ඉදිකිරීම් ක්ෂේත්‍රයට REDCUBE සේවාව | සිළුමිණ

ඉදිකිරීම් ක්ෂේත්‍රයට REDCUBE සේවාව

ලෝකය දිනෙන් දින නව්‍යතාවයෙන් හැඩවේ. නවීන ලෝකය තුළ මිනිසුන්ගේ කාලය ඉතිරිකරන ප්‍රධානතම අවකාශය බවට මේ මොහොත වන විට පත්ව තිබෙන්නේ වෙබ් අවකාශයයි.

කාර්ය බහුල සමාජය තුළ ජීවත්වන බොහෝ පිරිස් තම කාලය මුදල් හා ශ්‍රමය ඉතිරිකර ගැනීම සඳහා දැන් බොහෝ විට පිහිට පතන්නේ වෙබ් අඩවි වලිනි.

ලොව දුරු රටක ඇති දෙයක් පවා online payments කර වෙබ් අඩවි ඔස්සේ ඇනවුම් කිරීම දැන් සාමාන්‍ය දෙයක් බවටද පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේද දැන් වෙබ් අඩවි ඔස්සේ වෙළෙඳ කටයුතු සිදු කිරීම ඉතා සාර්ථික ලෙස සිදු කෙරේ.

විවිධ ක්ෂේත්‍රවලට අදාළව දිනෙන් දින නව වෙබ් අඩවි සයිබර් අවකාශයට මුදා හැරෙන අතර ඒ අතරට එක්වූ නවතම වෙබ් අඩවිය වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙළෙඳ කටයුතු සඳහා වෙන් වූ REDCUBE.lk වෙබ් අඩවියයි. මීට වසරකට පමණ පෙර ආරම්භ වුණු මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ ඉදිකිරීම් කරුවන්ගේ වෙළෙඳපොළ යන තේමාවෙනි.

ඉදිකිරීම් කටයුතු සිදු කරන විවිධ ආයතන, පුද්ගලයින්, ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ,වෙළෙඳනාම,තීන්ත හා යන්ත්‍රෝපකරණ, ආදී විවිධ දෑ පිළිබඳව තොරතුරු හා සේවාවන් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා පහසුවෙන් දැන ගැනීමට හැකි අතර අවශ්‍ය සේවාවන්ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබීම විශේෂත්වයකි.

මෙරට පමණක් නොව ලොව ප්‍රධානම ඉදිකිරීම් ලෙස සැළකෙන ව්‍යාපාරික ගොඩනැගිලි,තොග ගබඩා, වෙළෙද ගොඩනැගිලි, නිවාස,ආදී ඉදිකිරීම් පිළිබදව තොරතුරු හා සේවාවන් රැසක්ම මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අධ්‍යාපනය ව්‍යාපෘති කළමනාකරණය ,ඉදිකිරීම් නඩත්තු, උපදේශන සේවා, ඉදිකිරීම් සැළසුම්,එකී සැළසුම් සදහා අනුමැතිය ලබා ගන්නා ආකාර , රක්ෂණ සේවා, මෙන්ම උද්‍යාන අලංකරණය,වාස්තු විද්‍යා, නිවාස ණය, ආදී තොරතුරු හා සේවාවන්ද මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා කඩිනමින් ලබා ගැනීමේ පහසුව සළසා තිබේ.එපමණක් නොව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ටෙන්ඩර්ස්,රැකියා ඇබෑර්තු හා ඉදිකිරීම් පිළිබඳ නව්‍ය තොරතුරුද මෙම REDCUBE.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර ඉදිකිරීම්කරුවන්ට තම නවතම වෙළෙඳ ගනු දෙනු ආකර්ශනීය වට්ටම් සහිතව තම සේවාසායකයන් වෙත ලබා දීම සඳහාද මෙම වෙබ් අඩවිය කදිම මෙහෙයක් ඉටු කරයි.

