කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

සිහිය

මා නිදන ඇඳ ළඟ
කවු­ළුව ළඟම හිඳ
සුදු වලා­කුළු පිරුණු
මගෙ පුරුදු අහස දෙස
බලා ඉන්න­මයි හිත

ඒත් දැන් කලක සිට
සුදු පාට වලා­කුළු
පේන්න­ට­වත් නැතිය
කිහිප දින­කට පසුව

හුදෙ­කලා රාත්‍රි­යක
දෑස විද අහස දෙස
බලන විට ඇස ගැටිනි
පුංචි සුදු වලා­වක්
සඳ අව­ධි­යෙන් ඉඳී..


ජය­සේ­කර මල­වි­ආ­රච්චි


දින­පොත

තිසර තුඩු අග
පුංචි මල් පිපී තිබුණා
සුවඳ හමනා
වගත් දැන­ගෙන
බිඟුන් ඒ දෙස
නොබලා සිටියා

වස­න්තයේ දින පොත
පෙර­‍ෙළ­මින් තිබුණා
පුංචි මල් පෙති
බිම බලා උන්නා

ගිම්හා­නයේ දින
ළඟා වුවා
සුවඳ මල් මක­රන්ද
මිහි මත විසිරී තිබුණා

දින පොතේ පිටු
ඉරී තිබුණා
සුළඟ ඇවි­දින්
මතක බණ කිව්වා


මේදනී මැණි­ක්කු­ඹුර


පෙම්බ­ර­යා­ණෙනි

සිළු­මිණ, සර­ස­විය හා මව්බිම පුවත් තුළින්
ඔබ ජීවත් වුණේ පත්තර කලා­වෙන්..
පොදු ජන මෙහෙ­ව­රට කළ දෙස් පාල­න­යෙන්
ඔබ වැජ­ඹු‍ෙණ් නැහැ බොරු­වෙන් මුළා­වෙන්

නිවන් දකින තුරු සසරේ එකට යමු
රට දැය රැකී­මට මිතු­රන් සමඟ යමු..
එකම සිප් හලේ සිට පෙම් සුව ලබමු
නැණ ගුණ බලැති පුතු­නට මවු පියන් වෙමු

ඔබෙ පර­පු­රට ඉප­දුණ මිණි පහන ඔබයි
මහද අඹරෙ පෑවූ ඔබ මගේ සඳයි
අත­හැර ගියත් ඔබ නිව­හල් රන් විමන
අත් වේවා ඔබට අජ­රා­මර නිවන

කුසුම් ජය­සිරි ගුණ­සේ­කර


මවක් හැඬූ වග....

වාරු නැතිව පිය­වර මැන
රත් පෑ නෙත බමවා
උදේ රැයින් ගෙන් පිට­වුණු
හිරු දෙවි ගෙට එනවා
මිදුල දිගේ සුදු වතු­සුදු
සුවඳ ඉගිළ යනවා
ටිකිරි සිනා වියැකී නෙත
කඳු­ළින් බොඳ වෙනවා....

සඳ පැට­වුන් තුරු­ළට ගෙන
නැඟ එන තුරු අහසේ
මගෙ පැට­වුන් බලා සිටියෙ
සැන­සෙ­න්නට රිසිසේ
කුස­ගින්නේ දැවුණු තැවුණු
වත සඟවා රහසේ
ඉරු දෙවි ගෙට එනවා
දැක වැළ­පෙ­නවා දුකසේ...

මැදි­යම් රෑ පමා­වෙලා සඳ
පැට­වුන් ආවත්
කවු­ළුව ළඟ දොර අයිනේ
හිඳ ඉඟි බිඟි පෑවත්
ඉරු දෙවි­ඳුට බියෙන් සැඟව
නිදන පැටව් ආයෙත්
නැගි­ටු­වන්න හිත නෑ මට
යළි හෙට දින නාවත්...

ඉර දෙවියෝ හොඳට ම නිදි
සඳ පැට­වුන් මිදුලේ
වතු­සුදු මල් සුවඳ උලා
දඟ­ල­නවා වදුලේ
හෙට උදයේ ඉර ගියාම
සඳ අතු පැල ඇතුළේ
මගේ සුසුම් වල උණු­සුම
රස දැනේවි කඳුළේ...


ශාන්ති බණ්ඩාර


යුදට ගිය කල...


