සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓති­හා­සික වටි­නා­කම | සිළුමිණ

සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓති­හා­සික වටි­නා­කම

සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද බදුල්ලේ සාහිත්‍ය සම්මේලනයේ දේශන අංක - 6

උඩරට සමාජ විත්ති ඉතිහාස ලියන්නන් විසින් තවම හටන්කවි ආදියෙන් ලැබෙන මෙබඳු තැන් තමන්ගේ විමර්ශනයන්ට උපයෝගී කරගෙන නැත.

යුද්ධයට නික්මුණේ අරාවේ මැතිඳු සෙනෙවිරත් හැටියට හා පුස්සැල්ලේ මැතිඳු බාරේ කම්කරුවන් හා සෙබළුනුත් තබාය.

එසේම මෙම හටන්කවිවල ඉංග්‍රීසි යුද්ධයේ එක එක සටන් කෙරුණ තැන් හා ඒ ඒ ස්ථාන බාරව උන් ප්‍රධානීන්ගේ නම්ද සඳහන් වේ. මුල්ලේගම උඩවත්ත කැලේ, ඇහැළේපොළ කුමාරුප්පේ, දෙහිගම දුවන්නන් ලුහුබැඳීම, වෑත්තෑවේ නුවර පවුර අසල, මිල්ලව මල්වතු වෙහෙර ළඟ, ගලගොඩ වෙලෙටිගෝලේ, මඩුගල්ලේ වෑවලපිටියේ, පලීපානේ කටුගොඩැල්ලේ, මොළදණ්ඩේ වඩුගොඩපිටියේ, මත්තම ගොඩ බෝගම්බර, දොරණෑගම මහයියාවේ.

මෙම විස්තරය එවක මහනුවර බිම් බෙදීම් ග්‍රාම නාම ආදිය දැනගන්ටත් ඉවහල් වන්නේය. සමහර නම් දැන් අභාවයට ගොස් ඇත.

වාගොල්ලේපිටියේදී රුපුන් සංහාරය කළ හැටි චිත්‍රයක් සේ විස්තර කරයි.

 

යන එන එන මහ මාවත මැද ගෙන

වාගොල්ලේ පිටිය ට

බැ ණ බැණ මිග හොඳද මෙරට

ආවග කියමින් වට කො ට (162)

නු ව ර සමඟ වාගොල්ලද

සොහොනක් සේ කර අ සා ර (168)

කො න් ද බිඳුම් කා රිංගා

ඉස ගන්නා බඩ වැ ටි යේ

නි න් ද ලැබූ දැන් ඉංග්‍රීසි

මේ වාගොල්ලේ පි ටි යේ (170)

 

මුත්තුසාමි සහ තව කෙනෙක් රජුගේ අතේ අසිපතින්ම මැරුම් කෑ හැටි කියයි. ඉන්පසු දඹදෙණියේ හා ගොංගාවල බලකොටු හරවා යුද්ධයෙන් සිංහළ රජ ජය ගත්තේය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මෙම ඉංග්‍රීසි යුද්ධය මෙහෙයවූ අන්දම පිළිබඳව හටන් පොතේ කියන විස්තරයෙන් රජුගේ ශූරතාවත් හොඳහැටි පෙනී යයි.

මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මුල් කාලය තුළ රාජධානියේ තත්ත්වය දැනගැනීමට ඉංග්‍රීසි හටන යම් සේ ඉවහල් වේ ද එසේම එම රජුගේ අවසන් කාලය පිළිබඳ වගතුග දැනගැනීමට ඉංග්‍රීසි සටහන කළ වැලිගල කිවිඳුන්ම විසින් කළ වඩිග හටන නොහොත් ඇහැළේපොළ වර්ණනාව ඉතාම ප්‍රයෝජනවත් වෙයි. සිංහළ කවියා විශේෂයෙන් අතිශයෝක්තියට ප්‍රිය කළත් සමකාලීන මහනුවර තත්ත්වය තරමක් දුරටවත් මෙම සිවුපදවලින් වැටහෙයි.

වඩිග හටනේ මුලදීම රජු විසින් මරන ලද සිංහළ ප්‍රධානීන්ගේ නම් කියා ඇත. ඔවුන් අතුරේ මෙම නම් සඳහන් වෙයි. අරව්වාවෙල දෙනගමුවේය. උසස් පවුල්වලින් ගෑනු පිරිමි දරුවන් අනූවක් කැඳලවත්ත නම් තැනකට අරගෙන ගොස් මරා දැම්මේය. එකල සිරිත් නොබලා රදළ පවුල් මිශ්‍ර කෙරෙව්වේය. බෝදි කොටවා ඉවත් කරවා බණ මඩු කඩා බුද්ධ ප්‍රතිමා බිඳ දැම්මේය.

රජුගේ නෑදෑ වූ දෙමළ හැත්ත උදෙසා රට නැසූ හැටි සවිස්තරව කියයි. ගඟ දෙපැත්තේ හාරගම හා පල්ලේකැලේ දක්වා තල්වතු කපා වඩිගහැත්තට කන්ට වම්බටු කෙසෙල් පොල් හැදුවාලු. මෙය ද කෙතක් කිරීමට තලවතු ඔයේ හම්බා අමුණ බැඳීමේදී ගම් යට කිරීම ද කිවියාට පෙනුණේ වැරැදි ක්‍රියා හැටියටයි. මක්නිසාද යත් මේ රජුගේ නෑදෑයින් උදෙසා කළ වැඩවලින් සිංහළ ජනයාට පීඩා සිදුවූ බැවිනි. තවද ඉහළින් අමුණ බැන්දේ පහළට දිය හිඟවන බව නොතකාය. දුම්බරට වෙනත් රටවලින් ගෙනැවිත් උන් ස්ත්‍රීන් දරුවනුත් නොබලා ඇරීම ආදි දරුණු දුක් වැසියාට දී පෝය මළුවේ වෙහෙරත් බිඳින්නට පටන්ගත්තේය.