REDCUBE.lk වෙබ් අඩවිය Techcube Globle(pvt)Ltd මගින් පවත්වාගෙන යනු ලබන අතර ටිරාන් අමරසූරිය,විරාජ් චානක බටුවන්තුඩාව,ඩී මුණසිංහ,එස් අබේකෝන්,එම්. කේ.වී සම්පත්,එහි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති. අලෙවි හා විකුණුම් ප්‍රධානී ලෙස ප්‍රසාද් රාජපක්ෂ මහතා REDCUBE.lk වෙබ් අඩවිය ඉතා සාර්ථික ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය හා පන්නරය, ලබා දෙන අතර වෙබ් අඩවි ක්ෂේත්‍ර යේ විශේෂ දැනුමක් ඇති කාර්ය මණ්ඩලයක් එහි කටයුතු ඉතා සුවිශේෂී අයුරින් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය නොමඳව ලබා දෙයි. REDCUBE.lk වෙබ් අඩවිය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් ප්‍රදර්ශනය සේ සැළකෙන කන්ස්ට්‍රක්ෂන් එක්ස් ප්‍රෝ හි නිළ අන්තර්ජාල සහකරු ලෙස කරමින් දෙස් විදෙස් හි සිටින අන්තර්ජාල පරිශීලකයින් රැසකගේ නොමඳ ආදරය දිනා ගැනීමටද සමත්විය. ඉදිකිරීම් හා සම්බන්ධ අන්තර්ජාල පරිශීලනය කරන සියයට 68 පමණ පිරිසක් නවතම සේවාවන් හා තොරතුරු ලබා ගැනීමට නිබඳ මෙම වෙබ් අඩවියට පිවිසෙන බවද දැන ගත හැකි විය.


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ෆ්ලෙමින්ගෝ සාප්පුවක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ‘Core ‘ වර්ගීකරණය යටතේ වසර 5ක කාලයකට තීරුබදු රහිත සාප්පුවක් පවත්වාගෙන යාමේ ගිවිසුමක් පසුගියදා ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සඳහා පිරිනමනු ලැබීය.

ඒ අනුව ‘ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සිය නවතම තීරුබදු රහිත සාප්පුව විවෘත කර තිබේ. නව ගිවිසුමට එළැඹීමත් සමග ෆ්ලෙමින්ගෝ දැන් ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ මෙන්ම පිටත්වීමේ පර්යන්තයේ ද සිය සේවාව පුළුල් කර තිබේ.

මෙම සාප්පුවේ විශේෂත්වය වන්නේ එහි ඇති නිදහසේ ගමන් කිරිමට ඇති පහසුව සහ සුවිශේෂී වර්ගීකරණ කලාපයයි. සම්පූර්ණ සාප්පුව පුරා ගමන් කරමින් එක් එක් භාණ්ඩ වර්ගීකරණය කර ඇති කලාප තුළ සැරිසරමින් තම අවශ්‍යතාව සපුරාගැනීමේ පහසුව සපයා තිබේ.

විශේෂයෙන් සුවඳ විලවුන්, ආලේපන වර්ග සහ චොකලට් වර්ග වැනි භාණ්ඩ සඳහා ඇති ඉඩකඩ පුළුල් කර තිබේ. එමෙන්ම තව තවත් සුවඳ විලවුන් සහ ආලේපන වැනි ජාත්‍යන්තර වෙළෙඳනාමවලින් යුතු තවත් භාණ්ඩ රැසක් ගෙන්වීමටත් සාකච්ඡා පවත්වමින් සිටින අතර මින් ඇතැම් වෙළෙඳනාම මෙරට තුළ අලෙවි නොකෙරෙන අතර වසර අවසානයේ එම වෙළෙඳනාමයෙන් යුතු භාණ්ඩ පළමුවරට ශ්‍රී ලංකාවට ගෙන්වීමටත් ෆ්ලෙමින්ගෝ සැලසුම් කර තිබේ.