පෙර­මු­ණට යුද ගියේ සැම­ටම
සද­න්නට නිද­හස් රටක්
නොවි­ඳිිනා දුක් විදින අත­රෙත්
සිතින් ඔබ ළඟය වැඩි කලක්

සවන් වැටු­ණට නුඹෙ දොසක්,
නොසි­තු­වෙමි කිසි සැක­යක්
කියන් ප්‍රිය­බඳ වූයේද
මගෙන් යම් අඩු පාඩු­වක්

පරණ මතකය සිතට එන­විට
කොනිති ගැහු­වත් හද හපා
විසල් මන්දිර නැතත් මට ඔබ
රකිමි සිත­මින් පන එපා

පැටවු සම­ගින් එදා විල­සට
සෙනෙ­හ­සින් සනහා පපා
මේ කැදැ­ල්ලෙන් ඉගිළ යන්නට
සිත­න්න­ට­වත් නම් එපා


පද්මිණි බෙන­ර­ගම


ඔබ

මිහිරි තෙපුල් සිනා හඬින්
හද පින­වන යළි කල­ඹන
පෙණ බුබු­ළක සතුට රැගෙන
මවෙත පැමිණ යළි පිට­වන

විසි­තුරු දේදුන්න ලෙසින්
සිතට එඹෙන යළි වියැ­කෙන
සිහි­නෙන් ගෑ සුව­ඳක් සේ
අතී­ත­යෙන් යළි පැමි­ණෙන

මැණික් චන්ද්‍ර­මාලී වික්‍ර­ම­සේ­කර


දරු දැරි­යන් දැයේ මල් ලෙස සිතමු

දිවි හිමි යුතු­න­කම් නොම­කර සින්දා
මිනි­සත් ගුණ දම් හද­වත බන්දා
‘මව්පියො යුතු­කම් සෙනෙ­හස රන්දා
සොඳරු ලොවට දෙමු දරු­වන් කැන්දා’

දරු දැරි­යන් දැයෙ මල් ලෙස සිතමු
නැණ ගුණ දී ආද­ර­යෙන් රකිමු
මිනි­ස­ත්කම නිර­තු­රු­වම පුරමු
දැය සුර­ලොව කර­මින් බබ­ළ­වමු

අම­රස පර­දයි සෙනෙ­හස් අහර
මධු බිඳු ලෙස රස බිළි­ඳගෙ වහර
සිත් සෙනෙ­හස නොම කර­මින් බැහැර
දරු­වන් රකි­නෙමු යුතු­කම් නොහැර

හැඅ­දෙන වැඩෙන තැන මැදු­රද පැලද
මඟ­තොට විදිය අම්බ­ල­මක ද
කොතැන වුවත් නොසිතා ලෙස වරද
දරු­වන් රැක ගමු අද­රින් වැළඳ

මිනි­ස­ත්කම් අනු­ග­ම­නය කරමු
දරු­වන් හට ඒ ගුණ හුරු කරමු
ලද හැකි හොඳ දේ දරු­වට දෙවමු
මවු­පියො වැඩි­හිටි යුතු­කම් පුරමු


විමල් රූබ­සිංහ


මිනි­සුනේ

උණු බත් නැත හිඟ­න්නන්ට
තිර නිව­හන නැතිය ඉන්ට
දිව වෙණ හඬ දෙන කොවු­ලට
නැහැනෙ කූඩු­වක් ළඟින්ට

හඬ මිස උගෙ වැඩ­ නැත්තේ
හිඟන යාදි­නිය ඇත්තේ
කෙවි­ලිය බිජු­ලන තත්තේ
ගින්දර ඇවි­ළෙයි චිත්තේ

යමු යමු කෙවි­ලි­යට කියයි
අඬ­ග­හ­ගෙන කොවුලා යයි
අනුන්ගෙ කූඩු­වක් සොයයි
එවෙ­ලට හිස් නම් තුටු­වෙයි

කෙවි­ලිය හිස් ගෙයි තනි­කර
කොවුල ගියෙන් කෙවි­ලිය බර
හෙළුවත් හිත­කින් ගින්දර
ඇයට බැහැනෙ වෙන්න නතර

යදි­යන් කොවු­ලන් වගේම
ගෙය දොර නැති තමන්­ගේම
තැනින් තැනට යන නිත­රම
මිනි­සුනි , නැති අඹු­දරු කම


උඩු­ග­ම්පොළ සම­ර­තුංග


ජීවි­තය

සංසාර ගමනේ නවා­තැ­න්පළ
මේ ජීවි­තයේ ගඟක් සේ ගලා යන
වැදි ගල්පර හැපී බිඳෙ­මින
සිනාසී විටෙක මවා සොඳුරු දසු­නක්

මොහො­ත­කින් කිම කඳුළු වැස්සක්
ජීවි­තය නෙවෙද ඒ කියා දෙන්නේ
කව­දාද ජිවි­තය දකින්නේ අපි