මෙසේ වෙහෙරවල් බිඳීමට විරුද්ධ වූ දෙනුවර වැසියන් උල හිඳුවා මරවා ඔවුන්ගේ අඹු දරුවන් හිරබාරයට ගන්නා ලදී. ඒ අතර මරන ලද ප්‍රධානීන් අතර අරාවේ අදිකාරණමැති, ලෙවුකේ දිසාපති, පලිහපාන දිසාපති, රත්වත්තේ මහදිසාපති, දවුලගල රටේ නිලමේ බලවත් කළ මැති ගලගොඩ අදිකරණ මැතිඳුගේ පුතෙක් හැටියට උන් අප්පුහාමි යන උතුමෝ වූහ. තවද සත්කෝරළේ දෙටුවන් හැට දෙනෙක් උල හිඳුවිය. ඒ අතර සියනෑ කෝරළෙත් හත්කෝරළයට වෙළඳාමට ආ දස දෙනෙකුට වද දුන් හැටි මෙසේ කියයි:

 

බ ඩු හු ඟ ක් ගෙන විකුණ කන්ට

එසියනෑ කෝරළයෙ නේ

ද ස දෙ නෙක් සත්කෝරළෙට

වන් සඳෙහි බැඳ ගෙන්වාගෙ නේ

එ ක අ ත ක් සහ නාස කන් කපවමින්

නෙරපිය මෙරටි නේ

ප හ ළො හ ක් වස් නිබඳ කළ දේ

කෙලෙස වනමිද වෙනමෙ නේ (50)

මෙම කථා වෙන තැනද කියා තියෙන හෙයින් ඒ තැන් හා සමාන කර බැලීමට මෙම පොතේ කී දේ වැදගත් වේ. එසේම රජුට බියෙන් තමන්කඩුව නුවර කලාවිය, සත්කෝරළේ තුන්කෝරළේ සපරගමුව යන දිසාවලින් සිංහළ වැසියා බියවී ඉංග්‍රීසින්ගේ වෙත ගිය හැටිත් ඔවුන් එංගලන්තයෙන් අවසර ගෙන උඩරටට විරුද්ධව යුද්ධයට නික්මුණු හැටිත් කියත්. යුද්ධය පිණිස උඩරට බලා පිටත්වුණු ඉංග්‍රීසි ප්‍රධානීන්ගේ නම් මෙසේ කියත්:

 

රොබත් බ්‍රෞන්රිග් ලොතනන් ජනරල්

ගරුතර න ම යු ත්

ගෝරෙන්දරු තනතුරු ලත්

කොළඹට අගපත් නි රි ඳු ත්

ජෝන් ඩොයිල් මවිඩොර් නම්

පරසිඳු ජනරල් උ තු ම ත්

මයියොරු හුක් පර්කර් යන

මුලාදෑනිවරු දෙදෙනත් (60)

 

කපිතන් හැන්විල් කපිතන් බ්ලැන්කෙන්බොර්

යන දෙදෙනත්

කපිතන් සිකිලින් මයියොරු විල්ලරමා

යන දෙදෙනත්

කොරනෙල් ඔකනෙල් මයියොරු මෝපති

නම් යුත් දෙදෙනත්

මයියොරු හාඩී යන මොහු

දොළොස් දෙනෙක් වී එ ක තු ත් (61)

 

මෙම නාම ලේඛනය ඉංග්‍රීසියෙන් එන ලැයිස්තු හා සම කිරීමට ප්‍රයෝජනයි. තවද, යුද්ධය පිණිස පිටත්වුණු තැන් ද සෙනඟගේ විස්තර ද ආයුධ වර්ග ද යන සියල්ල කියත්.

මහ සෙනඟ පිරිවරා මහනුවරට ළඟාවීම ඇහැළේපොළගේ ප්‍රධානත්වයෙන් කරන ලද්දක් හැටියට කියවෙයි. ද්‍රවිඩ රජ දුම්බරට පලා ගිය විට ඇල්ලූ පරිදිත් තවත් අල්ලන ලද රජුගේ නෑදෑයින්ගේ නම්ගමුත් මෙහි විස්තර වෙයි. වෙන තැනක ඒ කරුණු එසේම ඇද්දැයි කීම අමාරුය. රජු අල්වා කොළඹ හැරි රාශිය හා භාගය හා දින වර්ෂය හා පැය වශයෙන් කියා ඇත. එනම් ශක වර්ෂ 1737 ක්වූ කුම්බ රාසි නව භාගය ලත් සැනි දින තෙපැයටයි. මෙම හටන් පොතේ ඇහැළපොළ හඳුන්වන්නේ යුව රජ හැටියටයි. ප්‍රශස්ති කොටසින් ඇහැළේපොළ මහ නිලමේ සිංහළේ රජු පිටකළ වහාම යුවරජ සිරි විඳි හැටි හොඳින් වටහාගත හැකිය.

දැනට ප්‍රශස්ති නමින් හඳුන්වන කවි සින්දු කොටසින් ඉතිහාසයක් වශයෙන් ලබාගත හැකි ප්‍රයෝජන ස්වල්ප වශයෙන් මෙහි කීවෙමු. මෙම කොට්ඨාසයට අයත් පොතපත තව හොඳට සොයා බලා නිසි සේ සකස් කළ විට මීට වඩා වැදගත් ඵල ලබාගත හැකි ය යනු අපගේ අදහසයි.

සමාප්තයි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.