාත්කරුවන්ට අය කරදීමට ශක්තිමත් පනතක් රටට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. කොන්ත්‍රාත්කරුවා ද මෙහිදී තම ආයෝජන හැකියාව පැහැදිලිව ඉදිරිපත් කර තිබීම අවශ්‍ය වේ.

ගෙවීම් සුරක්ෂණ ආරක්ෂණ පනත ලෙස කොන්ත්‍රාත්කරුවන්ගේ ආරක්ෂණය ‍උදෙසා නව පනත ගෙන ඒමට රජය කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වේගයෙන් දියුණුව කරා ගමන් කරන අංශයක් වන ඉදිකිරීම් අංශයේ පවතින ප්‍රධාන ම ගැටලුවක් නම්, වැඩ නිම කළ පසු කොන්ත්‍රාත්කරුවන්ට නියමිත මුදල් නොගෙවීමයි. මේ ප්‍රශ්නය නිසා කොන්ත්‍රාත්කරුවන් අමාරුවේ වැටී ඇතැයි හැඳින ගත් රජය, ඔවුන්ගේ පහසුව හා ආරක්ෂාව මුල් කොට නව පනත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා කීය. කොන්ත්‍රාත්කරුවන් සඳහා නියමිත කාලයට ගෙවීම් කරනු ලබන බවට සහතික කරනු පිණිසත්, ගෙවීම්වල ප්‍රමාදයක් තිබේ නම් ඇතිවන ආරවුල් විසඳීමට විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීමටත් නව පනත‍ ගෙන එනු ලැබේ. 

Comments