“සිතමු” කාන්තා හඬ රටට නව අග­යක් | සිළුමිණ

“සිතමු” කාන්තා හඬ රටට නව අග­යක්

රටේ ජනමාධ්‍ය සුභසාධන වැඩසටහන් ඒ ගුණයට ආමණ්ත්‍රණය කරමින් සමාජයේ කටයුතු කරනු පෙනේ. පිළිකා රෝහලට ආධාර, නව ආරෝග්‍යශාලා සඳහා ආධාර, පන්සල්-පල්ලි සඳහා ආධාර, ගංවතුර-නායෑම්-නියඟය හමුවේ ආධාර එකී නොකී සුභසාධන ව්‍යාපෘති සමාජීය ක්‍රියාකාරකම් නොකරන හුදු ලාභයම පතා කටයුතු කරන මිනිසාගේ වරදකාරී හැඟීම මතු කරවා ගනිමින් මාධ්‍ය සිදුකරන වැඩසටහන්ය.

මෙවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ, එම තත්ත්වය වෙනසකට ලක් කරන්නට රජය විසින් බලමුළු ගන්වමින් තිබෙන “සිතමු කාත්නා ගොවි ජාලය” රටවැසියන්

සතුට වෙත දිශානත වූ ජීවිත රටාවක් වෙනුවෙන් කැප වෙමින් ඇත.

මහා කරුණාවේ විප්ලවය දියත් කළ ගෞතම බුදුන් වහන්සේ “සමාජ විමුක්තිය” වෙනුවෙන් සුවිසල් විශ්වීය දර්ශනයක් ලෝපතල කළහ. ඒ විප්ලවයට හරස්වන සතුරු බලවේගය වනාහී “තණ්හාව” වන බව බුදුන් වහන්සේ මනාව පෙන්වා දුන්හ. ඒ අනුව, අද ධනය හා බලය පසුපස හඹායාමට පමණක් මිනිසා පොළඹවන රාගය, සමාජ අභිවෘද්ධියට ඍජුවම බලපෑම් සහගත වී තිබේ. පුද්ගලයින් භාණ්ඩ හා සේවාවන්වල වහල්භාවයට පමුණුවන, එමඟින් දීන බවට පත් කරවන උපායයන් අද ඉතාමත් සුලභ වී ඇතිවා පමණක් නොව, මනුෂ්‍යා සාමූහික අභිවෘද්ධියට හරස් වන ඕනෑම දෙයක් පුද්ගල අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු කිරීමට පෙළඹී තිබේ.

රජයේ හෝ පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් රටේ තනි තනි මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටින්නට දරන තැත වටා, පුද්ගලයින් රොද බඳින්නේ එහි ඵලයක් වශයෙනි.

සමාජයේ හුදකලා වූ මිනිසුන්ගේ හෙට දවසේ උරුමය වී ඇති තනිකමට ඇති භීතියට මිළක් නියම කර ඒ තනිකමෙහි ඔවුන් සදා ගිල්වා තැබීමට උපායමාර්ගික වැඩපිළිවෙළක් ධනේෂ්වරය සතුව ඇත. “සාමූහිකත්වය” සහ ඒ තුළින් අභිවෘද්ධිය පැතීම පිළිබඳ ආශාව සමාජයෙන් ගිලිහී යාම හෝ ගිලිහීයාම වෙනුවෙන් ක්‍රියාකිරීම නිසා හුදකලාව රජයට මනුෂ්‍ය ජීවිත විසින් දීන සමාජයක් ඇති කර තිබේ.

එවන් තැනෙක, සමාජ යහපත වෙනුවෙන් කටයුතු කිරීම ආගන්තුක වූවකි. එහෙයින්, අද අපට දක්නට ඇත්තේ ජනමාධ්‍ය විසින් සැඟවුනු න්‍යාය පත්‍රයන්ට යටත්ව සැකසුනු සමාජ වැඩදායී ක්‍රියාකාරකම්ය.

