සතොස අලෙවිය ඉහළට | සිළුමිණ

සතොස අලෙවිය ඉහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළ පසුද විකුණුම් පිරිවැටුම සීයයට තිහකින් වැඩි වී බව ඇති එහි සභාපති අචාර්ය ටී. එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි. පසු ගිය දින කීපය තුළ දී මේ ප්‍රගතිය ඇති වුයේ පාරිභෝගිකයන් විශාල පිරිසක් සතොස වෙළෙඳ සැල් කරා පැමිණි නිසා බව ද පවසන ඒ මහතා පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් භාණ්ඩ අඩු මිලට සැපයීම තම ආයතනයේ පරමාර්ථය බව ද පැවැසුවේය.

පාරිභෝගියන්ට සහනය සැලැසෙන අාකාරයට රජයේ ප්‍රතිපත්ති අනුව භාණ්ඩ අලෙවි කිරීම ලංකා සතොසේ පරමාර්ථය බව පැවැසූ සභාපතිවරයා අයවැයෙන් අඩු කළ භාණ්ඩ ඒ මිලටම ලබා දීමට ද සතොස කටයුතු යොදා ඇති බවද කීය.

මේ අනුව මෙතෙක් රුපියල් 148ක් වූ රතු පරිප්පු කිලෝවක් රුපියල් 136ක් දක්වා ද කිලෝ එක රුපියල් 525කට තිබූ වියළි හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 515කට ද අලෙවි කිරීමට සතොස කටයුතු යොදා ඇත. කළමනාකරුවන්ට නව මිල ගණන් දැන් දී ඇති අතර ඒ අනුව භාණ්ඩ පාරිභෝගිකයන්ට සැපයීමට කටයුතු යොදා ඇත. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.