හැම­දාම ගැලවී ඈත දිව­යන
ගං දියට පෙම් බැඳ ජීවි­තය අම­ත­කව
අපි හැම­දාම ගං ඉවුර මත රැඳි

පාව යන ලෙසින්
ගලා ආ ‘අපත වූ යමක්’
බින්දාය මැවු ගං දිය සුර­තල්
ගං දෑල නැව­තු­ණද මෝය කට අසල

චම්මින්ද වෙල­ගෙ­දර


සුන්ද­රයි ජීවිතේ

තුරුණු හස­රැලි සෙමෙන් අව­දිව
ගෙනෙයි මුව­ගට සිනා කැන්
වස­න්තය අද සොයා ඇවි­දින්
දිවි මඟට වාස­නා­වන්

අරුත් බර වූ නැවුම් හෙට­කට
තබමි අඩි­යක් සොම්න­සින්
ලොවේ ගැර­හුම් සිය­ල්ලම අද
සුන් වෙලා ඇත ඒ ජයෙන්..


චතුර අම­ර­තුංග


මට ආසයි

නීරෝ වගේ වෙන්න
රෝමේ ගිනි ගනිද්දි
වීණා වයන්න
.
දරුවෝ නෙවෙයි
උඹෙ තුරුලෙ ඉන්න
ඇයව ඇක­යෙන්
බිම වට්ටන්න

සිරි­යා­වන්ත ඉරි­මාව
සුන්න­ද්ධූලි කර­වන්න
වටේට ගිනි ගනිද්දි
වීනා වයන්න


සංජී­වනි අමුණු­ගම


නිමා­වක් නැති වැකි­යක්


ගඟ ගලයි ඉදි­රි­යට
මඟ බලයි සසි­රි­යට
හද විලේ පොකු­ණට
ගිනි නැගෙයි තර­ග­යට

අහස ගිනි­යම් වෙලා
කඳුළු වැසි එයි ගලා
සොඳුරු සිතු­වම් බලා
සිහින එයි ඇහැ­රිලා

අත වනයි නිවන දෙස
හිත දුවයි වෙනත ඇස
නැත නොමැත දිනුව ලෙස
තිති වැටෙයි නොනිමි කිස...


පර­ගො­ඩ ­සිරි


අන් සතු වූ රෝස මලේ


අන්සතු උය­නක හිනැ­හෙන රෝස මලකි සුවඳ
සුන්ද­ර­මුත් නෙළා­ගන්න අව­සර නැති වුවද
මින් දද දෙයි අනග රැගුම් ඉව­සනු බෑ තවද
මං සතු කර­ග­න්නට එය හිතන එකත් පවද

දුලා නෙතට අඳු­නක්වී මල සුපිපී ඇත්තේ
නෙළා ගන්න බැරි දුර­කය විස කටු ඇත ඉත්තේ
ගලා ගියත් හද සෙනෙ­හස් ගං දිය ඒ මත්තේ
හලා සුවඳ පතු­රන්නේ අන් කෙනෙ­කුගෙ වත්තේ

මගෙ සව­නට කවි කියන්නෙ ළා හිරු රැස් එද්දී
මගෙ හිත ළඟ දඟ කරන්නෙ එබි කම් කර ඇද්දී
මගෙ හද­වත කිති කවන්නෙ මඳ සුළ­ඟට පැද්දී
මගෙ දිවි­යම සර­ස­වන්නෙ සිත සෙනෙ­හස ලද්දී

ළඟ ඇති උය­නක පිබි­දුණ රෝස මලක් හින්දා
වග තුග නොසොයා නොබලා ආල හිතක් බැන්දා
මග තොට වැරදී දුර ගොස් සෝක තැවුල් වින්දා
විග­හට සිතු­විලි ඇලුණේ දුක දෙන්නද මන්දා

දල්ලන නෙත් වැසු­වද ඇත මනසේ රුව ඇඳලා
මල් ලඳ සිත සඟ­ව­න­වද බිඟු­නට පෙම පුදලා
සිල්පද හත­රක් නොකඩා දෙවෙනි පදය බිඳලා
අල්ලන එක වැර­දිද නුඹ රහසේ රැක ඉඳලා

රෝස මලේ නුඹ පිපුණේ නැතු­වට මගෙ යායේ
ආස කර­න්නට මට නැත තහ­න­ම­කුත් ආයේ
දෝස තබ­න්නට කෙනෙ­කුට නැත වර­දක් වූයේ
වාස කරනු මැන සතු­ටින් මගෙ හද­වත් පායේ