අවශේෂ මනුෂ්‍ය වර්ගයාගේ දුක් කම්කටොළු හමුවේ මුනිවත රකින සමාජය, එම මාධ්‍ය සුභසාධන සමාජ ක්‍රියාකාරකම් හමුවේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ හිත සුව පිණිස කටයුතු කරමි’යි යන හැඟීමෙන් යුතුව ආධාර උපකාර කරති. කාලය කැප කරති. උපතින්ම පරාර්ථකාමී ගුණයන්ගෙන් හෙබි මානවයාගේ එකී ගුණය ආර්ථික ක්‍රමයන්ගේ වුවමනාවන්ට අනුව මැඩ පැවැත්වී තිබුණද, ඒ පිළිබඳ යම් වරදකාරී හැඟීමකින් මිනිසා සදා පෙළෙයි.

රටේ ජනමාධ්‍ය සුභසාධන වැඩසටහන් ඒ ගුණයට ආමණ්ත්‍රණය කරමින් සමාජයේ කටයුතු කරනු පෙනේ. පිළිකා රෝහලට ආධාර, නව ආරෝග්‍යශාලා සඳහා ආධාර, පන්සල්-පල්ලි සඳහා ආධාර, ගංවතුර-නායෑම්-නියඟය හමුවේ ආධාර එකී නොකී සුභසාධන ව්‍යාපෘති සමාජීය ක්‍රියාකාරකම් නොකරන හුදු ලාභයම පතා කටයුතු කරන මිනිසාගේ වරදකාරී හැඟීම මතු කරවා ගනිමින් මාධ්‍ය සිදුකරන වැඩසටහන්ය.

මෙවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ, එම තත්ත්වය වෙනසකට ලක් කරන්නට රජය විසින් බලමුළු ගන්වමින් තිබෙන “සිතමු කාත්නා ගොවි ජාලය” රටවැසියන් සතුට වෙත දිශානත වූ ජීවිත රටාවක් වෙනුවෙන් කැප වෙමින් ඇත. එමගින් බලගැන්වෙන ගැහැණුන් විසින් යළිත් සමාජ සාමූහිකත්වය ගොඩනංවන්නට දරන තැත විටෙක ගෝලීය ධනවාදයට එරෙහිව කරනු ලබන අරගලයක් වැන්න.

2018 – 2020 තෙවසරක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ගම් 25,000 ක ශක්තිමත් සිතමු ගොවි කාන්තා සමිති 25,000 ක් ස්ථාපිත කරවා, සිතමු ගොවි කාන්තා සාමාජිකයින් ලක්ෂ පහක්, වස විස නැති ගෙඋයන් ලක්ෂ විසිපහක් තනන්නට සියලු කටයුතු අරඹා තිබේ.

එමඟින් රටේ පවුල් ලක්ෂ විසි පහකට අඩු වියදමකින් වස විස නැති පෝෂ්‍යදායී ආහාර භුක්ති විඳීමේ වරම් හිමවනු ඇත. ඉනික්බිතිව, ප්‍රමිතියෙන් යුතු වස විස නැති කෘෂි නිෂ්පාදන සපයන සුළු ව්‍යාපාර 25,000 ක් සමඟ ශක්තිමත් අලෙවි ජාලයක් ස්ථාපිත වීම සඳහා කටයුතු සිදු කෙරෙනු ඇත. එමෙන්ම, සිතමු ගොවි කාන්තාවන් සඳහා රුපියල් බිලියන 2.5 ක ක්ෂුද්‍ර මූල්‍ය අරමුදලක් ද වෙන් වීමට නියමිතය.

මේ මෙහෙයුම හරහා ඒ කාන්තාවන් මෙහෙයවන්නේ හදවතක් ඇති සමාජයක් තනන්නටය. වෙළඳපල ආර්ථිකය තුළ බහුතරයක් දුප්පතුන්, නොසලකා හැරියවුන් බවට පත්වී තිබීම අපට ආගන්තුක අදහසක් විය නොහැකිය. එදිනෙදා අපට හමුවන්නේ වහ බී දිවි නසාගන්නා ගොවීන්ය. විරැකියාවෙන්, කාංසාමය මනෝභාවයෙන් දිවි නහගන්නා යෞවනයන්ය.

