සොඳුරු සැරිසර සක්වල පියස දිගේ යන සමන් නුඹ මලක් වුණේ ඇයිදැයි අසයි | සිළුමිණ

සොඳුරු සැරිසර සක්වල පියස දිගේ යන සමන් නුඹ මලක් වුණේ ඇයිදැයි අසයි

ඉන්ද්‍රචාපගේ සමීපරූපය වසා දේශාටකයකුගේ මුහුණක් ඇඳේ. තැනින් තැන සුදු කෙස් සහිත කොණ්ඩය බැඳගත් චීන ජාතිකයකුගේ රැවුලක් සිහිගන්වන සමීපරූපයෙහි සිටින්නේ දේශාටකයකු පමණක් නොවන බව ඉන්ද්‍රචාප දනී.ඔහු හියුං සෑං හෝ ලංකාවට පැමිණි පාහියන් වැනි දේශාටකයෙක් දැයි ඉන්ද්‍රචාප නොදනී. පසුගිය 31 වැනි හවස් යාමය BMICH ලෝටස්ට් කමිටු ශාලාවට එන්නැයි ඔහුගෙන් ඇරයුමකි. නිමිත්ත ලෙස සඳහන්ව තිබුණේ සක්වල පියස දිගේ මලක් වුණේ ඇයි නුඹ මට විඳින්න එන්න කියායි. දේශාටකයා හෙවත් භූමිකා රැසක හපන්කම් පාන්නා ඉන්ද්‍රචාපගේ සහෘද සම‍ාජයේ හිතමිතුරු සමන් ආතාවුදහෙට්ටි ය.

ඔහුගේ රුව වරෙක සමීපරූපයේ ඇඳෙන්නේ ගුවන්විදුලි නළුවෙක් ලෙසයි. තවත් වරෙක ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ පිටපත් රචකයකු ලෙස ය. ඔහුගේ හපන්කම් වේදීකාවක් මත දී නම් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසුවන්නේ පුරක ගේ චරිතයට රඟපාන කල්හි ය. තවත් වරෙක ඔහුගේ පෑන් තුඩින් ලිය­ැවුණු ගීයක් ඔස්සේගේය පද රචකයකුගේ මුහුණ සමීපරූපයට එක්වේ. ඒ සියල්ල සමඟ ඔහුගේ මුහුණ සමීපරූප අතරට එක්වන්නේ ජනමාධ්‍ය වේදියකු ලෙසයි.

විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය උස් අසුන් හොබවන ඔහු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයාය.රූපවාහිනියේ හිටපු සභාපතිවරයාය. දැන් ස්වාධීන රූපවාහිනීයේ (ITN) ලොක්කා ය. මේ සමීපරූප අතරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල සභාපති මුහුණ ද එක් වන්නේ මාධ්‍ය රැසක, කලාංශ රැසක නිපුණතා සතු නිර්මාණ ශීලි චරිතයක් බව ලොවට ප්‍රකට කරමිනි. සාහිත්‍ය ක්ෂේත්‍රයේ දී නවකතාව විෂය කර ගත්තද ඔහුගේ චරිකා සටහන් ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර වෙසෙස් නිර්මාණ සේ ඇ‍ඳේ. සොඳුරු සැරිසර 2011 දී ලියැවී තිබුණේ ජපානය පිළිබඳව ය. දෙවැන්න 2012 දී චීනය ගැනත් පසුව මැලේසියාව ගැනත් සමන්ගේ සැරිසර චාරිකා දේශාටක වර්තා සාහිත්‍ය කෘතීන්, චාරිකා සටහන් (Travelogne) ලෙස පළ වී තිබෙන සමීප රූපාවලියට එක් වී හමාර ය. සක්වල පියස දිගේ ඔහු අප තිබ්බතයට, ටිබෙට් රටට කැඳවාගෙන යයි.

සමන් ආතාවුදහෙට්ටි ලේඛකයා පූරක චරිතය රඟපාද්දී මතු නොව, සාහිත්‍යකරුවා හෝ ලේඛකයාගේ භුමික‍ාවට පිවිසුණු කල්හිද අපුරුවට බස හැසිරවීමට සමත්කම් පාන්නෙකි. ඔහුගේ ලේඛනයෙහි මෙන් ම භ‍ාෂාවෙහි ද ඇත්තේ හුරුබුහුටි ඇමතුම් විලාසයයි. සරල එහෙත් උචිත, අර්ථවත් බස් වහරයි. අනවශ්‍ය විච්චුරණ, අපබ්‍රංශ යෙදුම් ඔහුගේ ලියැවිලි තුළ හෝ කතාබහ තුළ නොවේ. ඔහුගේ භාෂා ශෛලියට ,පාඨක ශ්‍රාවක, ප්‍රේක්ෂක සිත්, ආකර්ෂණය වන්නේ එබැවිනි.