පාරිභෝගිකයන්ට සිය සාප්පු සවාරිය වඩාත් උද්දීපනය කර ගැනීමට ෆ්ලෙමින්ගෝ සිය වෙළෙඳනාම සහකරුවන් හා එක්ව ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. ඒ අනුව ඇපල් වෙළෙඳනාම යටතේ ඇති නිෂ්පාදන වර්ග රත්රන් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.


Vitawell නවතම ශාඛාව ජා ඇල චන්දිමා එදිරිමාන්න

මෙරට පෝෂණ හා සුවතා නිෂ්පාදන අලෙවියේ ප්‍රමුඛයා ලෙස Vitawellහදුන්වාදිය හැකිය. Vitawell සිය තුන්වැනි ශාඛාව ජාඇල K-Zone හිදී පසුගියදා විවෘත කෙරිණි.

පෝෂණය හා ශරීර සුවතාව සම්බන්ධ ජාත්‍යන්තර සන්නාම වලට අයත් නිෂ්පාදන එකම වහලක් යටදී මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා 2015 වසරේදී මුලින්ම Vitawell දියත් කරන ලදි. එබඳු නිෂ්පාදන නිපදවන ජාත්‍යන්තර සන්නාම රැසක නිල ඛෙදාහැරීම් සමාගම ලෙස Vitawell කටයුතු කරන අතර එම නිෂ්පාදන Vitawell අලෙවිසල් වෙතින් ලබාගත හැකි වේ. මේ ආකාරයට තෝරාගත්, විශිෂ්ටතම සන්නාම වලට අයත් නිෂ්පාදන පමණක් අලෙවි කිරීම මගින් උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වගකීම් සහගත ලෙස පාරිභෝගිකයන්ට ලබාදීමට තමන්ට හැකිවී ඇති බව Vitawell හි කළමනාකාර අධ්‍යක්ෂිකා රෝෂිනී ගලප්පත්ති මහත්මිය පැවසුවා ය.

ළදරු පෝෂණය, ක්‍රීඩා පෝෂණය, බර පාලනය, රූපාලංකරණය, දෛනික පෝෂණයට අවශ්‍ය විශේෂ සංයෝග, සෞඛ්‍ය වඩවන ආහාර ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් නිෂ්පාදන නිපදවන ජාත්‍යන්තර සන්නාම 9 කට අධික සංඛ්‍යාවක නිෂ්පාදන සඳහා නිල බෙදාහැරීම් සමාගම ලෙස Vitawell කටයුතු කරයි. “අප සෑම විටම විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීමටත් කටයුතු කරනවා. සුදුසුකම් සපිරූ පෝෂණවේදීන් හා ඖෂධවේදීන් අපගේ කණ්ඩායමේ සිටින නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදීමේ හැකියාව අප සතුයි” රෝෂිනී ගලප්පත්ති මහත්මිය පැවසුවා ය.

නව අලෙවිසැල තුළදී ඕස්ට්‍රේලියාවේ අංක එකේ සන්නාමය වන ‘Kids Smart Vita Gummies’ මගින් නිපදවන ගමී විටමින් වර්ග ඇතුළුව ඕනෑම වයස් කාණ්ඩයක පසුවන කෙනෙකුට ගැළපෙන විටමින් සහ පෝෂණ අතිරේකයන්, Triple strength fish oil, Krillසහ Calamari oil වර්ගවල සිට දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වඩවන විශේෂ සංයෝග දක්වා ඔමේගා ඔයිල් වර්ග වැනි නිෂ්පාදන රාශියක් මිලදීගත හැකි වේ. එමෙන්ම ආතතිය දුරලන බහු-විටමින් නිෂ්පාදන, විටමින් A සිට ණ දක්වා විටමින් වර්ග, රූපලාවණ්‍යය වඩවන විටමින් වර්ග, ප්‍රීබයෝටික්ස් සහ ප්‍රෝබයෝටික්ස්, සන්ධි වලට ගුණ දෙන විශේෂ සංයෝග, සුපර්ෆුඩ්ස් වර්ග, ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ, ‘SlimRight’ වැනි සන්නාම යටතේ එන, ඝන ආහාර වෙනුවට ලබාගත හැකි ආහාරමය නිෂ්පාදන (Meal replacements) සහ අනෙකුත් බර පාලනය කිරීමේ නිෂ්පාදන වැනි නිෂ්පාදන වර්ග රාශියක් Vitawell වෙතින් මිලදීගත හැක. එමෙන්ම අක්මාව සහ පුරස්ථී ග්‍රන්ථීය වැනි ඉන්ද්‍රියන්ගේ සෞඛ්‍යය වඩවන ස්වාභාවික ශාකමය සංයෝග, දියවැඩියා රෝගීන්ට හිතකර පෝෂණ සංයෝග, හිසකෙස්, සම සහ නියපොතු නිරෝගී කරන සංයෝග, බයෝටින් සහ ආර්තවහරණයේදී සුදුසු අතිරේකයන් වැනි නිෂ්පාදන රාශියක්ද මින් මිලදීගත හැකි වේ.


