අයවැය 2018 | සිළුමිණ

අයවැය 2018

 ‘නීල හරිත අයවැයක්. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ යන තේමාව මුල් කරගනිමින් යහපාලන රජයේ තෙවැනි අය-වැය පසුගියදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නීල හරිත ආර්ථිකයක් ඇති කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ඉදිරිපත් වූ මෙවර අය-වැය මඟින් විශේෂ අවධානයක් යොමු වී තිබුණේ සියලු දෙනාටම නිදහසේ ජීවත් විය හැකි පරිසර හිතකාමි වාතාවරණයක් ගොඩනැඟීමේ අරමුණිනි. පරිසරය මුල් කරගත් මේ අය-වැය තුළ ඉදිරීයේදී ඇති විය හැති පාරිසරික තර්ජන මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය තර්ජනද සැලකිල්ලට ගනිමින් වඩාත් යහපත් ආකාරයෙන් ඒවාට පූර්ව-විසඳුම් දුන් අය-වැයක් මෙදා ඉදිරිපත් වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පවා පෙන්වා දෙති. පරිසරය හා ජනතාව වෙනුවෙන් සුබසිද්ධීන් රැසක් ලබා දුන් මෙවර අයවැයේ කැපී-පෙනුණු අංශ මෙසේය.

* 2040 වන විට රටේ සියලු වාහන ඛනිජ තෙල් නොවන බලශක්ති මඟින් ධාවනය වන වාහන බවට පත් කිරීමත් 2025 වන විට රටේ සියලු වාහන දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පත් කිරීමත් මේ නීලහරිත අය-වැයෙන් අපේක්ෂිත ප්‍රධාන කරුණකි.

මේ යටතේ විදුලියෙන් ධාවනය වන හා කාර් සඳහා ආනයනික බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10කින් අඩු වන අතර ඛනිජ ඉන්ධන මඟින් ධාවනය වන අතිසුඛෝපභෝගී මෝටර් රථ සඳහා බද්ද රුපියල් ලක්ෂ 25කින් වැඩි වේ.

පරිසර හිතකාමි විදුලි ත්‍රිරෝද රථ භාවිතය දිරිමත් කරවීම සඳහා ඩිසල් මඟින් ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා වන ආනයනික බදු රුපියල් 50,000කින් ඉහළට දැමෙයි.

කාබන් බද්දක් අය කර, එය පරිසරය ආරක්ෂා කිරීමේ අරමුදලට යොමු කෙරේ.

පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදකයන් අධෛර්යවත් කිරීම සඳහා නිෂ්පාදන බද්දක් ලෙස ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්යකට රුපියල් 10ක මුදලක් අය කෙරේ.

දිරාපත් වන දේ නිෂ්පාදනය කිරීම සඳහා පරිසර හිතකාමි ද්‍රව්‍යවලට යොමු වීම සඳහා රුපියල් මිලියන 75ක මුදලක් වෙන් කෙරේ.

දිරාපත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත වන යන්ත්‍ර-සූත්‍ර සඳහා වූ තීරු බදු අඩු කෙරේ.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම ප්‍රාදේශීය සභාවකටම සුවතා මංතීරු සහිත හරිත උද්‍යාන ඇති කිරීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කෙරේ.

රුපියල් මිලියන 1500ක වියදමින් මාතරට ‘නිල්වලා උද්‍යානයක්’

ගංවතුර පාලනයට විශේෂ වැඩසටහන් රැසක්. මේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 4900ක්

කලපු 10ක් පවිත්‍ර කිරීමට රුපියල් මිලියන 1000ක් හා වෙරළ යථාවත් කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 400ක්

කම්හල් හා කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය ජලමාර්ගලවලට බැහැර කිරීම නතර කිරීම සඳහා ‘පවිත්‍ර ගංගා’ ව්‍යාපෘතියක් හා ‘ඊ-මිතුරු’ යෝජනා ක්‍රමයක්

දෙහිවල සත්ව උද්‍යානයේ ‘කූඩු කළ සතුන්’ සංකල්පය වෙනුවට ‘විවෘත කූඩු’ සංකල්පය හදුන්වා දෙන අතර, එයට රුපියල් මිලියන 75ක්

‘ඇරඹුම’ නමින් ණය යෝජනාක්‍රමයක්

සියලු බැංකු ගනුදෙනුවලදී රු.1000කට ශත 20ක ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක්

ගොවීන් සඳහා දායකත්ව රක්ෂණ යෝජනා ක්‍රමයක්. මේ සඳහා රුපියල් මිලියන 3000ක්

‘වැවක් සහිත ගමක්’ වැඩසටහන

මඩකලපුවට ජලජීවි වගා කාර්මික උද්‍යානයක්

රට තුළ ජංගම කුලුනු සංඛ්‍යාව ඉහළ යෑම නිසා වන සෞඛ්‍ය තර්ජන සැලකිල්ලට ගනිමින් එක් කුලුනක් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 2ක බද්දක්

කාලගුණ දෙපාර්තමේනතුව උසස් මට්ටමකට පත් කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහා පොලී ණය සහිතව ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය’ සකස් කිරීම හා එමඟින් කෘෂි, ධීවර හා කාන්තා දිරි ගැන්වීම් සඳහා ණය ප්‍රදානය

සංචාරක ආකර්ෂණීය ස්ථාන වැඩි කරමින් වැඩි සංචාරක පිරිසක් ගෙන්වීම අපේක්ෂා කරමින් ඒ ක්ෂේත්‍රය සඳහාද පුළුල් ආයෝජනයන් සිදු කිරීම

සුරාබදු බලපත්‍ර ගාස්තු යථාවත් වේ.

