උල්කාශ්ම තවත් වැටෙන්න පුළුවන් | සිළුමිණ

උල්කාශ්ම තවත් වැටෙන්න පුළුවන්

පසුගියදා දකුණු පළාතට වැටුණු ආකාරයේ උල්කාශ්ම ඉදිරි දිනවලදීත් පෘථිවිය දෙසට පැමිණීමේ ඉඩකඩ ඇති බව කොළඹ සරසවියේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ හා එහි භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ දිනවල හැලිගේ වල්ගා තරුවේ වලිගය කොටස හරහා පෘථිවිය ගමන් කරන බවත් ඒ අනුව ඉදිරි දිනවලදී ද අපේ රටටත් උල්කාපාත උල්කාශ්ම වැටීමට ඉඩකඩ ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඉදිරි නොවැම්බර් මාසයේ අලුයම 3 - 4 ට පමණ නැ‍ඟෙනහිර අහසේ අංශක 20 - 25 උඩින් දඩයක්කාර තරු රාශිය අසලින් උල්කා වර්ෂාවක් ඇතිවෙන බවත් එය නොවැම්බර් 20, 21, 22 දිනවල උච්චතම අවස්ථාවට එළඹෙන බවත් ඒ මහතා පවසයි. 

Comments