රත්නා ලංකා අබේ­වි­ක්‍රම


බත් ගස

ඉඹුල් බිජු ලෙසින් සර­නුව
පවන් මඟ සරණ නොලැ­බුව
විහඟ තුඩ තබා අම­රස
සොබා දහම් නියර වැඩුව

ඉරිදා පොළට මවු සිර­සක
කරඬුව සේ වඩ­ම්ම­වන
බතට තරම් නැති ගෙපැ­ලක
බත සරි ඵල උප­ද්දන

චේන් කියත් මාර සෙනඟ
නොතකා ලෝ වැඩ සැල­සුව
බෝධි මූල­යක් වන්නට
පම­ණට පාරමී පිරුව

කොඳු නාරටි විරල රටක
අර­ටුව සූනි­ය­මක් වුණ
උප­දින ඵල දරන ලතා
සමව තුටින බර උසු­ලන

බලනු වටී කොස් ගස බල
දෙදුමා තුන්දුමා දරන
කොස් අංකල් නොවී තවම
කොස් මාමා දිව­මන් වන


රංජිත් මල්ලි­යා­වඩු


නොපෙ­ළන්න මා

තැන නොතැන නොබ­ල­මින්
තවත් මා නොපෙළන්න

බස්රියේ දුම්රියේ
මඟ­තොටේ වැඩ­පොළේ
මහ රැයේ දහ­වලේ
කොතැන වුව ඔබට නම්
වෙලා­වක් තැනක් නැහැ

තැන නොතැන නොබ­ල­මින්
තවත් මා නොපෙ­ළන්න

ඔබ මවෙත පැමිණි කළ
සියලු වැඩ හැර දමා
යහන මත වැතිර ගෙන
මම ඔබට තුරුලු වෙමි

එහෙත් ඔබ රුදු වතින්
මා පෙළ­න්නෙහි ඉතින්
නහර වැල් දඟ කවා
හිස් කැබලි පුපු­රුවා
තවත් මා නොපෙ­ළන්න
විදි­න්නට නොහැක දුක
නොඑනු මැන මා වෙතට
කිය­න්නෙමි හිස­ර­දය..


චිත්‍රා. අයි. පෙරේරා


අලුත් කුරුටු ගීයක්

සීගිරි ළඳුන්
අලුත් ලෝකය නොදැන
සිය­වස් ගණ­නා­වක්
ගල් ගුහා­වක සිරව
නෙතගින් හෙළනා අහං­කාර බැලුම්
තවත් නම් ඉව­සන්න බෑ මට

අපේ තරුණ කාලෙත්
රැවැති ළඳු­න්ගෙන්
අඩු­වක් වූයේ නම් නැත
අලුත් පර­ම්ප­රා­වෙන්
රූම­ති­ය­න්ගෙන්
අඩු­වක් නම් නැත
අල්ලපු රටෙත්
සුරං­ග­නා­වන් වැනි
රූම­ති­යන් පිරී ඇත

දුරු­ක­තර ගෙවා ගෙන
මහ­න්සි­යෙන් අවුත්
සීගිරි ළඳුනි
නුඹ­ලාගේ අ‍ෙග් බැලුවා
දැන් හොඳ­ටෝම ඇති

ටිකක් වෙරි වූ
මැදි­වියේ රස­ව­තෙක්
මදක් තර­හින්
ලියයි කුරුටු ගීයක්
වෙනත් පවු­රක් මත

ගංගා වරු­ෂ­වි­තාන


මතක සැම­රුම්

ඩී. ටී. මල්ලව කවියා කොළඹ යුගයේ දෙවැනි පර­පු­රට අයත් කෘත­හස්ත කිවි­ව­ර­යෙක් වෙයි. ඔහු කවි­යෙකු පම­ණක් නොව අති දක්ෂ චිත්‍ර ශිල්පි­යෙක් ය. පන්හි­ඳ­ටත් තෙළිි­තු­ඩ­ටත් එකසේ දස්කම් පෑවෙකි මල්ලව කවියා. මගේ පියා (එච්. ඇම්. කුඩ­ලි­ගම) හා අති­ශය සමීප ඇසු­රක් පැවැත්වූ හෙතෙම පසු කලෙක මා සමඟ ද ඒ ඇසුර එලෙ­සින්ම පවත්වා ගැනී­මට තරම් මුදු මොළොක් ගුණ­ය­කින් යුතු පුද්ග­ල­යෙක් විය. 1995 සැප්තැ­ම්බ­රයේ මා විසින් කවි­යෙන් ඔහුට යැවූ ලිය­ම­න­කට ඔහු විසින් කවි­යෙන්ම එවූ පිළි­තුරු ලිපි­යක් අද­ටත් මා ළඟ සුරැ­කිව ඇත. මේ ඒ කවි පෙළ ය. වරක් මා ඔහු දැකී­මට යද්දී ඔහු නිව­සින් බැහැ­රව ඔහුගේ දිය­ණි­ය­කගේ නිව­හ­න­කට ගොස් සිටියේ ය. ඔහු නොදැ­කීම නිසා මට ඇති වූ සන්තා­ප­යත් මගේ දරු­වන් ආපසු එද්දී දැක්වූ කන­ගාටු ස්වභා­ව­යත් දන්වා ලියා යැවූ කවි පෙළට ඔහු එවූ පිළි­තුරු ලිපි­යයි මේ. සැප්තැ­ම්බර් 22 දාට යෙදෙන ඔහුගේ අනු­ස්ම­රණ දිනය නිමි­ත්තෙනි.
සටහන - ගීත­නාත් කුඩ­ලි­ගම

