ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ අභාවප්‍රාප්ත වෙයි

 බුදුසරණ පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ, බෞද්ධ පත්‍රකලාශූරී ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ (84) මහතා අභාවප්‍රාප්ත විය.

ඒ මහතා සල්පිටි කෝරලයේ හිටපු විවාහ රෙජිස්ට්‍රාර් ටී.ඒ.ඊ අබේසිංහ මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයාය. එසේම සිළුමිණ ජ්‍යෙෂඨ මාධ්‍යවේදී නිහාල් පී. අබේසිංහ මහතාගේ ආදරණීය පියා වෙයි. වසර 18 ක් බුදුසරණ පත්‍රයේ කර්තෘ ලෙසත්, වසර 5 ක් සිංහල බෞද්ධයා පත්‍රයේ කර්තෘ ලෙසත් සේවය කර ඇත. ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසත් ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් ලෙසත් මිහින්තලා ආලෝක පූජාවේ ප්‍රධාන සංවිධායක ලෙසත්, කටයුතු කර තිබේ.

කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරයේ සභාපති ලෙසත්, ජ්‍යෙෂඨ පුරවැසි සංගමයේ ආරම්භක සභාපති ලෙසත් බන්දුල ප්‍රජා මණ්ඩලයේ හා ග්‍රාම සංවර්ධන සංගමයේ අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක ලෙසත් කටයුතු කර ඇත. මල්වතු පාර්ශ්වයෙන් බෞද්ධ පත්‍රකලාශූරි සම්මානයත්, ශ්‍රීලංකා කර්තෘ සංසදයෙන් දීර්ඝසේවා සම්මානයත්, කලා භුෂණ කිවිපති සම්මානයත් ලබා ඇති අබේසිංහ මහතා සියරට පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙසත් දිනමිණ පුවත්පතේ උප කර්තෘ තනතුරත් හොබවා ඇත. අබේසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා සිංහ මැදුර කහතුඩුව පොල්ගස්ඕවිට ඒ මහතාගේ නිවසේ තැන්පත්කර ඇත. පොල්ගස්ඕවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 12 වැනිදා සවස 5ට වෑතර ආදාහනාගාරයේදී පැවැත්වේ. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.