සමන්ගේ චරිකා සටහන් පාඨකයනට වැදගත් වන්නේ, ඒ කියවීම් තුළින් කිසිදා ජපානයට,චිනයට, මලයාසියාවට හෝ ටිබටයට ගොස් නොමැති කවරකුට වුව. එක් දේශයක් පිළිබඳ චිත්‍රයක්,එවන් රටක මිනිසුන්, ජීවන රටාව, ආහාර පාන, සොබා සුන්දරත්වය පිරි ස්ථාන, අරුම පුදුම ඓතිහාසික වටීනාකමින් යුත් ලෝ ප්‍රකට ලොව පුදුම පිළිබඳ චිත්‍රයක් මවා ගැනීමට ඉඩකඩ සැලසීමයි. දේශාටන වාර්තා රචනය නිර්මාණශීලිත්වයෙන් ගිලිහුණු කල, පාඨක ග්‍රහණයෙන් මිදෙනු වැළැක්විය නොහේ. එහෙත් ඉන්ද්‍රචාපගේ සමීපාරූපාවලියෙහි ඇදී ඇති දේශාටන වාර්තා එක හුස්මට කියවාගෙන යෑමට හැකි ගුණයෙන් සපිරිය.එය ලේඛක සමන් ගේ ලියවිල්ලෙහි අපුර්වත්වයයි. ඉන්ද්‍රචාපගේ සමිපරූපයෙහි සමන් ගේ ලියවිලි ඇ‍ඳෙන්නේ එලෙසයි.

සොඳුරු සැරිසර සක්වල දිගේ ගමන් කරන්නට එන්නැයි. සමන් කළ ඇරයුම සමඟ මලක් වුණේ ඇයි නුඹ මට යනුවෙන් ප්‍රශ්නයක් නගා ති‍බුණේ ඊට පිළිතුරු ද 31 දා සැදෑ යාමයේ එහි රැස් වුවනට සපයමිනි. එය අපුරු ජනගත කිරීමේ කෙටි,චාම්, සුන්දර උත්සවයක් විණැයි ඉන්ද්‍රචාපට සිතිණ. දේශාටකයාගේ භුමිකා අතර නිර්මාණශීලි භුමිකාව සේ සැලකෙන සමන් ආතාවුදහෙට්ටි නම් වු ගේය පද රචකයා විසින් සංග්‍රහ කරන ලද ඔහු පසු ගිය කාලය පුරා ලියු ගී සංකල්පනා ඇතුළත් මලක් වුණේ ඇයි නුඹ මට ගී පද එකතුව සන්දර්ශන ගායනා සහිතව මේ සැඳැවේදී ඉදිරිපත් කෙරුණි.

අගමැතිතුමා ප්‍රමුඛ රසික සද් ජනයාගෙන් පිරී ති‍රී තිබුණු ශාලාවේ පැවැති උත්සවයට පුරකයෙක් නොවී‍ය. දේශනා, කෙටි දෙසුම් සඳහා ඇරයුම් ලැබ සි‍ටියෝම පුරකයෝ වුහ. මහැදුරු සුනිල් ආරියරත්න සොඳුරු සැරිසර මතක අතරට ගොස් එහි කාලීන වටීනාකම පහදා දෙද්‍දී කුලරත්න ආරියවංශ සගයා සමන්ගේ ගීතාවලිය ඔහු‍ගේ අපිරිසිදු නොවු දේශපාලන රාජකාරි භූමිකාව පිළිබඳ කතා කළේ ය. සංගීතවේදිනී කිෂාණි ජයසිංහ ඉංග්‍රිසි බසින් සමන් පිළිබඳව කළ කෙටි ඇගැයුම සිත්ගන්නා සුලු විය. නදීක ගුරුගේ අජීවිව ද අමරසිරි පීරිස් සජීවීව ද සමන්ගේ අපුර්ව, විචිත්‍ර, ගේය කාව්‍ය වු මලක් වුණේ ඇයි නුඹ මට ගායනා කළේය. සමන් ආතාවුද හෙට්ටි සගයා ඔහුගේ ඇරැයුමින් රැස්ව සිටි පිරිසට අපුරු සැඳැවක් තිළිණ කළ බව ඉන්ද්‍රචාපට සිතිණ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.