මට නොති­බු­ණත් ඔබ මෙහි සිටි ගතිය දැනී
ගෙට­වන් විටම දැනුණා ඒ සුවඳ පිනි
කවි­යෙන් එවුණු ලිය­මන රස මිහිර ගැනී
සඳුදා උදේ එකො­ළො­ස්වැනි අතට පනී

ලොකු පුතු වෙමින් හිත බැඳ­ගත් කවි­යකු ගේ
ඔබ ආ ගමන මත­කයි නිව­හ­නට මගේ
කළ කී හරිය එක­තුව ඒ ඇඳිරි යුගේ
සිහි­යට නැ‍ඟෙයි අද සේයා පටෙක වගේ

නිල­රිය හඬක් හෝ දසු­නක් එවැනි දුටු
සැණෙ­කින් මුවා­කොට මිස හළ නමුදු පිටු
වැලි­ම­න්නා­තො­ටදී ඔබ නොකෙ­රු­වෙමි කොටු
සෑහේ එප­ම­ණක් හද නොඇ­මු­ණට කටු

මදු පැන් තොල ගගා පෙරදා පිපුණු හ‍ඳේ
රෑ තිස් පැයේ වැතිරී හිඳ ඔහුගෙ ඇ‍ඳේ
කුඩ­ලිත් සමඟ ගොස් නෑ හැටි දෙණියෙ ළි‍ඳේ
ගොත­ටුවෙ රසය මැද තව හද සුවඳ වැදේ

තිස් හත­ළිස් වියේ ‘හෝපලු’ සෙවණ කොට
මා එන අතර පෑ වුන් පොඩි සිනහ කට
අද මහ එවුන් දළ රැවු­ලැති නිකට වට
මා විනි කෙනකු සත් සැත්තෑ වියට බට

තාරා කාංචන ඇසුරේ හවස උදේ
‘මල්’ නැන්දා ද කළ හැකි වැඩ­ප­‍ෙළහි යෙදේ
දරු­වන් නුදු­ටු­වත් උන් රූ සිතෙහි ඇ‍ඳේ
‘දෝණී’ දෝණි­යක් වනු ඇත මට ද හො‍ඳේ

තාල­යට කියූ පෙර මා ලියන ලද කවක්
‘මාය’ දූ දැන් පිපුණු රෝස කුසු­මක මවක්
පුපු­රුවා නෑර කස කියා ඇති නැති බවක්
පාඩුවේ ඉන්න ‘යමුණා’ තැනී කූඩු­වක්

සින්නෙ­ටම ලියා දුන් තිබුණු සේසත මගේ
‘පාලි­තත්’ පියා­ඹයි නුඹ කුරු­ල්ලකු වගේ
ඒ වුණත් සේස­තින් බිංදු­වක් සතු උගේ
පුංචි නංගිට ලියා පෙන්නුවා උගේ අගේ

ජයක් හෝ පරා­ජය කුමක් ඇත මී විතේ
උස­ස්තම රසක් ලැබ ගතිමි කවි ගී පොතේ
අඩක් වැඩි දුරක් ගොස් ඇතත් යන මාවතේ
වැඩක් නෑ කිය­න්නෙම් නොවෙමි මම ජීවිතේ


ඩී. ටී. මල්ලව (මාමා)


දයා­බර කවි කිවි­ඳි­යනි, අපේ පැරණි කවි­යන් පිළි­බඳ මෙවැනි සොඳුරු මත­ක­යන් ඔබ සතුව ඇත්නම් ඒවා අපට එවන්න.
ඉසවි
කවි කල්පනා, සත්ම­ඬල,
සිළු­මිණ කර්තෘ මණ්ඩ­ලය,
ලේක්හ­වුස්, ‍කොළඹ 10. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.