වාහන බදු මඟහැරීම වළක්වයි | සිළුමිණ

වාහන බදු මඟහැරීම වළක්වයි

වසර 2040 වන විට මෙරට ඛනිජ තෙල් භාවිත වාහන ඉවත් කිරීම උදෙසා සහ වක්‍රාකාරයෙන් රේගු බදු සම්බන්ධයෙන් සිදු කරනු ලබන ක්‍රියාදාමයන් ඉවත් කිරීමේ මූලික අරමුණ කර ගනිමින් මෙවර අය වැයෙන් මෝටර් රථ වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් නිෂ්පාදන බදු අය කිරිමේ පිළිවෙතක් අනුගමනය කර ඇත. ඒ අනුව ඉන්ධන භාවිත මෝටර් වාහන සහ දෙහුමුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක්ම (ඝන සෙන්ටිමීටර්) අදාළ නිෂ්පාදන බදු අය කරනු ලබන අතර විදුලි වාහන සඳහා එංජිමේ යාන්ත්‍රික බලය (කිලෝ වොට්) මත බදු අය කරනු ඇත.

ඒ අනුව එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1000 හෝ ඊට වඩා අඩු මෝටර් වාහන සඳහා එක් ඝන සෙන්ටිමීටරයක් සඳහා රුපියල් 1750ක්ද ඝන සෙන්ටිමීටර් 1000ත් 1300ත් අතර වාහන සදහා එක් ඝන සෙන්ටිමීටරයකට රුපියල් 2750ක්ද 1300ත් 1500ත් අතර ඝන සෙන්ටිමීටරයක් සඳහා රුපියල් 3250ක්ද ආදී වශයෙන් බදු අය කරනු ලබන අතර දෙමුහුන් (හයිබ්‍රිඩ් - පැට්‍රල්)) රථ සඳහා 1000ක් දක්වා රුපියල් 1250ක් ද ඝන සෙන්ටිමීටර්1000ත් 1300ත් අතර නම් රුපියල් 2000ක් ද 1300ත් 1500ත් අතර නම් 2500ක් ආදී වශයෙන් බදු අය කිරීමට නියමිතය. එසේම ඩීසල් වාහන සඳහා ඝන සෙන්ටිමීටර් 1500 හෝ ඊට අඩු නම් රුපියල් 4000ක් ද දෙමුහුන් ඩීසල් නම් රුපියල් 3000ක් හා 1500ත් 1600ත් අතර නම් රුපියල් 5000ක් ද ඩීසල් දෙමුහුන් නම් රුපියල් 4000ක් ද වශයෙන් නිෂ්පාදන බදු අය කරනු ලැබේ. විද්‍යුත් මෝටර් රථ සඳහා අය කිරීමේදී අලුත්ම අලුත් කිලෝවොට් 50ට අඩු මෝටර් රථ සඳහා කිලෝවොට් එකක් සඳහා රුපියල් 7500ක් හා භාවිත කළ මෝටර් රථ සඳහා රුපියල් 15000ක් හා 50ත් 100ත් අතර නම් රුපියල් 12500ක් ද භාවිත කළ රථයක්නම් රුපියල් 25000ක් ලෙසින් නිෂ්පාදන බදු අය කෙරේ.

ත්‍රිරෝද රථ සඳහාද මේ අයුරින් බදු සංශෝධනය කර ඇති අතර විද්‍යුත් ත්‍රිරෝද රථ සඳහා විශාල බදු සහනයක් ලැබී ඇතත් ඩීසල් හා පෙට්‍රල් රථ සඳහා මිල සැලකිය යුතු ලෙසින් ඉහළ යන බවක් පෙන්නුම් කර ඇත.එසේම වාහන ආනයකරුවන්ගේ සංගමය පවසන්නේ මේ නිෂ්පාදන බදු සංශෝධනය නිසා නිසාන් ලීෆ් මොටර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් හා වැගන් ආර් විට්ස් රථවල මිල රුපියල් ලක්ෂ 4කින් පමණ පහළ යනු ඇති බවයි. එසේම ඇක්සියෝ, වෙසල්, ඇක්වා ග්‍රේස් වැනි රථවල මිල රුපියල් 750000කින් පමණ ඉහළ යනු ඇතැයිද ඔවුහු පවසති.එමෙන්ම නිසාන් එක්ස්ට්‍රෙල්, අවුට්ලෑන්ඩර්, ප්‍රියස් වැනි රථවල මිල රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යනු ඇතැයිද ඇලියන් ප්‍රිමියෝ රථවල මිල රුපියල් ලක්ෂ 2කින් පමණ ඉහළ යා හැකි යැයිද ප්‍රාඩෝ රථයක් රුපියල් ලක්ෂ 75කින් හා අවුට්ලෑන්ඩර් රථයක මිල රුපියල් ලක්ෂ 125 කින් පමණ මිල ඉහළ යා හැකි බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් ආරක්ෂිත වායු බැලූන නොමැති වාහනඅආනයනයටද සීමා පැනවෙන හෙයින් අශ්ව බල 1000ට අඩු ඉන්ධන වාහන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන්ද ගැටලු මතුවිය හැකි බවද මේ සංගම් පෙන්වා දෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.