බෝ නොවන රෝගවලට ගොදුරු වී ඒක්තැන් වී දිවි ගෙවන වැඩිහිටියන්ය. මේ තත්ත්වයට පිළියම් කරන්නට සමාජයේ අනෝන්‍ය ආදරය, මිත්‍රශීලීත්වය හා මිනිස් සබඳතා ඔපවත් කරවිය යුතුය. ගෙඋයනක අසිරියට බැඳුණු පවුලේ අගය මෙන්ම සාමූහිකව ජීවත්වීමේ වුවමනාව පෙරදැරි කරගත් සිතිවිලි “සිතමු” ගැහැණිය රටට උගන්වනු ඇත. නැළවිලි ගීයෙන් සමාජයම සුවපත් කළ හැකි ඒ ගැහැණියට, පවුල, ගම, දේශය, රට අතඹුලක් සේ දැක ඒකරාශී කරන්නට “සිතමු” සෞම්‍ය උපකරණයක් වනු ඇත.

නිවැරදි පෝෂණය සහ මානව පැවැත්මට උර දෙන ආහාර සංස්කෘතියකට ජීවය ලබාදීම “සිතමු” ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණයක් වී තිබීම ඊට එක් හේතුවකි. එනම්, රටේ අනාගත පරපුරේ නීරෝගී පැවැත්ම අභියෝගයට ලක් කරමින් අප විසින් දැනට ඔවුනට දායාද කරමින් තිබෙන ආහාර පිළිවෙත නිවැරදි කිරීමේ කඩිනම් ව්‍යායාමයයි. ආහාර සංස්කෘතිය බරපතල ලෙස විකෘතිවීම රෝගී සමාජයක් ඇතිවීමේ පෙරනිමිතිය. “සිතමු” ගොවි කාන්තා ජාලය වැඩිවශයෙන් අවධානය යොමු කර ඇත්තේ මෙකී කාරණයටයි.

ගෙඋයනක බලය හමුවේ පවුලේ ආර්ථිකයට, නිරෝගීභාවයට නියමාර්ථය ලැබෙනු ඇත. ආහාර සහ පෝෂණය සමඟ මනුෂ්‍යයාගේ මානසික හා කායික විමුක්තිය රැඳී පවතී. ෆාස්ට් ෆුඩ් ආහාර සංස්කෘතිය සමඟ රටට පිටතින් ඇතුළු වී ඇති ආහාර ගොන්න මිනිසා ක්ෂණිකව හෝ දිඟු කාලීනව හෝ මාරාන්තික රෝගියකු බවට පත් කරවමින් සිටියි. සාමූහිකත්වය තහවුරු වන ආකාරයටත්, ඒකමුතුකමේ සංකේතයක් ලෙසත් සැකසී තිබුණු “සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය” වෙළඳපළ විවෘතවීම හමුවේ මනුෂය ජීවිතයට සහ පැවැත්මට ඉතාමත් අවාසිදායක ලෙස සංකලනය වී ඇත.

ඊට සාපේක්ෂව, අපේ ගම දැන් අශුද්ධ වූ අවතාරවලින් පිරී ඇත. සොබාදහම හමුවේ හික්මීම නැතිකරගත් ආර්ථික ක්‍රමය හමුවේ සන්දර්ශන පාන්නට යාමනිසා අද සුන්දර රොමැන්තික ගැමිකම ගිලිහී ගොස් ඇත. අඔ - දඹ බෝවිටියා පලු වීර ගස් මැදින් - ඈත වැව් කෙලවර දක්වා පෙනෙන නිල්වන් කෙත් යායෙන් - රෑ තිස්සේ හේන් කුඹුරු යායෙන් ඇහෙන කවි සීපද අතරින් - එළිවෙන පාන්දර පන්සලේ ඝන්ටා නාදයට මුසු වී ඇසෙන කුරුළු ගී හඬ දැන් ආගන්තුක වෙමින් නොතිබෙන්නේද? ඒ වෙනුවට ගේ පිළේ වකුගඩු අකර්මන්‍ය වී හතිලන ගොවියාට යාව දණ බිම ඇන ගත් ගොවිලිය නඟන ඉකිබිඳුම් ආගන්තුක නැත. නීරෝගී ජාතියක් තැනීමේ පළමු පියවර වස විස පොළවට යෙදීමට තිත තැබීමය. “සිතමු” ඒ වෙනුවෙන් කැපවීම යනු කාලීන වූ ජාතිය යුතුකමකි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.