මාදුරුඔය හා ගල්ඔය ජාතික උද්‍යාන සෆාරි උද්‍යාන ලෙස වැඩිදියුණු කිරීම

ත්‍රිරෝද රථ රියැදුරන්ට සංචාරක මඟපෙන්වන්නන් වීමේ අවස්ථාව

සංචාරකයන්ට හිතැති ‘ටුක් ටුක්’ හඳුන්වා දීමට රුපියල් මිලියන 50ක්

රැකියා වෙළෙඳපොළ අරමුණු කරගනිමින් ‘රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදලක්’ රුපියල් මිලියන 2500ක වියදමින් ස්ථාපිත කිරීම හා එමඟින් පුහුණු පාඨමාලා ඇති කිරීම එම පුහුණුව තුළ මසකට රුපියල් 350 ක පුහුණු දීමනාවක් ලබා දීම

පළාත් පාලන රාජ්‍ය ආයතන සඳහා ඊ-රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දීම

කින්නියාහි විශ්වවිද්‍යාල කොලීජියක් ඇති කිරීම හා එමඟින්උසස් අධ්‍යාපන පුහුණු අවස්ථා වැඩි කිරීම

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 3500ක්. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයට ගැළපෙන පරිදි විභාග හා ඇගැයීම් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය කෙරේ.

රුපියල් මිලියන 25ක වියදමින් අන්තර්ජාතික ශිෂ්‍ය ඇගැයීම් ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ.

ස්මාට් පන්තිකාමර

සංකල්පය සඳහා රුපියල් මිලියන 755ක් ආයෝජනය කිරීම

විද්‍යා පීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීම

කරාපිටිය රෝහලට මහාචාර්ය ඒකකයක්

තාක්ෂණික විෂයධාරාව ව්‍යාප්ත කිරීම සඳහා නව තාක්ෂණික පීඨ 7ක් හා දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිපීඨයක්

පාසල් සිසුන්ට දුන් ආකාරයේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයත් විශ්වවිද්‍යාල සිසුන්ටත්. මේ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

රුපියල් මිලියන 450ක වියදමින් පොලොන්නරුව, අනුරාධපුරය හා යාපනය යන ප්‍රදේශ වල වකුගඩු ඒකක 3ක් ස්ථාපිත කෙරේ.

ප්‍රජා කීඩා සංකල්පයක්. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක්. රුපියල් මිලියන 300ක වියදමින් දියගම ප්‍රදේශයේ ක්‍රීඩා පාසලක් හා ඇකඩමියක්

කාසල් වීදියේ කාන්තා රෝහලට ප්‍රජනන සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා පොලොන්නරුව රෝහලට මාතෘ හා නව දරු උපත් සංකීර්ණයක්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හා එච්අයිවී (ඒඩ්ස්) සඳහා වෙන් වූ ඒකකයක් ස්ථාපිත කිරීම.

ළමයින් අතර තරබාරුව හා දියවැඩියාව සමනය කිරීමේ අරමුණින් බීම වර්ගවල අඩංගු සීනි ග්‍රෑම් 1ක් සඳහා ශත 50ක බද්දක් අය කිරීම

තත්ත්වය හා ප්‍රමිතිය තහවුරු වන පරිදි ආනයනය කරන ලබන සුවඳ විලවුන් සඳහා නව නීති ගෙන එයි.

මත්පැන් සඳහා ජාතිය ගොඩනැඟීමේ බද්දක් අය කිරීම හා මත්පැන්වල මද්‍ය‍සාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ මිල සූත්‍රයක් මත බදු ව්‍යූහය තීරණය කිරීම

2020 වන විට නිවාස ඒකක 20,000ක් සඳහා රුපියල් බිලියන 17,500ක් වෙන් කෙරේ.

මහජන පුස්තකාලයේ සහාය ඇතිව රුපියල් මිලියන 50ක වියදමින් බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීම

යාපනයට නවීන ආර්ථික මධ්‍යස්ථානයක්

පොලිස් අපරාධ හා යුක්තිය සම්බන්ධයෙන් වන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 125ක්

ශ්‍රව්‍ය-දෘශ්‍ය පටිගත කිරීම් ක්‍රමවේදයක් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 25ක්

නීතිවිරෝධි දුම්වැටි ගෙන්වීම අධෛර්යවත් කිරීමට ආනයනය කරනු ලබන දුම්වැටි හා සුරුට්ටු සඳහා බලපත්‍රයක් පැනවේ.

මොරටුව ප්‍රදේශයට රුපියල් මිලියන 600ක වියදමින් කලා සංස්කෘතික මධ්‍යස්ථානයක්

කලාකරුවන්ට හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්

උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට නිවාස 50,000ක් ඉදි කිරීම

‘අම්මාචිච්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම

පානීය නොවන මද්‍යසාර සඳහා ලීටරයකට රුපියල් 15ක සුරා බද්දක් අය කෙරේ.

කෙටි පණිවිඩ මඟින් කරනු ලබන අලෙවි ප්‍රචාරණ සඳහා එක් පණිවිඩයකට ශත 25ක බද්දක් අය කිරීම

සංහිඳියාව ඇති කිරීමේ යන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම සඳහා ලේකම් කාර්යාලයක්

සුභාෂිණි ජයරත්න
සේයාරුව - තිලක් පෙරේරා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.