ෆැෂන් බග් RBN සහ Shakalaka වෙළෙඳ නාම හඳුන්වා දෙයි

ලාංකීය විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ෆැෂන් බග් විසින්, ආකර්ෂණීය විලාසිතා පෙළක් ඇතුළත් RBN හා Shakalaka වෙළෙඳ නාම වැල්ලවත්ත ෆැෂන්බග් නවතම ශාඛාවේදී පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙම වෙළෙඳ නාමයන්, නවීන විලාසිතා ප්‍රිය කරන ක්‍රීඩාශීලී තාරුණ්‍යයේ එකිනෙකට වෙනස් වූ සුවිශේෂී අවශ්‍යතාවන් මැනැවින් හඳුනාගනිමින් ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. ලංකාවේ සුපිරි රග්බි ක්‍රීඩා තරුවක් වන ෆාසිල් මරීජා සහ ජනප්‍රිය නිළි පූජා උමා ශංකර් දෙපළගේ සහභාගීත්වයෙන් පැවැති RBN හා RBN විලාසිතා එකතුව හඳුන්වාදීමේ අවස්ථාවට මෙරට කීර්තිමත් ක්‍රීඩා තරු රැසක් මෙන්ම ගනුදෙනුකාර භවතුන් රැසක්ද එක්වූහ.

ශාරීරික යෝග්‍යතා හා කායවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ වර්තමානයේ ඇති ලාංකික ජනතා පිබිදීම මැනැවින් හඳුනාගත් ෆැෂන් බග්, විලාසිතා ක්ෂේත්‍රයේ ඒ වෙනුවෙන් ඇතිව තිබෙන වෙළෙඳපොළ අවශ්‍යතාව සම්පූර්ණ කරමින් පළමු වරට හඳුන්වා දෙන RBN විලාසිතා පෙළ කාන්තා සහ පිරිමි දෙපාර්ශ­්වයේ වෙනස් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා මැනවින් සමත් වේ. ක්‍රීඩාශීලීත්වයට ගැළැපෙන ආකාරයෙන් උසස්ම තත්ත්වයෙන් නිර්මාණය කෙරෙන RBN විලාසිතා පෙළ, ඉතා ආකර්ෂණීය තරගකාරී මිල ගණන් යටතේ ඉදිරිපත්ව තිබේ. අප රටේ දේශගුණික තත්ත්වයන්ට අනුකූල හා ඉහළ කල්පැවැත්මකින් යුතු RBN විලාසිතා පෙළ, ක්‍රීඩකයාගේ සුව පහසුව සුරක්ෂිත වන ආකාරයෙන් නිර්මාණය කෙරෙන්නේ ක්‍රීඩකයාගේ උද්යෝගය මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නැංවීමෙහිලා සමත් ආකාරයෙනි. 

ඡායාරූප - සරත් පීරිස්, ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.